IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


ඇඳුම මාරු වී රෙදි ගැලවිලා


කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



කලබලය හා වෙරිමත නිසා තම ඇඳුම මාරුවී සභාවක් ඉදිරියේ ලජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණු පළාතේ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටි ප්‍රධාන ආයතනයක ප්‍රධානියාගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය සඳහා ඔහු තම ආයතනනයේ සියලු‍ දෙනාටම ආරාධනා කළේය. ඔහුගේ නිවසද නගරය සමීපයෙහි පිහිටා තිබූ බැවින් බොහෝ දෙනකු එහි පැමිණියේ යතුරුපැදි වලිනි.
නිවසට පැමිණි තම කාර්ය මණ්ඩලය සතුටින් පිළිගත් ඔහු සංග්‍රහ කටයුතු සිදු කරන්නට විය. ඒ අනුව පිරිමි පාර්ශවය නිවසේ පිටුපස පිහිටි කාමරයක් වෙත කැඳවන ලද්දේ ඔවුන්ට විශේෂ සංග්‍රහයක් කිරීම සඳහා ය. මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය නිසාවෙන් බොහෝ දෙනෙක් තම තමන් පැලඳ සිටි ජැකට් සහ කෝට් ගලවා එහි තිබූ ඇඳුම් රඳවනයේ එල්ලා තබා සංහ්‍රහය භුක්ති විඳින්නට වූහ. මධුවිතෙන් සප්පායම් වූ පිරිස දහවල් ආහාරයද ගෙන නටමින්, ගී ගයමින් විනෝද වූහ.
මංගල සභාවේ කටයුතු ඇරඹීමත් සමඟ බොහෝ දෙනෙක් පතිකුලයට පිවිසි නව යුවළට සුභාශිංෂණ එක් කරන්නට වූහ. ඒ අතරතුර මංගල සභාව මෙහෙයවමින් සිටි තැනැත්තා කාර්යාලයෙන් පැමිණි පිරිසෙන් එක් අයකුට මංගල සභාව අමතන ලෙස පවසා පසුව එක් පුද්ගලයකුගේ නම ප්‍රකාශ කළේය. තම නම ඇසෙත්ම කලබලයට පත්වූ එම පුද්ගලයා කාමරයට දිවගොස් රඳවනයේ එල්ලා තිබූ තම කෝට් එක පැලඳ ගනිමින්ම මංගල සභාවට පිවිස තම කතාව ආරම්භ කළේය. සුළු වේලාවක් යත්ම උත්සව සභාවේ සිටි සමහර දෙනකු ඔහු දෙස විමතියෙන් බලා සිටින්නට වූ අතර, කිහිපදෙනෙක් සිනාමුසුව එකිනෙකා සමඟ මුමුණන්නට වූහ. තම කථාවේ රසවත් බව නිසා පිරිස මෙලෙස හැසිරෙනු ඇතැයි සිතූ මොහුද සිනාසෙමින් උස් හඩින් කතාව දිගටම කරගෙන යන්නට විය.
මේ අවස්ථාවේ ඔහුගේ යහළුවකු පැමිණ කනට කර යමක් පවසා යන්නට විය. එසැණින් කලබලයට පත් වූ මොහු තම කෝට් එක වෙත නෙත් යොමු කරත් ම තමා ජැකට්ටුවක් ඇඳසිටි බව දැක තරු පෙනිණි. මහත් ලැජ්ජාවට පත් වූ මොහු ඉක්මනින් කතාව අවසන් කර මංගල සභාවෙන් ඉවත් වන විට මෙතෙක් පැවති වෙරි මතද හිදී ගොස් තිබිණි.

 



අදහස් (1)

ඇඳුම මාරු වී රෙදි ගැලවිලා

Lalla Thursday, 27 February 2025 09:35 AM

බේබද්දෙකුට මංගල සභාව අමතන්න දුන්න එවුන්ට ගහන්න ඕන නැතිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ළමයින්ගේ කට වහන්න ගිහින් ටීචර්ගේ කට වැහිලා
2025 පෙබරවාරි මස 28 330 0

මේ පුවත වාර්තා වෙන්නේ කඳුකර ප්‍රදේශයේ ප්‍රාථමික දරුවන් ඉගෙන ගන්නා කුඩා පාසලකින්ය. මේ පාසලේ ඉගෙන ගන්නා සියලු‍ම දරුවන්ට ආහාර වේලක් ලබා දෙන අතර එය ලබා දෙ


ඔළුව උදුම්මාගන්න ගිහින් නෝන්ඩි වෙලා
2025 පෙබරවාරි මස 27 658 0

සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස් එම ආයතනයේම


සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන
2025 පෙබරවාරි මස 26 738 0

මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


ඇඳුම මාරු වී රෙදි ගැලවිලා
2025 පෙබරවාරි මස 25 1018 1

කලබලය හා වෙරිමත නිසා තම ඇඳුම මාරුවී සභාවක් ඉදිරියේ ලජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා
2025 පෙබරවාරි මස 24 957 0

හොරාගේ ගණ දෙවි නුවණින් ගෙහිමි කතට දවල් තරු පෙණුනු කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.


රාජකාරිය ලොක්කාට අහු වී තරු පෙනිලා
2025 පෙබරවාරි මස 21 1542 3

කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 44 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 343 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 480 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site