IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉබි දඩයමට ඉබ්බෙක්ම පාඩමක් උගන්වලා

හසලක - සුනිල් ඒකනායක


ඉබ්බන් මරා එම මස් අලෙවි කරනු ලැබූවකුට එම රැකියාවට තිත තැබීමට ඉබ්බකු විසින්ම කටයුතු කිරීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.

ඔහු තිස්අට වියේ පසුවන තිදරු පියෙකි. ගොවිතැන සිය ජීවන වෘත්තිය කරගෙන එන මොහුගේ තවත් ආදායම් මාර්ගයක් වන්නේ ගංගා, ඇළ දොළවල සහ දිය කඩිතිවල සිටින මසුන් අල්ලා විකිණීම සහ ඉබ්බන් අල්ලා මස් කර ඔහුගේ හිතවතුන්ට අලෙවි කිරීමයි.

ඉබි මස්වලට ලොල් වී ඇති බොහෝ පාරිභෝගිකයන් ඔහු හමුවන සෑම විටම විමසන්නේ අද අරවා නැද්ද? ලද වහාම ගෙනත් දෙන්න කියාය. ඉබි මස්වලට පාරිභෝගිකයන්ගේ පවතින ඉල්ලුම ඉහළ යාමත් එයින් ලැබෙන සරු ආදායමත් හේතුවෙන් මසුන් ඇල්ලීමට වඩා ඔහු ප්‍රිය කරන්නේ ඉබි මස් වෙළෙඳාමටය.

මෙදින රාත්‍රී 7ට පමණ පාරිභෝගික හිතවතකුගේ ඉල්ලීමට ඔහුත් සමඟ මත් වතුරෙන් ද සප්පායම් වී ගියේ ගමේ වෙල්යාය පහළින් ගලා යන දොළ පාර වෙතය. මෙම දොළේ නිතරම ඉබ්බන් ඉන්නා බව ඔවුහු දනිති. දොළ පාරේ කීපවරක් ඉහළට පහළට ගිය ඔවුන්ට හොඳින් වැඩුණු ඉබ්බෙක් හමුවිය. ඉබ්බා අල්ලාගත් ඔහු ගොඩට ගෙන ඉබ්බා ගැන විපරම් කරමින් ඒමේ පැත්ත පෙරළමින් සිටිද්දී ඉබ්බා එක්වරම ඔහුගේ අතේ ඇඟිල්ලක් හපා ගිලගත්තේ කිසිදා නොසිතූ අයුරිනි.

සිදු වූ මේ අකරතැබ්බයෙන් කලබලයට පත් ඔහු ඉබ්බාගේ කටේ තිබෙන ඇඟිල්ල යහළුවාගේද සහය ඇතිව ඉවතට ගැනීමට කොතෙක් උත්සාහ කළත් ඉබ්බා තව තවත් තදින් ඇඟිල්ල සැපීම සහ ගිලගැනීම නිසා එය නිෂ්ඵල විය.

ගිනි මැලයක් ගසා ඉබ්බා ඒ මත තැබුවහොත් කට අරීවි යැයි ඔහු මිතුරාට පැවසුවේ ඉබ්බාගේ උගුලෙන් බේරීමේ අන්තිම උත්සාහය ලෙසිනි. 

සාක්කුවේ තිබූ ලයිටරය ගෙන දර කෝටු ටිකක් එකතු කර ගිනිමැලයක් සූදානම් කරන ලෙසට ද ඔහු කීවේ කෙඳිරිගාමින් මෙනි.

මිතුරා වහා එම කටයුත්ත කළ පසු ඔහු අතේ සිටි ඉබ්බාගේ පිටුපස කොටස ගිනිමැලයට ඇල්ලුවේය. ගත වූයේ තත්පර කීපයකි. ඉබ්බා කට ඇරියෙන් ඇඟිල්ල ඉවතට ගත් සැනින් ඔහු ඉබ්බා නැවත අසල දිය මාර්ගයට විසිකර දමා මිතුරා සමඟ වහා පිටව ගියේ ඉබ්බාගේ සැපීම නිසා ඉවසිය නොහැකි වේදනාව නිසාත් ඒ වන විටත් ලේ ගලමින් තිබූ ඇඟිල්ලට ප්‍රතිකාර ගැනීම සඳහාත් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙතය.

මෙම සිදුවීම පසුදින ගමේ කඩේ කොල්ලන්ගේ බයිට් එක වූ අතර එදිනෙන් පසු ඔහු ඉබ්බන් ඇල්ලීම තබා ඇළකට බැසීමට පවා බියක් දක්වන අයකු බවට පරිවර්තනය විය.

එහෙත් කඩ මණ්ඩියේදී ඔහු හමුවන ගමේ කටකාර කොල්ලන් කරන විහිළුවලට නම් අමිහිරි වදනින් පිළිතුරු දෙන්නේ වෙන කළ හැකි දෙයක් නොවන හෙයිනි.



අදහස් (0)

ඉබි දඩයමට ඉබ්බෙක්ම පාඩමක් උගන්වලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 752 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 765 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1134 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9448 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 872 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site