IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොට්ටය යට ඩ්‍රයිවින් ලයිසමෙන් බිරිඳගෙ හොරේ අතේ මාට්ටු

නිදන ඇඳේ කොට්ටය යට තිබූ  රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමිය ප්‍රදේශයකින් වාර්තාවේ.
 
මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියහ. සැමියා නිවුණු ගතිපැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවාය.
 
මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණි. දියණිය දීගයන විට දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළහ.
ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු විය. පුංචි පවුලට අලු‍ත් සාමාජිකයෙකු එකතු වූ විට තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදුවිය. මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා යන්නේය.
 
ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ටද නොදැනෙන ලෙසය. කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව ඇතිවූ සැකය පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළහ. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළේය.
 
තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළේය. සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසේ.
 
එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදුකළේය. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට ගමන පහසු විය. කාන්තාවගේ නිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේය. කිසිවක් සිතා ගැනීමට නොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය. කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස රැය පහන් කළේය.
 
පැයක් දෙකක් වැඩිපුර නින්ද ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ  නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමුවිය. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක රක්ෂණ සහතිකයක් විය. කුඩා දරුවා මහගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳ යතුරුපැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවේය.
 
කොට්ටය යට තිබී හමුවූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණාය. අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසූහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී මුදල් තිබූ ලියුම් කවරය වෙනුවට බලපත්‍ර තිබූ කවරය මාරුවී ඇති බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූයේය.
 
තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගිය අතර තරුණයාට සිදුවූ ලියුම් කවර මාරුව පිළිබඳ කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද පැවසේ.
 
හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන
 
 
 
 



අදහස් (0)

කොට්ටය යට ඩ්‍රයිවින් ලයිසමෙන් බිරිඳගෙ හොරේ අතේ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 390 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 420 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 639 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 647 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1091 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 915 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 502 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site