IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඇස් කණ්ණාඩිය හොරයක් එළිකරලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
උපැස් යුවළක් හේතුවෙන් අනියම් බිරියගේ නිවසට ගොඩවැදුණු බව සිය බිරියට හෙළිවූ බව කියැවෙන පුවතකි මේ. වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි. 


එම පුවත සැකවින් මෙසේයි. 


අවුරුදු 65 පමණ වයසැති එක්දරු පියෙකු වූ ඔහු සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. වෙළඳසැළ පවත්වාගෙන යන්නේ නිවස අසලමය. නිවසේ සිටියේ බිරිය හා ඔහු පමණි. 


සිය සැමියා ගමේ ජීවත්වන රූමත් වැන්දඹු කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන බවට තොරතුරක් සති කිහිපයකට පෙර මුදලාලිගේ බිරියට පැවසුවේ ගමේ සිටින ඇගේ මිතුරියකි. එය කන වැටුණුදා සිට ඇය කල් ගත කළේ සිය සැමියා පිළිබඳව මහත් විමසිල්ලකිනි. මේ ගැන ඔහුගෙන් විමසුවද ඔහු පැවසුවේ ඔවුන්ගේ දියුණුවට ඉරිසියාවෙන් ගමේ අය මෙවැනි කටයුතු පතුරුවන බවකි. 
පසුගිය දිනක දහවල් ඔහු සිය බිරියට වෙළඳසැලට එන ලෙසද පවසා නිවසින් පිටවූයේ චෙක්පත් කිහිපයකට මුදල් දැමීම සඳහා බැංකුවට යාමට ඇති බව කියමිනි.


ඔහු නිවසින් පිටත්ව ගොස් පැයකට පමණ පසු කුඩා දරුවෙක් වෙළඳසැල වෙත පැමිණියේ කිසියම් දෙයක් අතැතිවය. 


‘‘පුතා මොනවාද ඕනෑ’’ මුදලාලි බිරිය විමසුවාය.


‘‘මට මොකුත් ගන්න ඕනෑ නෑ. අද දවල් මුදලාලි මාමා බයික් එකේ ...... නැන්දලාගේ ගෙදර ඉඳන් එද්දී එයාගේ ගේ ඉස්සරහ පාරේදී ඇස් කණ්ණාඩි කුට්ටම වැටුණා. මම ආච්චිලාගේ ගෙදර යන ගමන් හිටියේ. මම ඒක අහුලා ගත්තා. මුදලාලි මාමාට ඒක දෙන්න.’’


දරුවා පිටත්ව ගොස් ටික වේලාවකින් මුදලාලි පැමිණි අතර ඔහු බිරිඳට පැවසුවේ බැංකුවේ විශාල සෙනඟක් සිටි නිසා ප්‍රමාද වූ බවකි. 
‘‘අද සඳුදා නිසා බැංකුවේ හුඟක් සෙනඟ. බැංකුව ඇතුළට ගන්නේ හතර දෙනා ගානේ. හරි වැඩේ මගේ කණ්ණාඩි කුට්ටම කොහෙද වැටිලා. බැංකුවට ගිහිල්ලා බලනකොට ඒක නෑ.’’


‘‘ආ ඇත්තද? ඒක අර ගෑණිගේ ගෙදර ඉස්සරහ වැටිලා තිබිලා ළමයෙක් ගෙනත් දුන්නා. බැංකුවට යන්න ඉස්සර වෙලා, එහාටත් ගිහිල්ලා යන්න ඇතිනේ. මම දුවට කෝල් එකක් දුන්නා. මම අදම එහේ යනවා.’’


මුදලාලිට තරු විසිවී දාඩිය දැම්මේ එය ඇසීමෙනි. මුදලාලි කිසිවක් නොකියාම සිය කාමරයට ගියේ තමා ගිය හොර ගමන බිරිඳට අතේ මාට්ටුවී ඇති බව දැනගත් නිසාය.



අදහස් (0)

ඇස් කණ්ණාඩිය හොරයක් එළිකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 366 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 465 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 619 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 631 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 712 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 696 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site