උත්සව භූමියක රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසකට දිවා ආහාරයට ඇරියුම් කොට ඔවුන් එහි ගිය පසු කෑම සූදානම් කර තිබූ කාමරය වසා දමා ආයතන ප‍්‍රධානීන් මගහැර යෑමේ සිද්ධියක් සියනෑවේ කෙළවරක ගම්මානයකින් වාර්තාවේ.
නවීන ආකාරයේ නිෂ්පාදන ආයතනයක් පසුගියදා දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. මෙහි අවට ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් පිරිසක් යෙදවූයේ විශේෂිත ආරාධිත ප‍්‍රභූන් රැසක්ම මෙයට සහභාගි වන බව දන්වා තිබූ බැවිනි.
උත්සවය අවසාන වූයේ දිවා ආහාරයද සමගිනි. සියලූ ආරාධිතයෝ පිටත්ව ගියහ. ආයතනයේ නිලධාරියෙක් පොලිස් පිරිස සොයා ආවේය. සියලූ දෙනාට දිවා ආහාරයට ඇරියුම් කෙරිණි. මහ වැස්සේ තෙමෙමින් රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසට මේ ආරාධනාව මහත් අස්වැසිල්ලක් විය.
ඔවුහු එහි ගියේ කුසගින්නෙන් පෙළෙමින් සිටි නිසාමය. ඔවුන් සමග ඔවුන්ට ආරාධනා කල අයද වූයේය. මේ පිරිස ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට යද්දී එහි සිටි සේවක පිරිස කාමරය වසා දමා යන්නට ගියේ මොකට මෙහෙ ආවාදැයි පොලිස් පිරිසගෙන් ප‍්‍රශ්න කරමිනි. පොලිසියට ආරාධනා කළ අයද අසීරුවට පත් වෙද්දී පොලිස් පිරිස ආපසු හැරුණේය. පසුදා උදේ තිහ හතළිහකට තරම් කෑම තොගයක් වළ දැමීමට මේ පාලකයන් කටයුතු කළ බවද දැනගන්නට ලැබිණි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උත්සවයට ආ පොලිස් නිලධාරීන්ට දිවා ආහාර නොදී මඟ හැරලා
කුමාරි Tuesday, 28 May 2013 08:13 AM
මම පොලිස් කාරයන්ව සත පහකටවත් ගනන් ගන්නේ නැ. ඊයෙත් වරදක් නොකර මට මහරගමදී දඩ කොලයක් කැඩුවා. එත් මොන ප්‍රශ්න තිබුනත් තරහ කාරයට උනත් කන්න දෙන්න ඕනා. උනුත් අමනුස්ස වැඩ කරත් මනුස්සයොනේ.(නදී)
ඊසාම් Friday, 24 May 2013 04:59 PM
කවුරු කරත් වැඩේ වැරදියි. පොලිසියෙත් ඉන්කේ කන බොන මිනිස්සු (නි)
ෂෙරිෆ් Saturday, 25 May 2013 12:59 AM
ආරාධනා කළා නම් එය ඉෂ්ට කළ යුතුයි. වැඩේ වැරදියි. නමුත් අපේ රටේ බහුතර පොලිස් නිලධාරීන්ට හරක් මස් කඩේ පටන් හැම කඩයකින්ම සහනාධාර ලැබෙනවාමයි. වියදමක් නැති එකම රස්සාවනේ. මුළු වැටුපම ඉතිරියි. (නි)
ජෙෆ් Friday, 24 May 2013 05:24 PM
රුවන්, නිමල්, ඔබලා හරි. මෙය පාලකින්ගේ වරදක් නොවෙයි. මා දකින ලෙස හිටපු කාර්ය මණ්ඩලයේ වරදක්. එසේම කන්න උයපු අය අරක්කැමියෝ (කෝකියෝ) නොවෙයි. එහෙම අය කවදාකවත් අහාර විසි කරන්නේ නැහැ. නියම කෝකියන් හොදට කෑවම සතුටු වනවා. (නි)
අනුර Sunday, 26 May 2013 02:03 PM
ඒ අයටත් බඩගිනි වෙනවා නේද? කරපු වැඩේ නම් කැතයි (නි)
අමිල කටුනායක Friday, 24 May 2013 06:07 PM
චී චී කැතයි හොදේ (නි)
හේරත් Saturday, 25 May 2013 09:20 PM
හෙට අනිද්දට උත්සව සංවිදායක කමිටු සාමාජිකයන්ටයි කැන්ටිමේ මුදලලිටයි පොලොසියෙන් කෑම කුඩුවෙන් නොලැබුනොත් මෙන්න මගේ කන.(නදී)
කුමාරිහාමි Sunday, 26 May 2013 11:20 PM
මීරිගම පළතුරු බීම කම්හලද? (නදී)
සිල්වා ප Friday, 24 May 2013 02:24 PM
පාලකයින්ට බුදු සරනයි, සේවකයින්ට දෙවි පිහිටයි (නි)
කමල් Saturday, 25 May 2013 06:23 AM
කට්ටිය හිතන්න ඇති පොලිසියේ අය ජරාව විතරයි කන්නේ කියලා (නි)
ඩිලාන් Sunday, 26 May 2013 09:03 AM
මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)
ඩිලාන් Sunday, 26 May 2013 09:07 AM
මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)
සෙලනිකස් Friday, 24 May 2013 02:31 PM
පැමිණිල්ලක පිටපතක් ගන්න, රියදුරු බලපත්‍රයක් ආපහු ගන්න පොලිසිවල මිනිස්සු රස්තියාදු වෙන හැටියට මේක සුළු දෙයක්. (නි)
මර්සි ලංකා Sunday, 26 May 2013 03:25 PM
දිවා ආහාරයට ඇරයුම් කර නුදුන්න එක විශාල වරදක්. පොලිස් නිලදාරීන් නරක මෙන්ම බොහෝ මිනිස් ගති ගුණ ඇති අයද එමටය. හොඳ නරක හැම තැනම(නදී)
පහන් Friday, 24 May 2013 09:28 AM
දුන්දේ සුවදයි කෑදේ ගදයි .සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! බුදුසසුන බැබලේවා! (නි)
රුවන් Friday, 24 May 2013 09:53 AM
මම දන්නාතරමට පොලිස් නිලදාරින්ට රාජකාරී වෙලාව තුල පිටතින් කිසිම දෙයක් ලබාගන්න බැහැ [සියලු පහසුකම් පොලිසියම සපයා ගත යුතුයි]නමුත් කෑම විසිකරපු එක ලොකු අපරාදයක්. (නි)
සම්පත් Tuesday, 28 May 2013 12:26 PM
කෑම විසි කරපු එකනම් මහා අපරාදයක්. අනෙක මෙහෙම උත්සව තියෙනකොට කෑම වෙලක් දීම සාමාන්‍ය දෙයක්. පොලිසිය ගැන මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්.(නදී)
නිමල් Friday, 24 May 2013 10:18 AM
රාජකාරියේදී පුද්ගලික සත්කාර බලාපොරොත්තු වෙන්න හොද නැහැ. එහෙත් කන්න අඩගහලා කන්න දුන්නෙ නැහැ කියන්නේ පහත් වැඩක් (නි)
කෙවින් Saturday, 25 May 2013 10:03 AM
ජරාව එකතු වෙලා තියෙන්න නැතුව ඇති ඔවුන් එන විට. (නි)
දිසානායක Saturday, 25 May 2013 05:16 PM
කොහොම උනත් මේ පුවත දකින විට තරහක් ආවා. බඩගින්නත් සමග පෞද්ගලික තරහ සහ වෛර පිරි මහන්න නරකයි. පොලිසියේ ප්‍රශ්න තියනවා ඒ ගැන අපි වෙනම කතා කරමු. මෙතන තියෙන්නේ කෑම ප්‍රශ්නයක්.(නදී)
දම්මි Monday, 27 May 2013 07:17 AM
පොලිසියේ අය අනුන්ගෙන් කන්නමයි බලා ඉන්නෙ (නි)
චතුර Friday, 24 May 2013 10:57 AM
අනේ මෙහෙම දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවනේ.. (නි)
වරුණ Monday, 27 May 2013 07:55 AM
ඕකෙන් පෙනෙන්නේ මොකක්ද මිනිස්සු ඒ තරමට පොලිසියට කැමතියි කියන එකද?(නදී)
රංජනී Saturday, 25 May 2013 10:45 AM
නම්බුකාර පොලිස්කාරයෝ, ජරාව කන අයනම් දොර කඩාගෙන ගිහින් හරි කාල දමාවි.කැමට අරධනා කරලා එහෙමත් කරනවද? (ස)
සමන් Tuesday, 28 May 2013 01:32 PM
ආගමක්,ජාතියක් නැති අය... (නි)
කුමාරසිරි Saturday, 25 May 2013 10:51 AM
කමල් හරි . සමහරු කරන වැඩනිසා මුලු පොලිස් සේවාවම බල්ලට ගිහින් තියන්නේ .(ස)