IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එක්කෙනකුගේ කටට රොත්තක්ම පෝලිමේ

මොරගොල්ලාගම - සිසිර කැලේගම
දින ගණනාවක් තිස්සේ සාමකාමීව පෝලිමේ රැදී සිට තෙල් පැමිණි අවස්ථාවේ දී 02 වැනිදා රාත්‍රියේ දී කළහකාරි ලෙස හැසිරුණු තැනැත්තකුට අත පය හිරි හැරෙන්නට තලා පෙළා පැත්තකට දමා ඔහු මට්ටු කරන්නට තෙල් පෝලිමේ සිටි පිරිසක් විසින් පියවර ගත් පුවතක් කුරුණෑගල බඩගමුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසලින් අසන්නට ලැබුණි.


තෙල් ගැනීම සඳහා ටෝකන් ගත් පිරිසක් සතියකට ආසන්න කාලයක් තිස්සේ දිවා රෑ නිවෙස්වලට නොගොස් එහි රැදී සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහාය. එලෙස සිටි පිරිසට 02 වැනිදා සවස් යාමයේ පෙට්‍රල් නිකුත් කරන බවට එම ඉන්ධනහලේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණි.


ඒ අනුව ඉන්ධන ගැනීම සඳහා ටෝකන් රැගෙන නිවෙස්වලට ගොස් සිටි පිරිස් පවා පෝලිම්වලට එක්වීමට ඒකරාශි වූහ.
මේ නිසා ඉදිරියේම නැවතී සිටි වාහන හිමියන්ට ටෝකන් අංක ලබා ගෙන සිටි පිරිස් පිළිවෙළට පෙළ ගැසීම හේතුවෙන් පස්සට යාමට සිදු විය. කෙසේ වෙතත් 02 වැනිදා රාත්‍රී 11.00 පමණ වනවිට පෙට්‍රල් රැගත් බවුසරය එහි පැමිණි අවස්ථාවේදී එහි සේවකයෝ පෝලිමේ රැඳී සිටින අයට අනුකම්පා කොට ටෝකන් පිළිවෙළවලට ඉන්ධන බෙදා හැරීමට සූදානම් වූහ. එහිදි පෝලිමේ සිටි අයකු එම ක්‍රමවේදයට එරෙහිවීමත් සමඟම ඉන්ධන බෙදා හැරීම ඊයේ 3 වැනිදා උදේ සිට ක්‍රියාත්මක කරන බවට සේවකයෝ පවසා ඉන්ධන බෙදා හැරීම නවතා දමා තිබේ.


එහිදී කුපිත වූ පිරිස් එක් පුද්ගලයකුගේ වරදින් විශාල පිරිසකට නැවතත් පෝලිමේ රැඳී සිටින්නට වුවා යැයි පවසමින් එම තැනැත්තාට අතින් පයින් සංග්‍රහ කළහ.


එලෙස ගෙනැවිත් නොදුන් පෙට්‍රල් ඊයේ 03 වැනිදා පෙරවරුවේ සිට බෙදාහැරීමට කටයුතු කර තිබෙන අතර ගුටි කෑමට ලක් වූ තැනැත්තා ද සන්සුන්ව පෝලිමේ ගොස් ඉන්ධන ගෙන නික්ම ගිය බවත් පෝලිමේ පිරිස සඳහන් කළහ.



අදහස් (0)

එක්කෙනකුගේ කටට රොත්තක්ම පෝලිමේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 82 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 774 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 777 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1139 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9459 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site