කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය.
මෙහිදී මියගිය අයගේ වැඩිමහල් පුත්‍රයා වූ මෙම කතා නායකයා ප්‍රදේශයේ ඇති අවමංගල්‍ය ශාලාවක සහාය පැතුවේ මියගිය පියාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පෙට්ටිය ඇතුළු අනෙක් දෑ සපයා ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින ප්‍රභූවරයෙකුගේ පිහිටෙනි. මෙහිදී එකී ප්‍රභූවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් ඇපවන බවක් පමණකි.
මේ අතරතුර අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පෙට්ටිය ඇතුළු සියලුම කළමනා මෙම පවුල වෙත ලබාදුන්නේ පෙරකී ප්‍රභූවරයාගේ ඇපවීම මත ණය පදනම මතය.
මෙම පුද්ගලයාගේ පියාණන්ගේ අවසන් කටයුතු ද අවසන් විය. දැන් අවමංගල්‍ය සංවිධායකවරුන්ට මෙම අවමංගල්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් තමන් වෙත අයවිය යුතු වූ මුදල ගැන හා හූවක් නැත. දිනක් මේ සම්බන්ධයෙන් විමසීමට අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා පෙරකී තැනැත්තාගේ නිවසට ගියේය. පසුව එම කළමනාකාරවරයා පවසා ඇත්තේ මෙම ප්‍රසිද්ධ චරිතයේ පියාගේ අවසන් කටයුතු සංවිධානය වෙනුවෙන් තම ආයතනයට මෙතරම් මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල අයකර ගැනීම සඳහා තමා පැමිණි බවත්ය.
ගතවූයේ නිමේෂයකි. මෙම ප්‍රසිද්ධ චරිතය මේ අවස්ථාවේදී අදාළ අවමංගල්‍ය ආයතනයේ කළමනාකරුට පවසා ඇත්තේ මෙම කාර්යය වෙනුවෙන් ඇපවූ පුද්ගලයා එම මුදල සම්බන්ධයෙන් බලාගන්නා බවයි. ඒ අවස්ථාවේ දී අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා වහාම අදාළ මෙම කටයුත්ත සඳහා ඇපවූ ප්‍රභූවරයා වෙත තම දුරකතනයෙන් ඇමතුමක් ගෙන මෙම කාරණාව ඔහුට සැල කළේය.
එවිට මෙකී ප්‍රභුවරයාට අන්දුන් කුන්දුන් විය. තමා කළේ උපකාරයක් මිස අනුන්ගේ ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක කළමනා වෙනුවෙන් වැයවූ බිල ගෙවීමට තමාට රුදාවක් නොමැති බවත් මෙම ප්‍රභූවරයා අරකී ප්‍රසිද්ධ චරිතයට මේ අවස්ථාවේදී දුරකතනය මගින් දන්වා තිබේ.
කාටත් දුකකදී වුවද පිහිටට එන මෙකි ප්‍රභූවරයා මෙම සිද්ධියෙන් පසු කිසිම කෙනෙකුට උදව් කිරීමට සූදානම් නොවූ අතර මෙම ප්‍රභූවරයා තම බිරිඳට සහ කිට්ටුවර හිතවතුන්ට පවසා ඇත්තේ තමන් විසින් ණය සහනය මත මෙම කටයුත්ත සිදුකර ගැනීමට ලබාදුන් ඇප පොරොන්දුව මත අදාළ ප්‍රසිද්ධ චරිතය තමන්ගේ කනෙන් රිංගන්නට සූදානම් වූ බවයි. අනේ කාලේ වනේ වාසේ යැයි කියමින් හෙතෙම දැන් කල් ගත කරන බව ද පැවසේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇප වෙලා අලි අමාරුවක වැටිලා