IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත 



සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ආයතනයකින් කළ අවුරුදු උත්සවයකි. සංවිධානය එහි සුභ සාධක සංගමයෙනි. ඊට බැර පැනත් එම සංගමයෙනි. සේවකයන්ට පමණක් විවෘත වූවකි. ක්‍රීඩා අංග රැසකි. කොට්ටා පොරය, සතය සෙවීම, වාසනා මුට්ටිය බිඳිම, කඹ ඇඳීම ඒ අතරය. සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් නිවේදකයා විටින් විට කීවේ මේ අතරය.
සැඟවුණු අමුත්තා ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අබියස සිටින බව වරක් කීවේය. තවත් වරක් කීවේ කොට්ටා පොරය ක්‍රියාත්මක වන තැන සිටිනා බවය. සැඟවුණු අමුත්තා ඇඳ සිටි ඇඳුමක් සහ එහි පාට ගැනද නිවේදකයාගේ තිරිංග නැති කටින් කිහිපවරක්ම පැන්නේය. ඒ සමගම සේවක, සේවිකාවෝ එම පාට ඇඳුම ඇඳසිටින සැඟවුණු අමුත්තා සෙවීමට පටන් ගත්හ.


සේවකයෝ අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි පිරිමි අයගේ ඉණ අතගාමින් මොකක්දෝ සෙවූහ. ගැහැනු අයවලු‍න් ළඟට ගොස් කනට කොඳුරා මොකක්දෝ ඇසූහ. මේ වැඩෙන් එතැනට ආ සමහර කාන්තාවෝ හා පිරිමි නොරිස්සුවෝය.
එයට සිනාසී මරු වැඩක් යැයි කී අයද නොසිටියාම නොවේ. වැඩේ දැන් හොඳටම පත්තුවෙමින් ගියේය. ඇතමුන් තමාගේ ඉණ අතගාන්න එන අයගෙන් බේරීමට සැඟවුණාහ. කාන්තාවෝද තමන්ගේ කනට කොඳුරා අහන දෙයින් බේරීම සඳහා සැඟවී සිටීමට උත්සාහ කළහ.
සැඟවූණු අමුත්තා සෙවීමේ ජරමරය පිළිබඳව නිවේදකයාගේ කනටද ගියේය. මෙයින් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි අය පත්ව ඇති අපහසුතාව ගැනද ඔහුට සැලවිය. ඉන් අනතුරුව නිවේදකයා කීවේ සැඟවුණු අමුත්තා ඇඳ සිටිනුයේ නිල් යට කලිසමක් නොව නිල් කොට කලිසමක් බවය.

 



අදහස් (0)

ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 32 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 429 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 471 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා
2025 අප්‍රේල් මස 26 368 0

මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා
2025 අප්‍රේල් මස 26 173 0

අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍ර


නාම යොජනා නොලැබී මළ පැනලා
2025 අප්‍රේල් මස 26 167 0

පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1017 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site