කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
හොල්මන් ගුහාවේ මිනී පෙට්ටියේ තිබූ මිනිය එක පාරටම ඌයි කියමින් කෑගසා නැගිටීමෙන් අලි ජංජාලයක්වූ පුවතක් පෙරේදා (23) රෑ ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබිණි.
ගමේ කොල්ලන් කුරුට්ටන් එකතුවී මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළේ හොල්මන් ගුහාවකි. මෝහිනී, මිනී පෙට්ටියේ තැන්පත් කර තිබූ මළ මිනිය ඒ අතරින් ප්රධාන තැනක් ගත්තේය.
කොල්ලෝ පිරිසක් මේ හොල්මන් ගුහාව නැරඹීමට රිංගූහ. ඒ මුදල් ගෙවා ලදුපතක් ගැනීමෙන් අනතුරුවය. ඇඟ රත්කරගත් දෙතුන්දෙනෙක්ද මේ අතර වූහ.
ඔවුහු මෝහිනී පාස්කරගෙන ගියහ. ඊළඟට හමුවූවේ මිනී පෙට්ටියක ටයි කෝට් පැළඳ සිටි පිරිමි මළ සිරුරකි. සිරුර තරුණ එකකි. එතන හොඳටම කළුවරය. මේ අතරවාරයේ මිනී පෙට්ටියේ සිටි මළ මිනිය කෙලින්වූයේ ඌයි ඌයි කියමිනි. ඇතැමුන් සිතුවේ මෙය ඒ අවස්ථාවේ සිටි අයවලුන් බියවැද්දීමට කළ ක්රියාවක් යයි සිතාය.
එහෙත් පෙට්ටියෙන් කෙළින්වුණු තරුණ සිරුර සිය දකුණු අතේ බාහුව අත ගෑවේ ‘කවුද යකෝ මට කට්ටකින් ඇන්නේ’ කියමිනි. කාරණාව කාටත් තේරුම් ගියේය.
කොල්ලන් අත තිබූ ජංගම දුරකතනවල එළියෙන් වට පිට නිරීක්ෂණය කළ විට බිම වැටී තිබූ යතුරු කට්ටක් හමුවුවත් කට්ටෙන් ඇන්න එකෙක් සොයා ගැනීමට නොහැකිවූවා ලු.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කට්ටකින් ඇන හොල්මන් ගුහාවේ මිනිය කෑගහලා