IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආරක්ෂක නිලධාරියාගේ විහිළුවෙන් ඇසුත් රතුවෙලා

එම ආයතනට තට්ටු පහකින් යුක්ත වූ අතර එහි විදුලි සොපානයක් සවිකර තිබිණි. එය ඉතා පැරණි විදුලි සෝපානයකි. බොහෝ දුරට එහි රැුගෙන ගියේ බඩු බාහිරාදියය. තරුණ නිලධාරින් එහි ගමන් කිරීමට බියක් නොදැක්වුවත් කාන්තාවෝ එහි යෑමට බියක් දැක් වූහ.

මෙම ආයතනයේ සේවය කරන තරුණ ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහුගේ විනෝදාංශය වූයේ ආයතනයේ නිවාඩු දිනවල එහි සේවය කරන ආරක්‍ෂක නිලධාරින් සෝපානය තුළ සිර කිරීමය. ඔහු එය කළේ ආරක්‍ෂක නිලධාරියෙක් විදුලි සෝපානයට නැගුණු විට විදුලිය විසන්ධි කිරීමෙනි.

එය පැරණි විදුලි සෝපානයක් නිසා විදුලිය විසන්ධි කළ විට එහි දොර වැසී විදුලි පහන් ද නිවී යයි. ඇතුළේ සිටින අයහට හුස්ම ගැනීමට පවා අපහසු වේ.
දිනක් ආයතනයේ සේවයට පැමිණි නවක ආරක්‍ෂක නිලධාරියකු සෝපානය තුළ සිටින විට පෙරකී ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානය ක‍්‍රියා විරහිත කළෙන් ඇතුළේ සිටි ආරක්‍ෂක නිලධාරියා බියෙන් කෑ ගසන්නට විය. විනාඩි දෙකකින් විදුලි සෝපානය විවෘත විය. කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා පැවසුවේ විදුලිය විසන්ධි වී නැවත පැමිණි බවකි. නවක ආරක්‍ෂක නිලධාරියා කෙසේ හෝ සිදුවීම දැනගෙන කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානයට ගොඩ වූ වේලාවක් බලා එය ක‍්‍රියා විරහිත කළේය. විනාඩි පහකින් සෝපානය විවෘත කළ විට දැක ගන්නට ලැබුණේ ආරක්‍ෂක නිලධාරියා සිහිසුන්ව වැටී සිටින අයුරුය. සිහිගැන් වූ පසු කිසිම දවසක එවැනි විහිළුවක් කිසිම අයෙකුට කිරීමට පෙරකී ආරක්‍ෂක නිලධාරියා පෙළඹුණේ නැත. මෙය කොළඹින් වාර්තා විය.



අදහස් (0)

ආරක්ෂක නිලධාරියාගේ විහිළුවෙන් ඇසුත් රතුවෙලා

රන්ජන් Monday, 10 November 2014 01:19 PM

වඳුරන්ට දැලිපිහි ලැබිලා වගෙයිනේ! (නි)

:       0       0

චින්තක Monday, 10 November 2014 07:29 AM

ඇත්තටම මමත් විදේශ රටකදී සෝපානයක සිරවෙලා තියෙනවා මේවා විහිළු නොවේ . එහෙම දෙයකට මුහුණ දුන්කෙනා දන්නවා එහි තිබෙන භයානකකම.(හේ)

:       0       0

සුගුනවති Monday, 10 November 2014 10:50 PM

රන්ජන්ගේ කතාව නම් මම පිළිගන්නවා (නි)

:       0       0

කටුගස්තොට අග්ගදස්සි හිමි Monday, 10 November 2014 08:03 AM

විනාඩි පහකට පසුව විවෘත කරපු නිසා ඔතනින් ගියා විහිලුව විනෝදය තිබිය යුතුයි ්ත් මෙවැනි ක්‍රියාකාරකම් තුළින් නොවේ (බ)

:       0       0

සෑම් Monday, 10 November 2014 08:11 AM

ගයන්, මේ වගේම කබල් ලිෆ්ට් එකක් ඉස්සර තේ පාලන දෙපාර්තමේන්තුවේ තිබුනා. මට මතක හැටියට යුනියන් ප්ලේස් හෝ ඩාලි පාරේ තමා ඒ කාර්යාලය තිබුනේ. ලිෆ්ට් එකේ ඉස්සරහා දොරට තිබුනේ කම්බි වලින් සැදූ අකුළන දොරක්. දැල් දොර වැහුවට එළියේ තියන දේවල් පේනවා. ලිෆ්ට් එකේ යන්න බය අයට යන්න තිබුන ලෑලි පඩිපෙළ ඊට හපන්. අයිල කරත්තයක්. (බ)

:       0       0

පද්මේන් Monday, 10 November 2014 08:25 AM

අපේ පුතාගේ කතන්දර පොත්වලත් ඔය වගේ කතා තියනවා. (බ)

:       0       0

වරුණ Monday, 10 November 2014 08:29 AM

ගයාන් යන්න බොරැල්ලේ තියෙන රජයේ මුද්‍රණාලයට අන්න ඒකෙ තියෙනවා ඇන්ටික් ලිෆ්ට් එකක් ඕන තරම් වෙලා ගිහින් බලා ඉන්න (බ)

:       0       0

අතුල Monday, 10 November 2014 08:48 AM

ඉස්සර කොටුව චාර්ගිල්ස් එකේ දැල් දොර තියන ලිෆ්ට් තිබුන. ඉස්පිරිතාලේ පරණ ගොඩනැගිලි වල එවැනි ලිෆ්ට් තම තියනවා. මර්චන්ට් වර්ඩ් එකේ දැවයෙන් හදපු අතින් ක්‍රියාකරන ලිෆ්ට් එකක් තියනවා. (බ)

:       0       0

වර්නන් Tuesday, 11 November 2014 11:15 AM

පැරණි විදුලි සෝපාන වල දැල් වැනි දොරවල් තිබුන නිසා හුස්ම ගැනීමට අපහසු විය නොහැක. එම හේතුව නිසා සිහිසුන් විය නොහැක. (බ)

:       0       0

ජයලත් Wednesday, 12 November 2014 06:44 AM

මිනිස්සුන්ගේ ජිවතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

සමන් Tuesday, 11 November 2014 04:37 AM

මෙයාලට නම් පිස්සු ට්‍රිබල් , නැත්නම් ලිෆ්ට් එකෙක් සෙල්ලම් කර කර ඉදීද ? (අ)

:       0       0

ගයන් Monday, 10 November 2014 05:24 AM

පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේ වගේ පරණ ලිෆ්ට් එකක් කොළඹ කොහෙද තියෙන්නේ කියල. එත්තටම බලන්න ඇසි. ඒවගේම ඕක දන්නවනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරන්න කියයි, පාවිච්චියට නොගෙන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 309 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 347 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 606 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 639 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 908 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site