මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දෙන්නාම ගොඩනැගිලි ක්ෂේත්‍රයේම නියුත්තෝ වෙති. අහල පහළ ගම් දෙකකය. මේ දෙන්නාගෙන් එක් අයකුට හරියට වැඩය. ඔහු රජ වැඩකාරයෙකි. අනෙකා කිව්වොත් බොරුවක්ය. ගැහැව්වොත් ගැටයක්ය. මේ නිසාම ඔහුට වැඩ ලැබෙන්නේ ඉඳහිටය. කලාතුරකින්ය. කවුරුත් නැති අවස්ථාවලදීය. ඒ වැඩ දෙන අයට කරන ලද කෛරාටික වැඩ නිසාත් ඔහුට වැඩ අඩුවී තිබුණි. ඒ ඔවුන් අන්දවා බඩුවලින් කොමිස් මුදල් ගැරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සඳහා ඔහු රුසියෙකි. ගජ හපනෙකි.
ඔහු එදා සිය මිතුරා හමුවීමට පැමිණියේ උදව්වක් ඉල්ලගෙනය. ඒ සිය නිවෙසේ වැඩකට යකඩ පෑස්සුම් යන්ත්‍රයක් ඉල්ලා ගෙනය. හා ඕක මොකක්ද වැඩේ කරගෙන මට ඔයාට කැමති දවසක ගෙනත් දෙන්න යයි කීවේ සැබෑම මිතුරෙකු ලෙසය. ඒ අනුව ඔහු එම උපකරණය සති දෙක තුනකට පසුව මිතුරාට ආපසු ගෙනත් දුන්නේය. ඔහු ස්තූතිය පමණක් පුදකරමින් එම උපකරණය මිතුරාට දී ඔහු දෙස උපැස් යුවළෙන් හොරෙන් බලා යන්න ගියේය.
ඊට දින තුන හතරකට පමණ පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා පියවර ගත් මහතෙක් ගොඩනැගිලි ඉදිකිරීමේ මිතුරා හමුවීමට පැමිණියේය. බොහෝම ආචාරශීලීව ‘අනේ මහත්තයා මම ආවේ ඔයා හම්බ වෙන්න ඔයාගේ අර යකඩ පාස්සන උපකරණය කුලියට අරගෙන යන්න ආවේ’ යයි කීවේය.
‘මහත්මයා කොහොමද දැන ගත්තේ ඒ උපකරණය මගේමයි කියලා?’ ඔහු ඇසුවේය. මම කෙනෙක්ට මගේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ යකඩ වැඩ ටික දුන්නා. ඔහු මේ උපකරණය ගෙනැවිත් තිබුණා. එතකොට තමයි මම දැනගත්තේ මේ උපකරණය ඔයා දවසකට රුපියල් 5000 ගානේ කුලියට දෙනවයි කියලා. හැබැයි මහත්තයෝ මම මිනිහව එළෙව්වා. මම ගොනාට අන්දලා මගෙන් යකඩවලින් කොමිස් ගහලා අහුවුණා. මිනිහගේ කයිය විතරයි වැඩත් නැහැ. ඒ නිසාම මම මිනිහා එළෙව්වා.
මහත්තයා මම ඒ උපකරණය එයාට බද්දට දුන්නේ නැහැනේ. මම යහළුකමට නිකං දුන්නේ යයි ඔහු කීවිට ආවේ හරිම තරහක්ය. ‘අපේ මහත්මයාත් මේ උපකරණය අරගෙන ගිහිල්ලා වැඩේ කර ගන්න’ කියා උපකරණය දුන්නාලු.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා