මේ අඹු සැමි යුවළ ගැන වාර්තාවෙන්නේ ඇතුගල් පුරයෙන් දෙදෙනාම ඉතාම සමගියෙන් සිටියත් දරුවන් නැත. ඒ අඩුපාඩුව හුඟක්ම දැනුණෙන් බිරිඳටයි. වත්තක මුර වැඩට යන සැමියා රෑට නැති නිසා ඇයගේ පාළුව තනිකම නැති කර සතුට ලබාදීමට නිවසට මඳක් ඈතින් සිටින තනිකඩ පුද්ගලයෙක් සූදානම් වූයේය.
රෑට රෑට මේ ගෙදරට රිංගන මොහුගේ වැඩේ මුරකරුට අල්ලා ගැනීමට බැරි විය.
උදැසන නිවසට එන ඔහුට බිරිඳගෙන් අඩුපාඩුවක් කන්දොස්කිරියාවක් වූයේද නැත. ඔහු දිනක් ආහාර ගනිමින් සිටියදී දක්නට ලැබුණේ ඇඳ මත බැනියමකි. මේක නම් මගෙ එකක් නොවෙයි. මම වැඩිය බැනියම් අඳින්නෙත් නෑ’ එසේ සිතූ ඔහු බිරිඳගෙන් මේ ගැන විමසුවේය.
මේක ඔයාගෙ පරණ බැනියමක්නෙ. මම අර කබඩ්එක ඇතුළෙ තිබිල එළියට දැම්මා’’
ඇයගේ පිළිතුරෙන් හිත හදාගත් ඔහු ආහාර ගැනීම අවසන් කළේය. බිරිඳගේ දුරකතනයට ඇමතුමක් ආවේ මේ අතරය. කුස්සියේ සිටි ඇයගේ වචන ඔහුට ඇසුණි.
‘‘බැනියම අපේ මනුස්සයට අහුවුණා අනේ. යන්තම් ඒක මම ෂේප් කර ගත්ත. මායම් දන්න නිසා හොඳයි. රෑ වැඩට ගිහින් දැන් ඔන්න නිදි’’
මේ වදන් ඇසෙනවාත් සමගම දුවගෙන ආ සැමියා මම අහගෙනයි හිටියෙ උඹේ තරම මම නිදි කියල නේද හිතුවෙ මම දන්නව බං උඹට වැඩිය මායම් ඕකව මම අල්ල ගන්නව. ආයෙ මේ පැත්තෙ නොඑන්න වැඩේ කරන්නම් කියා බැනියමද අතට ගෙන තහනම් ගහේ ගෙඩි කෑ අය සොයා ගියේ දුරකතන සංවාදය අනුවය.
මව සහ පියා සමග ගෙදර සිටි ඔහු සොයා ගොඩ වැදුනේ අකුණ ගසන්නා ලෙසිනි. පුතාගේ වැඩේට මව් පිය දෙපලද ලැජ්ජාවට පත් වූ අතර ඔහු ඉන්පසුව ඒ පැත්ත පළාතේ පස් පෑගුවේ නැත. ඉන් පසුව සැමියා තම බිරිඳගේ තනිකම පාළුව නැති කරන්නට වග බලාගත්තේය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඳ උඩ බැනියමෙන් හොරේ අහුවෙලා