මහත් සීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත් වූ වෙද මහත්මයකු හොර රහසේ තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
සුන්දරත්වය සපිරි ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැති ගම්බද මෙම ප්‍රදේශයට නගරයේ ජීවත් වූවා යැයි කියන පවුලක් වසරකට පමණ පෙර පදිංචියට පැමිණයේය. පවුලේ සැමියා සිහින් සිරුරකට උරුමකම් කියන ඔතෑනි පුද්ගලයකු වන අතර බිරිඳ හැඩිදැඩි සිරුරක් ඇති කටකාර තැනැත්තියකි. එම කාන්තාව ප්‍රමාණය ඉක්මවා කයිවාරු සහ පම්පෝරි ඇද බෑමේ පරතෙරට පැමිණි තැනැත්තියක වීම නිසා ඇය ගමේ ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් වූවාය.
කාන්තාව දිනපතා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යාම සිදු කළ බස් නැවතුම අසල සිංහල බෙහෙත් බඩු වෙළෙඳ සලක් ඇති අතර ඇය නිතර නිතර එම වෙළෙඳසලට යාම පුරුද්දක් කරගත්තාය. වෙළෙද සැලේ වාසය කරනු ලබන්නේ ද වෙද මහත්තයා පමණක් වන අතර කාලය ගතවෙද් දී කාන්තාවන්ට දැඩි ඇළුම්කමක් දැක් වූ වෙද මහත්තයා සැමියා නොමැති අවස්ථාවල කාන්තාවගේ නිවසට යාම ඒම සාමාන්‍ය සිරිතක් බවට පත්කර ගත්තේය.
ළමයින් පාසල් ගිය පසු දිනක් වෙදමහත්තයා කාන්තාවගේ නිවසට කැළෑබද මාර්ගයෙන් පැමිණියේය. දෙදෙනා අනියම් පෙම්සුව විඳිමින් සිටින අවස්ථාවේදී කඨින පිංකමට ආධාර එකතු කිරීමට ගමේ තරුණයන් පිරිසක් එම නිවසට පැමිණ ඇති අතර කිසිවකු පෙනෙන්ට නොසිටීම නිසා නිවසේ සිටින්නේ කවුදැයි ඔවුන් ප්‍රශ්න කර තිබේ. කාන්තාව නිවසේ ජනේලයෙන් එබී බලන විට එළියේ සිටි පිරිස දැකීමෙන් කලබලයට පත්වූවාය. නිවසේ සිටි වෙදමහත්තයා තරුණයින් පැමිණ ඇත්තේ තමන් අල්ලා ගැනීමට යැයි බියවී නිවසේ තිබු සරමක් ද පොරවාගෙන කාන්තාව ද ඉවතට තල්ලු කරමින් දිව ගියේය.
කැලෑබද මාර්ගයෙන් දිව යද්දී වෙද මහත්තයා සරම පැටලී ඇද වැටුනේය. තරුණයෝ පිරිස සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව තූස්නිම්භූතව බලා සිටියහ. සරම පැටලී ඇද වැටීමෙන් වෙද මහත්තයාගේ කකුල බිඳී සති කිහිපයක් එක්තැන්ව සිටියේය. ළිඳ ළඟ වැටි කකුල පෙරළුණා යැයි වෙද මහත්තයාගේ සුව දුක් විමසීමට පැමිණෙන අයට පවසමින් ඔහු සිද්ධිය වසන් කර ගැනීමට කොතකුත් උත්සාහ කළද තරුණයන් පිරිසගෙන් සිද්ධිය පිළිබද කතාව ගම පුරා පැතිර ගියේය. ඇද වැටුණු ළිඳ පිළිබඳව ගමේ තරුණයන් විමසන විට වෙද මහත්තයා ලූණූ ඇඹුල් ඇතිව තරුණයන්ට පිළිතුරු දෙන බවද සැලය.
හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘උපාසක වෙදාගේ’ අනඟ රැඟුම ගම පුරා පැතිරිලා