IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උදවු කරන්න ගිහින් ගුටිත් කන්න වෙලා

මුලටියන එස්.බාලසූරිය


හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි.
හිතහොඳ පුද්ගලයකු වූ සරත් මාමා දිනපතා සවසට තැබෑරුමට ගොස් පොඩි අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ අංගයකි.එම නරක පුරුද්ද තිබුණත් කිසිවෙකුට දුකක් කරදරයක් වුවහොත් තැන නොතැන බලා උදව් පදව් කරන්නේ එය තමාගේ යුතුකමක් බව සිතාගෙනය.
එදින හවසද තැබෑරුමට ගියේ සුපුරුදු ලෙස මත්වතුර ටිකක් බීමටය.එම ස්ථානයට ගොඩ වන විටම ඔහු දුටුවේ අසල්වැසි විශ්‍රාමික මිතුරා හොඳටම වෙරිවී තැබෑරුමේ වැටී සිටිනු අයුරුය. තමා ආ කාරිය අමතක කළ ඔහු ත්‍රීරෝද රථයක් කැඳවාගෙන කීපදෙනකුගේ සහායෙන් තම මිතුරා එයට නංවාගෙන මිතුරාගේ නිවසට රැගෙන ගියේ තමාගේ යුතුකමක් ඉටුකිරීමටය.


එම නිවසට ගොස් මිතුරාගේ බිරිඳට කතා කර සිද්ධිය කියන විට එම කාන්තාව සරත් මාමාට බනින්නට පටන් ගත්තාය. මගේ මිනිහගේ විශ්‍රාම වැටුප් දිනේ අදයි. තමුසෙලා එකතුවෙලා ඒ මිනිහගේ සල්ලිවලින්  බීලා හොඳ මිනිසුන් වෙන්න හදනවා.තමුසෙලාට නම් හොඳක් වෙන්න එපා. ඇයගේ මේ ගෝරනාඩුව ඇසී ඇයගේ පුතා එළියට ආවේ මොකක්ද අම්මේ වෙලා තියෙන්නේ කියා අසා ගෙනය. මේ බේබද්දා තාත්තට සිහිනැති වෙනකම් පොවලා විශ්‍රාම වැටුපෙන් බීලා ගෙදරට එක්කරන් ඇවිත්.මුන්ට හෙණ හත ගහන්න ඕන මේ කරන අපරාධ වලට.
කිසි වරදක් නොකළ සරත් මාමා සිද්ධිය පිළිබඳව කොතරම්  කරුණු කීවත්  මිතුරාගේ බිරිඳ දිගින් දිගටම බනිමින් සිටි අතර  පුතා පොල්ලක් රැගෙන විත් පහර කීපයකින් සරත් මාමාට සංග්‍රහ කිරීමටත් පසුබට නොවී තිබුණි.
අනුන්ට උදව් කරන්න ගිහින් මට වෙච්ච දෙයක්.මගේ හැටි මුන් දැනගෙනත් මට කළ දේ වැරදියි.වඳින්න ගිය දේවාලේ හිසට කඩා වැටුණ වාගේ දෙයක් මට වුණේ. මින් පස්සේ මිනිහෙක් මැරිලා හිටියත් ඒ පැත්ත බලන්නේවත් නැහැ. මේක මට හොඳ පාඩමක්. මේ ජරා බීමක් බොන්න පුරුදුවුණ හින්ද තමයි මෙවැනි අවමානයක් සිද්ධ වුණේ.මින් පස්සේ කාටවත් උදව් කරන්නේ නැහැ.අදින් පස්සේ මත්වතුර බීමත් නවත්වනවා යැයි තමාටම කියා ගනිමින් එම ස්ථානයෙන් සරත් මාමා දිව ගියේ  දැඩි ලැජ්ජාවට පත්වී සිටි නිසාය.



අදහස් (0)

උදවු කරන්න ගිහින් ගුටිත් කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site