(හසලක සුනිල්)
උගුලෙන් බැරි නම් හබකෙන් යැයි කියමින් තරුණයකුට වැලඳී තිබූ අමනුෂ්‍ය දෝෂයක් කට්ටඩි මහතකු විසින් සුවපත් කළේ ඇසූ දුටුවන්ට අදහාගත නොහැකි අන්දමේ ශාන්තිකර්මයකිනි.
හැට නව වැනි වියේ පසුවෙන හදි හූනියම් බලි තොවිල් කරන මෙම කට්ටඩි මහතා තැනට සුදුසු නුවණ භාවිතා කරමින් තමන් කරා එන රෝගීන් සුවපත් කිරීමට දක්ෂයකු බව ඔහු පදිංචිව සිටි ගමට රහසක් නොවීය.
මෙදින පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කට්ටඩි මහතා හමුවට අසල ගමක පදිංචි 24 හැවිරිදි තරුණයකු සමග පැමිණියේ මවක් සහ පියෙකි. ඔවුන් රථයෙන් බැස කට්ටඩි මහතා වෙත ගොස් ආගිය තොරතුරු කතා කිරීමෙන් පසුව මව පැවසුවේ, ඒ වන විටත් නිහඬව බලාගත් අත බලාගෙන නිහඬව සිටි තම පුතා දැනට සති කීපයක සිට මෙලෙස සිටින බවත්, ප්‍රියතාවයකින් ආහාර පාන නොගන්නා බවත් නිවැසියන්, හිත මිතුරන් හෝ ඥාතීන් හෝ සමග කතා බහක් නොකර යම් යම් දේ තනිවම කියවන බවත්ය.
තරුණයා පරීක්ෂා කර බැලූ කට්ටඩි මහතා පැවසුවේ, මොහුට වැලඳී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් බවත්, මෙය ඉවත් කිරීමට තොවිලයක් නැටිය යුතු බවත්ය.
නියමිත දින සවස කට්ටඩි මහතා බෙරකරුවකු සහ තවත් ගෝලයකු ද සමග රෝගියා සිටි නිවසට පැමිණියේය. ඒ වෙන විටත් නිවසේ රැස්ව සිටි ගමේ තරුණ පිරිසගේ ද සහයෝගයෙන් මල් යහනක්, පහන් පැලක් සහ පිදේනි සකස් කොට රාත්‍රී 9ට පමණ තොවිලය ආරම්භ කළේ ඉදිකළ මල් යහන අසල බිම එළා තිබූ පැදුරේ රෝගියා හාන්සිකරවා තබමිනි.
බෙරකරුවාගේ ළයාන්විත බෙර හඬ තාලයට පාද තබමින් ආශිර්වාද ගීත ගයමින් වරෙක අසල සිටියවුන් බිය ගැන්වෙන අයුරින් යක්ෂයන්ට, ප්‍රේතයන්ට, කුම්භාණ්ඩයන්ට සැර පරුෂ වචනයෙන් අමතමින් නටමින් ගයමින් අතේ රැඳි ගිනි පන්දමට දුම්මල ගසමින් නරඹන්නන්ගේ නෙත් සිත් පිනවන අයුරු ඇඳුමකින් සැරසී සිටි කට්ටඩි මහතා තොවිලය කරගෙන ගියේය. රාත්‍රී ගෙවී අලුයම හතරේ කණිසම ද නිවසේ හෝරා යන්ත්‍රයෙන් නාද විය. එහෙත් ආතුරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඔහුට මේ බෙර හඬ හෝ යාතිකා ගැන වගේ වගක් නැත. ඔහු හොඳට හරිබරි ගැහී ගුලිවී නිදාගෙන සිටී.
යමක් වැරදී ඇති බවක් කට්ටඩි මහතාට වැටහුණි. උගුලෙන් බැරි නම් හබකෙන් මේක ගොඩ දාන්න ඕනෑ යැයි තමාටම කියාගත් කට්ටඩි මහතා, තොවිලය මදකට නතර කොට ඒ වන විටත් මත් වතුරින් මත් වී සිටි තරුණයන් දෙදෙනකු දැක පසෙකට කැඳවා ඔවුන්ට පවසා කාටත් නොපෙනෙන ලෙස යම් මුදලක් ඔවුන්ගේ අත මිට මෙළවීය. ලද උපදෙස් අනුව පිටතට ගොස් විනාඩි කිහිපයකින් පැමිණ එම තරුණයන් දෙදෙනා එතෙක් ගොරවමින් පැදුරේ නිදාගෙන සිටි තරුණයා අවදි කරවාගෙන කළුවරේම පසෙකට කැඳවාගෙන ගොස් නැවත පෙර පරිදිම බිම තිබූ පැදුරේ හාන්සි කරවීය.
පෙර පරිදි නැවත තොවිලය ආරම්භ වුවත් එහිදී කට්ටඩි මහතාගේ මුවින් පිටවූයේ ළයාන්විත ආශිර්වාද ගීත නොව, නැගලා යන ගීතය. එම ගීතවලට සරිලන සේ බෙරකරුවා ද බෙරය වයන්නට විය. අසල සිටි තරුණයෝ ද අත්පොළසන් දෙමින් ගීත ගයමින් නටන්නට වූහ. තොවිලය නැරඹීමට පැමිණි පිරිසට මෙය අමුතුම තාලේ තොවිලයක් බවට පත්වී ඇති බව වැටහුණි. ගතවූයේ විනාඩි කීපයකි. එතෙක් බිම පැදුරේ වැතිරී සිටි රෝගී තරුණයා ක්ෂණිකව නැගී සිට අත්පොළසන් ගසමින් තොවිල්පොළට පැමිණ ගයන්නටත්, නටන්නටත් පටන් ගත්තේ අසල සිටි සැවොම පුදුමයට පත් කරවමිනි.
කට්ටඩි මහතාගේ හිතෛෂිවන්තයන් බවට පත්ව සිටි තරුණයෝ දෙදෙනා විනාඩි පහළවෙන් පහළවට නටමින් ගයමින් සිටි අමනුෂ්‍ය දෝෂය වැලඳී සිටි තරුණයා පිටතට රැගෙන ගොස් නැවත නැටුම් මණ්ඩපයට රැගෙන විත් දැමීමට කටයුතු කළහ. පැයක පමණ කාලයකින් පසු මෙම තොවිලය හමාර විය.
තොවිලය හමාරවීමෙන් පසු ගමේ පිරිස හා පවුලේ අය එක්ව ස්ථානය පිරිසිදු කිරීම ආරම්භ කළහ. රෝගී තරුණයා අනෙක් අයට වඩා කඩිසරෙන් එම කටයුතුවල නිරතවීම ගමේ අයටත් පවුලේ අයටත් සතුටට කාරණයක් විය. තොවිලය හමාරවීමෙන් ලද ගාස්තුව ද රැගෙන කට්ටඩි මහතා පිටත්වෙන්න සූදානම් වෙන විට ඔහුට උදව් කළ තරුණයන් දෙදෙනා ඔහු ළඟට ගොස් විමසුවේ ‘කොහොමද ඔබතුමා මේ මල්ලී හොඳ කළේ’ කියාය. ‘ඔව්වා හැමෝටම කරන්න පුළුවන් තොවිල් නොවෙයි ළමයිනේ. උගුලෙන් බැරි නම් හබකෙන් හරි අමනුෂ්‍ය දෝෂ විතරක් නොවෙයි ඕනම දෝෂයක් දුරු කරන කට්ටඩියෙක් මම’ යැයි කියමින් ඔහු යන්නට ගියේ බෙරකරුවා හා ගෝලයා ද සමගිනි.
එතැන් සිට තරුණයා ද සුවපත් වූ බව සඳහන් වේ.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කට්ටඩියාගේ අමුතු තොවිලයෙන් ආතුර තරුණයා නිකම්ම නැගිටලා