(විමුක්ති එස්. රුද්‍රිගු )
තරුණයන් තිදෙනකු ගෙපැලක් කපන අතරතුර හොරාට ඇඟ රත්කර ගනිමින් සිටියදී කටගැස්මට තිබූ උම්බලකඩ කැබැල්ල වෙනුවට එක් තරුණයකු වැටමාර ලීයක් කෑ සිද්ධියක් කිරිබත්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මිතුරෙක් අලුතින් නිවසක් සෑදීම සඳහා නැකතට ගෙපැළ කැපීම සඳහා තවත් යහළුවන් දෙදෙනකුට ආරාධනා කළේය. යහළුවන් දෙදෙනාද මිතුරාගේ ඉල්ලීම අහක නොදා ‘ඇඟ රත් වෙන්න මොනවා හරි දෙනවා නම් ඕන දෙයක්’ කියා මිතුරාගේ ගෙපැල කපන ඉඩමට පැමිණියහ.
නැකත එළැඹෙන්නට කලින් දිනයේම මිතුරා විසින් මධුවිත බෝතලයක් ඉඩමේ තාවකාලිකව හැදූ ගබඩා කාමරයේ සඟවා තබනු ලැබීය.
නැකත් වේලාව උදාවිය. ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනය කළහ. මවුපියෝද පිරිත් අසමින් සුබ කටයුත්තට සහභාගි වූහ.
ගෙපැල කපන්න නැකත උදාවිය. ගෙහිමියා ගෙපැලේ පළමු පස් පිඩැල්ල කැපුවේය. සුළු මොහොතකින් සංඝයා වහන්සේලාද පන්සලට වැඩම කරන්නට වූහ.
ගෙපැල කපන අතරවාරයේ ගෙහිමි මිතුරාගේ පියා ඒ අසලම ඇන තියාගෙන ගෙපැල කපන අයුරු බලා සිටින්නට විය.
ගෙපැල කපන යහළුවන්ට ගෙහිමි මිතුරාගෙන් ඉඟි සංඥාවක් ලැබුණි. මිතුරා තාවකාලික ගබඩා කාමරයට ගියේය. සඟවා තිබූ බෝතලය ගෙන අයිනක තිබූ බංකුවකට පත්තර කොළයක් තබා බෝතලය ඒ මත තැබුවේය. ගබඩා කාමරය ටිකක් අඳුරු ස්වභාවයක් ගෙන තිබුණි. පත්තර කොළය සුළඟට ගසාගෙන යාම නවතාලීමට අසල තිබූ වැටමාර කෑල්ලක් පත්තර කොළය උඩ තැබුවේය.
කටගැස්මට උම්බලකඩ කෑල්ලක්ද පත්තර කොළය උඩ තබා වීදුරුවක් ද තැබුවේය.
හිමිහිට නැවත ගෙපැල කපන තැනට ඇවිත් යහළුවන්ට ගබඩා කාමරයට ගිහින් එන ලෙස සංඥාවක් ලැබුණි. මිතුරාගේ තාත්තා ද අසල සිටින නිසා යහළුවන් එක්කෙනා බැගින් හොරෙන් හොරෙන් ගබඩා
කාමරයට ගි හින් එන අයුරු මිතුරා බලා සිටියේය.
ගැටලුවක් නැත. ගෙපැල කපන අතරතුර ඇඟපත රත්කර ගැනීම ද යහමින් සිදුවිය.
ටික වේලාවක් ගතවිය. ගෙපැල කපන අතරතුර එක් මිතුරකුට ලොකු ගැටලුවකි. කටගැස්මට තිබූ අම්බලකඩ කෑල්ල ටිකක් පරණයි වගේ නේද? මිතුරයකුගෙන් ඇසීය. අවුලක් නෑනෙ බං හොඳට තිබුණෙනේ. නියම උම්බලකඩ කෑල්ල අනෙක් මිතුරා කීය.
නෑ,...නෑ... ඒක පරණයි. කටේ තියන්න බෑ. ඔහු නැවත පැවැසුවේය. ගෙහිමි මිතුරා ගබඩා කාමරයට ගියේය. අම්බලකඩ කෑල්ල පරීක්ෂා කර බැලීය. ගැටලුවක් නැත. පසුව පත්තර කෑල්ල උබ තබා තිබූ වැටමාර කෝටුව පිරික්සුවේය. සිනහව නතර කර ගන්නට නොහැකි විය. උම්බලකඩ කියා මිතුරා කා තිබුණේ දිරච්ච වැටමාර කෝටුවය.
අනෙක් මිතුරන්ටද සිද්ධිය පැවැසීය. ඔක්කෝටම බඩ අල්ලගෙන හිනාය. වැටමාර කෑ යහළුවාට ‘උම්බලකඩ’ කියා නමකුත් වැටී යහළුවන් අතර ප්‍රසිද්ධ වන්නට විය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උම්බලකඩ බයිට් එකට දිරච්ච වැට මාර කෑල්ලක් කාලා