පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
උපන් දින තෑග්ගක් ලෙසින් මියගිය මීයකු හමුවීමේ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තා වේ.
ඔහු නිෙවසක නවාතැන් ගෙන රැකියාවක් කරන දුර බැහැර ප්‍රදේශයක තරුණයෙකි.
නවාතැන ආසන්නයේ ඇති මුරපොළේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් සමග ඔහු සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.
සිය සේවා ස්ථානය සඳහා යන අතරතුර අදාළ මුරපොළේ සේවය කරන ආරක්ෂක අංශයේ නිලධාරීන්ට උදෑසන සුබපතා යාමේ පුරුද්දක් ඔහුට තිබිණි.
තරුණයා සිද්ධිය වූ දින ආරක්ෂක නිලධාරීන්ට සුබපැතූ විට නිලධාරියකු අද දින දහවල් නිලධාරියාගේ උපන් දින යැයි සඳහන් කළේය.
ඒ අනුව අදාළ නිලධාරියා හමුවී ඔහුට සුබ පැතූ තරුණයා, තමා නවාතැන් ගෙන සිටින නිවෙසේ හිමිකරු ලබාදුන් පාර්සලය අදාළ නිලධාරියා අත තබා රැකියා ස්ථානය කරා ගමන් කළේය.
උපන් දිනය යෙදී තිබූ ආරක්ෂක නිලධාරියා, සේවා මුරය අවසන් කර නිවෙසට ගොස් උපන් දින ත්‍යාගය ලබාදුන් තරුණයාගේ ගුණ වයමින් බිරිය සහ දරුවන් ඉදිරියේ උපන් දින ත්‍යාගය ලියා බැලූ විට එහි සිටියේ මියගිය මීයෙකි. බිරිය හා දරුවන් ඉදිරියේ දැඩි අපහසුතාවට පත්වූ නිලධාරියා, මේ බව මුරපොළේ අයට ප්‍රකාශ කළේ, දෙස් දෙවොල් තබමිනි.
කඳවුරේ නිලධාරීහු තරුණයාට දුරකතනයෙන් කතා කර අප්‍රසාදය පළ කළහ.
එහිදී තරුණයා මුරපොළේ නිලධාරීන්ට ප්‍රකාශ කළේ, තමා නැවතී සිටි නිවසේ හිමිකරු තම රැකියාව සඳහා නිවෙසින් පිටත්ව යෑමට සූදානම් වූ විට පාර්සලයක් දී යමක් ප්‍රකාශ කළත්, තමා දුරකතන ඇමතුමක සිටි බැවින්, කී දෙයට අවධානයක් යොමු නොකර, පාර්සලය තම බෑගයට දමාගත් බවය.
මීට පෙර බොහෝ අවස්ථාවල අදාළ නිවෙසේ අය විවිධ රස කැවිලි සකසා තමන් රැකියාවට යන විට ලබාදෙන බැවින්, එදින ද ලබාදෙන ලද්දේ කිසියම් හෝ රසකැවිලි වර්ගයක් යැයි සිතා ගමන් මල්ලට දමාගත් බවත්, නිලධාරියාගේ උපන් දිනය කියා දැනගත් විට නිවෙසේ හිමිකරු ලබාදුන් පාර්සලය ඔහුට දී සුබ පැතූ බවත් ඔහු පැවසීය.
මුරපොළෙහි ආරක්ෂක නිලධාරීන්ගෙන් උපන් දිනය සමරන නිලධාරියාගේ නිවෙසට යන මාර්ගය අසා දැනගත් ඔහු නිවෙසට ගොස් සිදුවූ සියල්ල පවසා සමාව ඉල්ලා සිටියේය.
තරුණයා නිවෙසට ගොස් මෙම සිද්ධිය නිවෙස් හිමියාට ප්‍රකාශ කරද්දී ඔහු කීවේ, පාර්සලය ලබාදුන්නේ යන මාර්ගයේ පාළු තැනකට විසිකර යන ලෙස බවයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපන් දිනේට මී කුණක් තෑගී ලැබිලා