(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
වැලේ වනා තිබූ රෙදි කලකට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් නිමිත්තක් බැලූ ගෙහිමි කතට රෙදි භූතයකු විසින් රැගෙන යන බව දන්වා ඇතත් පසුව නියම සොරා අසුවීමේ සිද්ධියක් රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
රඹුක්කන ප්‍රදේශයේ නිවෙසක පදිංචිකරුවන්ගේ සෝදන ඇඳුම් කලක සිට නිවෙසින් පිටත වැලක් බැඳ වියළීමට දමන බව වාර්තා වේ.
මෙම ඇඳුම් කලක සිට අතුරුදන්වීම සම්බන්ධයෙන් ගෙහිමියා ඇතුළු සියලු දෙනා සෝදිසි කළද කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.
පසුව නිවැසියන් ඉකුත් දිනක ඇඳුම් අතුරුදන් වීම සම්බන්ධයෙන් නිවසේදී සාකච්ඡාවක් ද පවත්වා තිබුණි. එම සාකච්ජාවේදී අවසන් තීරණය වී ඇත්තේ කිලෝමීටර් ගණනාවකින් ඈතින් පදිංචිව සිටින වසර ගණනාවක සිට ප්‍රචලිත නිමිති බලන්නකු වෙත යාමටය.
පසුව ගෙහිමි කත ඉකුත් දිනක අලුයම නිමිති බලන්නාගේ නිවෙසට ගොස් රුපියල් පන්සියයක් තබා නිමිත්තක් බලා තිබිණි. එම නිමිත්තෙන් කියැවී ඇත්තේ නිවසේ සිට මිය ගිය පුද්ගලයකු භූතයෙකු ලෙසින් නිවෙසට පැමිණ නිවස පිටත හා ඇතුළත ඇති රෙදි රැගෙන යන බවත් ඊට යාගයක් කළ යුතු බවත්ය.
පසුව යාගයක් සිදු කිරීමට අවශ්‍ය බඩු බාහිරාදිය කොළ කැබැල්ලක සටහන් කර දී තිබුණු අතර මේ සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කරන බවත් කාන්තාවට දන්වා තිබුණි.
කාන්තාව යාගයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන නිවෙසට පැමිණ ඇති අතර නිවසේ සිදු කරන යාගය සම්බන්ධයෙන් අසල්වැසි නිවසක පදිංචි හිතවත් කාන්තාවටද දන්වා තිබුණි.
අසල්වැසි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ කලක සිට අපේ ගෙදර ඉන්න බල්ලා කොහෙන් හරි ඇඳුම් රැගෙන එන බවත් එම ඇඳුම් නිවසේ පැත්තක ගොඩ ගසා ඇති බවත්ය. අල්ලපු ගෙදර කාන්තාව එම නිවෙසට ගොස් මේ පිළිබඳව සොයා බලද්දී නිවසින් අතුරුදන්ව තිබු ඇඳුම් සියල්ල නිවසේ තිබියදී සොයා ගැණින. එම ඇඳුම් සියල්ල බල්ලා විසින් ඉරා විනාශ කර තිබූ අතර එකක්වත් ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබිණි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඳුම් ඉස්සූ ‘භූතයා’ අන්තිමේ නියම බල්ලෙක් වෙලා