කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
තම බිරියගේ උපන් දිනය දා ඇය පුදුම කරවන්න අරුම පුදුම උපායක් යෙදූ ස්වාමිපුරුෂයකු පිළිබඳ ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබෙයි.
උපන්දිනය දා ඇය සේවය නිම වී නිවෙසට පැමිණිවිට නිවෙසේ එකම උත්සවශ්‍රීයකි. බැළුම් බෝල ඉදිරිපස උළුවස්සේ එල්ලා තිබිණ. නිවෙසේ බිත්තිවල ක්‍රේප්වලින් සහ මල්වලින් අලංකාරවී තිබිණ. සාලයේ මේසය මත ලොකු දැකුම්කළු කේක් එකකි. එහි ඇගේ නමද විය. හැපී බර්ත්දේ කියා ඉංග්‍රීසියෙන් ද ලියා තිබිණ. ඉටිපන්දම් ද ඊට නොදෙවැනි ආකාරයට කේක් එක පුරාය. බිරියට සතුටුය. සැමියා ගැන ආඩම්බරයක් ද ඇතිවිය. අනේ දෙවියනේ මෙයාට මගේ උපන්දිනේ අමතක වෙලා නැතැයි ඇය සිතුවාය. තමා පුදුම කරන්න මටත් නොකියා මෙයා කළදේක මහත යැයි ඇය කියමින් සතුටු කඳුළු සලමින් ඇඟපත සෝදා සැමියා ගෙනත් තිබූ අලුත් ඇදුමක් ද ඇඳ තමාගේ උපන්දිනය සැමරීමට ඇය සූදානම් වූවාය. දරුවෝද මේ අවස්ථාවට එක්වී සිටියහ. සුබ පතමින් සියල්ලෝම කේක් කපමින් උපන් දිනය සැමරූහ. රාත්‍රී කෑමද නිවෙසේ සිටින අය ගාණට කඩෙනි. ඒ විතරක්ම නොව ඔහු හොඳ කට ගැස්මක් එක්ක හොඳ බෝතලයක්ද ගෙනැවිත් තිබිණ.
එදා රැය පහන් කළේ වෙනදා නොවූ සතුටිනි. එයට හේතු ගොඩකි. භාර්යාවගේ උපන්දිනය සමරා ගතවූයේ දින දෙකකි. ඇය කාර්යාලයේ අවශ්‍යතාවකට නගරයේ බැංකුව වෙත ගිය ගමනේදී කාලයකින් ලකුණු කරගන්න බැරිවූ සිය බැංකු පොත ලකුණු කර ගත්තාය. එහිදී තමා නොගත්තද රුපියල් දහස් ගණනක් අඩුවී තිබිණ. තමා නොදැනුවත්වම මුදල් ලබාගෙන තිබුණේ තමාගේ ජන්ම දිනය දා උදේ බැවින් ඇයට සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. බැංකු කාඩ් පතේ රහස්‍ය අංකය දන්නා සිය සැමියා තමාගේ ගමන් මල්ලෙන් එය සීරු මාරුවට ගෙන එමගින් මුදල් ලබාගෙන තමාගේම උපන්දිනයට එම මුදල් වියදම් කර ඇති බව ඇයට අවබෝධ විය.
මේ ගැන ඇය විමසූවිට ඔහු කීවේ මේ වගේ වැඩවලට කියන්නේ සර්ප්‍රයිස් කරනවා කියලනේ. ඔයාගේ උපන්දිනයෙන් ඔයා සර්ප්‍රයිස් කරන්නයි එහේම කළේ කියමින් ඔහු එතැනින් ලිස්සා ගියේ භාර්යාවගේ මුහුණේ තිබූ රෞද්‍ර බැල්මෙන් එහාට ගිය දෙයක් සිද්ධ වුවහොත් නිවෙසට අලුත් කොස්සක් ගෙන ඒමට සිදුවෙතැයි බියෙනි.
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන්
ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ
සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද
රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා
සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින
ඡන්ද ඔට්ටුවක් නිසා සේවා ස්ථානයේ රැකියා මාරුවීමක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතකින් වාර්තා විය.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
උපන්දිනයට බිරිය පුදුම කළ සැමියා පහුවදා පුදුම වෙලා