IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


උණ ලෙඩාට ජීවිතේ කිසිදා නොකෑ කෑමක් දීලා

ඇය පාසල් ගුරුවරියක් වූ අතර අ.පො.ස (උ.පෙ) ලියා අවසන් වූ තම පුතා සමග නිවසේ ග්‍රොසරියක්ද පවත්වාගෙන ගියාය. ග්‍රොසරියේ සේවය කිරීම  සඳහා හැටන් ප‍්‍රදේශයෙන් පැමිණි තරුණයෙක්ද විය. දිනක් සවස තම මව ඇමතූ පුතා ”අම්මේ අද මට උණ වගේ” යැයි පැවසීය. මව වහාම තම පුතා වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගෙනාවාය.

පාසැලට යායුතු නිසා පසුදින උදෙන්ම අවදිවූ මව උණෙන් පෙළෙන තම පුතාට බීමට ලූණු කැඳ සාදා දිවා ආහාරය සඳහා ඔහුට වැටකොළු මාළුවක් සමඟ බත්ද පිළියෙළ කළාය.  පසුව ග්‍රොසරියේ සේවය කරන තරුණයාට කථා කොට ”රාජු මතක් කරලා පුතාට බොන්න ලූණු කැඳ දෙන්න. දවල්ට වැටකොළු එක්ක බත් දෙන්න” යැයි පැවසුවාය. ”හරි හරි මිස් කන්න බැහැ කීවොත් මම කවන්නම්කෝ” තරුණයා සිනා සෙමින් කීය.

පාසල නිමාවී ගුරුවරිය යුහුසුළුව නිවෙසට පැමිණියේ පුතාගේ අසනීප තත්ත්වය විමසා බැලීමටය. පුතා ඇදේ හාන්සිවී සිටිනු දක්නට ලැබුණි. පුතාගේ නළලට අත තැබූ මව, ”පුතා දැන් උණ බැහැලද? ලූණු කැඳ බිව්වද? වැටකොළු එක්ක බත් කෑවාදැ’යි විමසුවාය.

”අම්මේ අද මට කවදාවත් කාපු නැති ‘රෙසිපි’ එකක් ලැබුණා. පුතා පැවසීය. ”ඒ මොකක්ද මේ උණ අස්සේ පුතා වෙන මොනවාහරි කෑවාදැයි මව පුදුමයෙන් විමසූ විට පුතා පැවසුවේ රාජු ලූණු කැඳවලට වැටකොළු මාළුව දමා කෑමට දුන් බවත් තමා එය ප‍්‍රතික්‍ෂේප කළවිට ,”නැහැ නැහැ මිස් කීවේ මට ඔහොම තමයි” කියමින් ලූණු කැඳ සමඟ වැටකොළු කවන ලද බවත් තමා ඉතා අපහසුවෙන් ඒවා කෑ බවත්ය.

 



අදහස් (0)

උණ ලෙඩාට ජීවිතේ කිසිදා නොකෑ කෑමක් දීලා

හේරත් Wednesday, 31 July 2013 09:41 AM

ඕවත් වැඩද? මගේ නැන්දා (86). බත් කනකොට මාළු කටු කෑල්ලක් උගුරේ හිරවෙලා. ලොකු නෑනා (50) නංගිට කතා කරලා ඇහුවලු මොකද කරන්නේ කියලා. ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න දෙන්න කටුව ඒකේ ඇනිලා යයි කිව්වලු. ටෙලිෆෝනයෙන් ඇහෙනවා " අනේ දුවේ මාව මැරේවි එකපාරට ඔහොම කෙසෙල් උගුරේ එබුවම". අක්කා අම්මගේ කට ඇරලා කටුව මේ හරියේද අසමින් කෙසෙල් ගෙඩියම කටේ ඔබලා...තව ඩින්ගෙන් නැන්දා ඉවරයි. (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 31 July 2013 03:09 PM

රජයේ සේවිකාවකට ව්‍යාපාර කිරීමට ආයතන සංග්‍රහයෙන් තහනම් කර ඇත. ග්‍රොසරියක් පවත්වාගෙන යාම ගුරුතුමියගේ ඔසරියද නැතිවෙන වැඩකි. (නි)

:       0       0

අකිල Tuesday, 30 July 2013 08:22 PM

ඇයි අපේ අල්ලපු ගෙදර ඉන්න ඇන්ටි වැඩකරන සේවකයාට කියලා ගියා බතුයි වතුරයි දෙන්න කියලා දවල්ට. එයා මොකද දන්නවද කළේ, බතුයි වතුරයි කෑම කන භාජනයට දාලා දීලා. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 30 July 2013 02:32 PM

රාජුවාගේ නියම රසම් එක. උන කෙසේ වෙතත් , කැඳ ටික නම් අගේට බඩට බහින්න ඇති ! (දී)

:       0       0

පිටිගල Tuesday, 30 July 2013 09:35 PM

ඉතින්? ඉතින්? එච්චරද? (අ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 July 2013 10:17 PM

ලෙඩා ඉක්මන් සුවය පතමි. ගොඩක් කාලෙකට පස්සේ එළවලු එක්ක බත් කන අය ගැන අහන්න ලැබුනේ. නැත්නම් දන්නවනේ ලෙඩාට මස් කටු ටිකක් දාලා සුප් හදලනේ දෙන්නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 30 July 2013 10:58 AM

කොහොමත් එකයි. දෙකම බඩටනේ ගියේ (නි)

:       0       0

සරත් Tuesday, 30 July 2013 11:47 AM

උන තියෙන විට දෙජාතියක් එකම විට කන එක කොහොමත් ලෙහෙසියි. (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 30 July 2013 04:06 PM

වරුණ අයිත් පටන්ගත්ත මෝඩ කතා කියන්න. ලුණු කැඳ ඕනද? (ස)

:       0       0

ශාන් Tuesday, 30 July 2013 12:04 PM

වෙන වෙනම කෑවත් බඩේදි මිශ්‍ර වෙනවනේ.(ස)

:       0       0

පෙරේරා Tuesday, 30 July 2013 12:13 PM

අනේ ඉතින් රාජු, වැඩි හොදටනේ එහෙම කරලා තියෙන්නෙ. (නි)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 04:29 PM

මට මතක් වෙන්නේ එච් ඩ් විජේදාස මහතාගේ විහිළු තහළු. නෝනා බංගලාවේ වැඩට ආපු ආයා ට කී වලු බේබිට බටර් ගාල පාන් දෙන්න කියල ආයා බේබිගේ ඇඟ පුරාම බටර් ගාල පාන් පෙත්තක් අතට දීල (දී)

:       0       0

ගයාන් Wednesday, 31 July 2013 06:33 AM

විස්තර සහිතව හරියට කියලා ගියා නම් ඉවරනේ (නි)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 07:04 AM

මේ ග්‍රොසරියේ පොඩි පොඩි ලෙඩවලට දෙන බෙහෙත් පෙති, එතකොට ගෙදර දොරේ පාවිච්චි වෙන දේවල් එහෙම ඇති නේද? උදාහරණයක් හැටියට ගත්තොත් පැනඩෝල්, මී පාසානම් වගේ ඒවා? (නි)

:       0       0

වරුණ Tuesday, 30 July 2013 12:56 PM

කොහොමද ටිකිරි මොලේ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site