කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පෙරහරේ සධාතුක කරඬුව නැකතට හස්තියාගේ පිට උඩ තැබීම සඳහා ආරාධනා කළ තැනැත්තා ඒ සඳහා කැඳවාගෙන ඒමට පෙරහරින් පොලීසියට යාමට සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
පෙරහරේ මංගල හස්තියාගේ පිට උඩ කරඬුව තැන්පත් කිරීමට සෑම වර්ෂයකම කෙනෙකුට ආරාධනා කරන්නේය. මෙවර ආරාධනා ලැබූවේ ඔහුය. හස්තියාගේ පිට උඩ කරඬුව තැන්පත් කෙරුණේ නැකතටය.
හස්තියාගේ පිට උඩ සධාතුක කරඬුව තැබීමේ නැකත ළං ළං වෙමින් තිබිණ. එහෙත් ඒ සඳහා ආරාධනා ලැබූ ආරාධිතයා තවමත් පැමිණ නැත. පෙරහරේ සංවිධායකයෝ කලබල වූහ. සධාතුක කරඬුව තැන්පත් කිරීමට ආරාධනා ලැබූ ආරාධිතයාගේ පැමිණීම පමාවීම ගැන සංවිධායකයෝ සොයා බැලූහ.
දැනගත් විදිහට ඔහු පොලීසියේය. ඔහුට ඒ සඳහා එන ලෙස සංවිධායකයෝ දුරකතන ඇමතුම් මගින් දැනුම් දුන්හ. පොලීසියෙන් එන්න නොදෙන බව සංවිධායකයන්ට දැන ගන්නට ලැබිණ. ඒ සමගම සධාතුක කරඬුව නැකතට හස්තියාගේ පිට මත තබා ගැනීමට ඔහු අනිවාර්යයෙන්ම අවශ්‍යය. ඒ නිසාම පෙරහරේ සංවිධායකයෝ පෙරහරින් ඔහු රැගෙන ඒමට ගියහ.
පොලිස් ස්ථානාධිපතිට සංවිධායකයින් පෙරහරේ අවශ්‍යතාව ගැන කීහ. ඔහුට ඇප ලබාදිය නොහැකි බව ස්ථානාධිපතිවරයා සංවිධායකයන්ට දැනුම් දුන්නේය. එවිට කට්ටියටම තරු පෙනෙන්නට වූහ. පොලිස් ස්ථානාධිපතිවරයාට ඔවුහු නොවඳිනා වැඳුම් වැන්දේ පෙරහරේ අවශ්‍යතාවය කියා පාමිනි.
අවශ්‍යතාව තේරුම්ගත් ස්ථානාධිපතිවරයා බීමතින්, රියදුරු හා ආදායම් බලපත් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාවට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පොලිස් ඇප මත මුදා හැරියේ පෙරහරේ සධාතුක කරඬුව හස්තියාගේ පිට උඩ තබා තමාට එරෙහිව ගොනු කොට ඇති චෝදනා තුන සඳහා අධිකරණයේ පනවන නඩුවට පෙනී සිටීමට එන ලෙස දන්වමින් දින නියම කරමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇතා පිට කරඬුව තියන්න පෙරහර පිටින්ම පොලිසි ගිහින්
මංගල Monday, 21 August 2023 01:24 PM
බීමතින්? එහෙම මිනිහෙකුට කරඬුව අතට දෙන්නේ කොහොමද? මම ස්ථානාධිපති නම් කොහොමවත් ඇප දෙන්නේ නෑ. අනික මේ සංවිධායකයින් කොහොමද මේ වගේ නීතියකට ගරු නොකරන කිලිටි පුද්ගලයෙකුට කරඬුව අල්ලන්න දුන්නේ... මේක නම් දෙයියෝ සාක්කි කතාවක්ම තමයි.