IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


තරුණ හිමිවරුන් සහ තරුණ තරුණියන් පිරිසක් ගෙන ගොස් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ යයි කියන තොරතුරකට අනුව එම පිරිස වැටලූ පොලිසියට අන්දමන්ද වීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
තරුණ හාමුදුරුන් සහ තරුණ, තරුණියන් දස දෙනකුට වැඩි පිරිසකි. ඔවුන් ගෙන් ඇතැමෙක් අත ෆයිල් කවරය. සමහරු අත දැන්වීම් කොළය. ටිකට් පොත් අත තිබුණු අයද නොසිටියාම නොවේ. හාමුදුරුවරුන් දෙදෙනා හැර සෙස්සන් ඇඳ සිටියේ බොහෝමයක් එක පාටට හුරු ඇඳුම් පැලඳුම්ය.
 මේ අය ගෙයින් ගෙට යමින් සිටියදී වාහනයක් පුරවා ගෙන ඔවුන් යන මග හරස්කොට නතර කළේ පොලිස් නිලධාරීන්ය. මොනවද ඔය ගොල්ලන් මේ කරන්නේ පස් දෙනෙකුට වඩා ගෙන් ගෙට යන්න බැහැ. මැතිවරණ නීතිය ඒකයි. ඒ නිසා ඔය කට්ටියම අපිට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න වෙනවා. කරුණා කරලා අපිත් එක්ක එන්න පොලිසියට යන්න යයි පොලිස් නිලධාරීහු කීහ.


ඒ සමගම ගෙන් ගෙට ගිය තරුණ පිරිස තමන් අත තිබූ ගමේ පන්සලෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙවොල් මඩු යාගයට හා වීථි සංචාරය කෙරෙන වාර්ෂික පෙරහරේ ආධාර පත්‍රිකා පෙන්වූහ. යන ගමනට මේ සම්බන්ධයෙන් මුද්‍රණය කර ගසමින් සිටි දැන්වීම් ද ඔවුහු පොලිසියට පෙන්වූහ. පොලිසියට සිදුව ඇති දේ තේරුම් ගියේය. ඒ වනවිට පොලිසිය නිකං තෙල් ලීටර් ගණනක් පුච්චා හමාරය.
අනේ මුන්ට පිස්සු සොයා බලන්නේ නැතිව මැතිවරණ නීති රීති කඩ කරනවායි කියමින් අපිට ඔත්තු දෙන්නේ යයි කියමින් මේ ගැන පොලිසියට තොරතුරු දුන්නු තැනැත්තාට සහ ඔහුගේ මවුපියන්ගේ ගුණකන්දයද සිහි කර කර පොලිසිය ආපසු හැරුණාලු‍.

 



අදහස් (0)

ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ඩයට් එක බයිට් එකට අරන් ජංජාලයක්
2024 දෙසැම්බර් මස 27 0 0

හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි.


හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා
2024 දෙසැම්බර් මස 26 435 0

කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ


ලාබෙ බලන්න ගිහින් වැඩේ දෙල්වෙලා
2024 දෙසැම්බර් මස 24 907 0

බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.


හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා
2024 දෙසැම්බර් මස 23 751 0

වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.


සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා
2024 දෙසැම්බර් මස 20 1143 2

මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක


තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 19 853 0

තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 138 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 119 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 86 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site