අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
ප්‍රදේශයේ බොහෝ දෙනකු එහි ගොඩ වූයේ උණු උණුවේ ආප්පයක් කෑමටය. අලෙවියට තිබූ සාමාන්‍ය ආප්පයක් රුපියල් තිහකි. බිත්තර ආප්පයක් 120 කි. ඇතැම් විට 150 කි.
වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 30කට තිබියදී බිත්තර ආප්පයක් රුපියල් 120-150 ට අලෙවි කිරීම පිළිබඳ පාරිභෝගිකයන් තුළ පැවැතියේ නුරුස්නා ගතියකි.
වෙළෙඳසල් හිමියන්ගේ ගණන් බැස්සවීමට සිතූ තරුණ පිරිසක් පසුගියදා බිත්තර මල්ලක්ද රැගෙන වෙළෙඳ සලට ගොඩ වූයේ අඩු මිලට බිත්තර ආප්ප කන හැටි පෙන්වමි යැයි එකිනෙකාට පවසා ගනිමිනි.
‘‘මුදලාලිගේ ආප්පයක් රුපියල් තිහයි. ඔන්න අපි බිත්තර ගෙනාවා. බිත්තරේ ගානේ ආප්පෙකට දාලා ආප්ප දහයක් අපිට දෙන්න. තරුණ පිරිස උජාරුවෙන් වෙළෙඳසල ඉදිරිපිට බංකුවේ වාඩි ගත්තේ බිත්තර ආප්ප පිලිස්සෙන තුරුය.
මල්ලිල වැඬේනම් හොඳයි. හැබැයි නිකං ආප්පයක් තිහට දුන්නට බිත්තර ආප්පයක් බිත්තරේ ගාන එකතු කරලා 60 දෙන්න මට මොළේ අමාරුවක් නැහැ. ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ලූනු කෑලි මිරිස් දාන්න ඕනි. වැඩිවෙලාවක් පුච්චන්න ගෑස් ඕනි. ඒ ටික ගෙනත් දෙන්නේ මල්ලිලාගේ ගෙදරින්ද? ඕන්නම් ආප්ප දෙන්නම් ඒකට බිත්තරයක් දාගෙන කන්න යැයි වෙළදසල් හිමියා පවසද්දී බිත්තර මල්ලත් රැගෙන තරුණ පිරිස පල්ලම් බැස්සේ තවත් එහි සිටියහොත් වෙළඳසල් හිමියා තමුන්ගේ රෙදිත් ගලවන බව දන්නා නිසාවෙනි.
වියලුව වාර්තාකරු
කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල
අලෙවි කිරීමට තිබූ බෝංචි කරලක් කාපු නිසා තරුණයන් දෙදෙනකුට රුපියල් විස්සක් වෙළෙන්දාට දීමට සිදු වූ පුවතක් හාලිඇළ නගරයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු
වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙය
පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලුම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලුම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු
අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන