(හිඟුරාණේ - නවරත්න සමරතුංග)
කොකිස් මල්ලකට අපූරු ආරක්ෂාවක් ලබාදුන් ආරක්ෂක නියාමකයකු පිළිබඳ පුවතක් ඉකුත්දා අම්පාර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකින් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය.
ඔහු උහන නගරයේ පළාත්පාලන ආයතනයක පිළිගත් රැකියාවක නියුතු අයෙකි.
තම බිරිඳ සමඟ රෙදිපිළි මිලදී ගැනීමට එක්තරා වෙළෙඳ ආයතනයකට පැමිණියේය. ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය රථ ගාලක නතර කිරීමෙන් පසුව එම වෙළෙඳ සලට ගොඩවී ඇත.
ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා රැගෙන යමින් තිබුණ කොකිස් 400 පමණ දැමූ මල්ල ත්‍රීවිලරයේ ඉදිරිපස හැඬලයේ එල්ලා ගොස් තිබුණ අතර වෙළෙඳ සලෙන් පිටවූ ඔහු තම බිරිඳ සමඟ යළි එම රියට නැග ගමන් ඇරඹූ බව කියති.
ටික දුරක් ගමන් කරද්දී කොකිස් මල්ල පෙනෙන්නට නොවූයෙන් ආපසු හැරී අදාල වෙෙළඳ ස්ථානය වෙත පැමිණ එහි රාජකාරිය කළ ආරක්ෂක නියාමකගෙන් ඒ ගැන විමසා ඇත.
‘‘මහත්තයා වීල් එක පාක් කරපු තැන හරිනෑ! කාර් කාරයෙක් ඇවිත් මටත් බැන්නා කාර් එක දාන්න පුළුවන් විදියට වීල් එක පාක් කළේ නෑ කියලා.’’ ‘‘මහත්තයාගේ වැරැද්ද තමයි. එයා ඔයාගේ මල්ල අරන් යන්න ඇති’’ යැයි කීවේය.
‘‘හොඳයි මම මැනේජර් හමුවෙලා එන්නම්’’ කී පාරිභෝගිකයා කළමනාකරු හමුවී සිද්ධිය පැවසීය.
මේ අතර ආරක්ෂක නියාමක වටපිට බලා පාරිභෝගිකයන්ගේ බඩු තබා යන රාක්කය අසල යමක් සඟවන ආකාරය කොකිස් මල්ල අයිතිකරුගේ බිරිඳ දැක ඇත.
ඇය වහා එතැනට ගොස් මේ තියෙන්නේ අපේ මල්ලයැයි පවසා එය අතට ගත්තාය.
මේ අතර කළමනාකරු ආරක්ෂක නියාමකට කතා කොට මේ මහත්තයාගේ මල්ල කවුරුන් හෝ ගෙන යනවා දුටුවේදැයි ප්‍රශ්න කළේය.
‘‘සර් අපේ කඩේට එන කාගේවත් බඩු නැතිවෙන්නේ නෑ! කාර් කාරයෙක් අරන් යන්න හැදුවා මම ඒක අරගෙන පරිස්සමට හංගලා තිව්වා’’යැයි කීය.
එවිට කෝපයට පත් පාරිභෝගිකයා මේ වගේ අය මෙහෙම ආයතනවල තියා ගන්න එපා! වටිනා දෙයක් මල්ලේ තිබුණා නම් ඒත් මේවගේ තමයි! කී ඔහු‘ඉඳා කාපන්!’ කියමින් කොකිස් අහුරක් ගෙන ඔහු ඉදිරියේ පොෙළාවේ ගැසුවේය.
එවිට ඇතිවූ ඝෝෂාව ඇසී සේවක පිරිස හා ඒ අවට සිටි විශාල පිරිසක් එතනට රැස්වූහ. කළමනාකරු පාරිභෝගිකයාට බැගෑපත් වෙමින් සමාව ඉල්ලා සිටියේය. සමාව ඉල්ලලා හරියන්නේ නෑ. මම හෙට එනකොට මෙයා මෙතනින් තුරන්වෙලා ඉන්න ඕනෑ! නැතිනම් ඉහළ කළමනාකාරිත්වයට පැමිණිලි කරනවා’’ කී ඔහු පිටව ගියේය.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොකිස් මල්ල ගාඩ් කළ ආරක්ෂකයාගේ ජොබ් එකට තට්ටු
SISRA Saturday, 06 June 2020 02:09 AM
කොකිස් වලට අහිංසක මනුස්සයෙකුගේ රැකියව නැති කරනවද?
PradeepSaturday, 06 June 2020 10:06 AM
ආරක්ෂක නිලධාරියා එම බෑගය ගන්න ඇත්තේ කොකිස් වල රස බැලීමට විය නොහැකියි. මොකද මේ කතාවේ හැටියට ඔහු ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැන ගන්න විදියක් නෑ. කෙසේ වුවත් හොරකම හොරකමමයි. ඊට නිසි දඬුවම් ලැබිය යුතුයි. කවුරුත් දැනගන්න ඕන තම තමන්ගේ රැකියා ආරක්ෂා කර ගන්න.