IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉස්කෝලෙ මහත්තයා පඩි බාගේ ප්‍රසූත නිවාඩු ගිහින්

ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ
අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුවක් හිමිවූ ගුරුවරයකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබෙයි.


දැන ගැනීමට ලැබෙන පරිදි මේ ගුරු මහතා පාසලට ලැබෙන වැටුප් ලේඛනයේ අත්සන තැබීමට කාර්යාලයට ගොස් තිබේ. වැටුප් විස්තර ලේඛනය තම නම ඉදිරියේ වූ ගෙවීම් අඩුකිරීම් සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේදී ඔහුට හීන් දාඩිය දමන්නට විය. මූලික වැටුප අඩකින් අඩුව සටහන් කොට තිබිණි. සමාන වැටුපක් ලබන සෙස්සන්ගේ වැටුප් විස්තරද හේ කියැවීය. ඒවායේ වෙනසක් ඔහු නොදිටීය.


සිදුව ඇති විලම්බීතය ගැන තේරුම් ගැනීමට නොහැකි වූ තැන පෞද්‍්ගලික නිවාඩුවක් ලබාගෙන පසුදින ඔහු කලාප  අධ්‍යාපන කාර්යාලයේ වැටුප් අංශයට ගියේය. අදාළ විෂය බාර ලිපිකාර තැනට මේ අලකලංචිය ඉදිරිපත්  කළේය. ලිපිකාර තැනද ලිපිගොනු දිගහැර  අවුස්සමින් සිටියදි එකවරම  ඒ ඇස් නළලේ රැඳුන බව  ගුරු මහතා දුටුවේය. 


‘පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා.  අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගත් ගුරුවරියකගේ වැටුප තමයි සර්ගේ නමට හැදිලා තියෙන්නේ. ලබන මාසේ පඩියට මේක නිවැරදි කරලා දෙන්නම්’ යි ලිපිකාර තැන ගුරුවරයාට කීවේය.


ගුරු මහතාගේ අවසන් බලාපොරොත්තුවද ඒ පිළිතුරෙන් සුනේ සුන්විය. බැංකු ණය වාරික ලීසිං වාරික, ගමේ කඩේ ණය පොත එකින් එක ඔහුගේ සිත පාරන්නට විය.


මේ පාසලේ එකම මුල් අකුරු  හා එකම නමක් අගට තිබෙන ගුරුවරයෙක් හා ගුරුවරියක් සේවයේ කරති. ගුරුවරිය ප්‍රසූත නිවාඩු ලැබ සිට ඒ නිවාඩුව අවසන් වීමෙන් පසු 2022 මාර්තු මස සිට යළි අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගෙන තිබේ.


අඩ වැටුප් සහිතව ප්‍රසූත නිවාඩු ලැබගත් ගුරුවරියගේ වැටුප මේ ගුරුවරයාට ද ගුරුවරයාගේ වැටුප අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ගිය ගුරුවරියට ද වශයෙන් සකස් කිරීම නිසා මේ විලම්බිතය සිදුව ඇති බවත් ඒත් නමට ඉදිරියෙන් යොදන මිස්ටර්,  මිසිස්  මිස් හෝ නම අගට යෙදෙන මයා, මිය, මෙනවිය ගැන සැලකිලිමත් වූයේ නම් මේ අවුල සිදු නොවන බවත්  ඒ ගුරු මහතා කියයි.


විධායක ජනාධිපතිවරයකුටවත් කළ නොහැකි විපර්යාසයක් මේ කලාප අධ්‍යාපන කාර්යාලය කිරීමට සමත් වූ බවත් ඒ නිසාම එය ඉතිහාස ගත වන බවත් ගුරුවරු කියති. 

 



අදහස් (0)

ඉස්කෝලෙ මහත්තයා පඩි බාගේ ප්‍රසූත නිවාඩු ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 220 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 811 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 805 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1146 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9468 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 877 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site