මුලටියන – එස්. බාලසූරිය
ගොවිතැන් කටයුතු කරමින් දැඩි ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන තම පාසල් මිතුරාට සුළු රැකියාවක් ලබා දීමට මැදිහත් වූයේ, එමගින් ඔහුගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහනයක් ලබා දීමේ පවිත්‍ර චේතනාවෙනි.
එහෙත්, එම සද්කාර්යය ගැන සැලකිල්ලක් නොදැක්වූ ඒ ගුණමකු මිතුරාගේ උඩඟුකම නිසා, ලැබුණු රැකියාවත්, කරගෙන ආ ගොවිතැනත් අහිමි කරගත් පුවතක් දකුණු පළාතේ පිටිසරබද ගමකින් වාර්තා විය.
තම අසරණ මිතුරකුට රැකියාවක් ලබා දෙන ලෙස ව්‍යාපාරික මිතුරකුගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුගේ ආයතනයේ කාර්යාල සහායකයකු ලෙස ඔහුට රැකියාවක් ලබා දුන්නේ, සේවා අවශ්‍යතාවට වඩා මිතුරාගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. එමෙන්ම, ආයතනයට පැමිණීම සඳහා යතුරුපැදියක් ද ලබා දීමට ද කටයුතු කළේ බොහෝ කාලයක් ඇසුරු කළ මිතුරා පිළිබඳව තිබුණු විශ්වාසයත් නිසාය.
රැකියාව ලැබුණු මුල් කාලයේදී තමාට උදව් කළ මිතුරා පිළිබඳවත්, ආයතනයේ හිමිකරු පිළිබඳවත් ඉමහත් ප්‍රශංසාවෙන් කතා කළත්, ටික ටික අතමිට සරු වෙද්දී, සමාජයේ පිළිගැනීමක් ඇති වෙද්දී, අලුත් මිතුරන් ඇසුරට එක්වෙද්දී හිතවත් මිතුරා අමතක කළේ ඔහුගේ අවාසනාවටය.
පසුගිය දිනක කාර්යාල සහායක තනතුර ලැබුණු යහළුවාට දුරකතන ඇමතුමක් ගත්තේ ව්‍යාපාරික මිතුරාට පලතුරු ටිකක් යැවීම සඳහාය. දුරකතන ඇමතුමට පිළිතුරු දෙන ගමන් “පුතේ කවුද එන්නේ කියලා බලන්න” කියා දුරකතනය විසන්ධි කර ඇත. මෙසේ කිහිප දිනක්ම දුරකතන ඇමතුම් ලබා ගත්තත්, ඒ සෑම දිනකම කලින් ලැබුණු ප්‍රතිචාරයම ලැබී තිබේ.
යහළුවාගේ නිවෙසට වැඩි දුරක් නොමැති නිසා රාත්‍රී හතට පමණ එම නිවෙසේ මිදුලට ගොස් දුරකතන ඇමතුමක් ලබාගත්ත ද, එදාත් “පුතේ කවුද එන්නේ කියලා බලන්න” කියනු ඇසුණු බැවින්, “මේ මම” යැයි කියා දොර අභියසටම ගියත්, එක්වරම නිවෙසේ විදුලිය විසන්ධි කර ඇත. මෙහෙම කළේ ඇයි දැයි සිතමින් ආපසු නිවෙසට පැමිණ, තම ව්‍යාපාරික මිතුරාට මේ සිද්ධිය පැවැසූ විට, ඔහු කාර්යාල සහායකගේ අකටයුතු කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබේ.
ඊට පසු දින කාර්යාල සහායකයා රැකියාවට ගිය විට ආයතනයේ හිමිකරු ඔහුට එම මාසයේ වැඩ කළ දින සඳහා වැටුප් ලබා දී, යතුරුපැදියේ යතුර ඉල්ලාගෙන තිබේ. රැකියාව අහිමි වීම නිසා ටික දිනක් නිවෙසේම රැඳී සිට යළි ගොවිතැන් කිරීමේ අරමුණෙන් කලින් වැඩ කළ කුඹුරු හිමියා හමු වීමට ගියත්, ඒ වන විටත් එම කුඹුර වෙනත් ගොවියකුට ලබා දී තිබුණු බැවින්, රැකියාවත් ගොවිතැනත් අහිමි වී, හිටි තැනෙනුත් පහළට වැටී තවත් අසරණ බවට පත්ව තිබේ.
රැකියාව කළ කාලයේ බොහෝ උඩඟු ලෙසින් ගම්වාසීන් සමග කටයුතු කළ නිසා ගමේ කිසි කෙනකු මොහු සමග වැඩි ඇසුරක් නොතිබුණි. මේ පිළිබඳව ඔහුට අතහිත දුන් මිතුරාට ගමේ වැඩිහිටියකු කියා ඇත්තේ, “කොපමණ ගුණ කළත්, දුදනෝ නොවෙති යහපත් යැයි පැරැණි කවියකු කියා ඇත්තේ කට කහනවාට නොවෙයි මහත්තයෝ. ඒ නිසා දුදනන්ට උපකාර කිරීමේදී දෙවරක් සිතන්න.” යනුවෙනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඔළුව උදුම්මවාගෙන රස්සාවත් ගොවිතැනත් අහිමි වෙලා