IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කොටහළුව සොයා ගිහින් ගුටි නොකා බේරිලා

අධික බීමතින් සිය මිතුරාගේ මගුල් ගෙදර යාමට ගොස්  අවසානයේ මගුල් ගේ සොයාගැනීමට නොහැකිව අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. මේ අතර ඔහුගේ දියණිය වැඩි වියට පත්ව ඇත. මගුල් ගෙය මත්ද්‍රව්‍යවලින් තොරව සිදු කරන ලෙස නිවසින් ඔහුට උපදෙස් ලබා දී තිබේ එහෙත් ඔහුගේ සමීප මිතුරන්ගෙන් ඔහුට ගැලවීමක් ලැබී නැත. පාටියක් නැතුව මොන මගුල ද යැයි ඔවුන් අසා තිබේ. ඔහු මේ සම්බන්ධව කල්පනා කර ඇත. පසුව ඔහුට කදිම අදහසක් පහළ වී තිබේ. ඒ මිතුරන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය සාදයක් නගරයේදි සංවිධානය කර කෑමට නිවසට ආරාධනා කිරීමය. අදාළ දිනයේ ඔහු සිය අදහස ක්‍රියාත්මක කිරීමට යෙදුනු අතර ඔහු ඒම ස්ථානයේ නොදුරුනේ මගුල් ගෙදර සිටිය යුතු නිසාමය.


සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සාදය ඇරඹුනු අතර එය අවසාන වූයේ එක් අයකුගේ වාහනයේ  විස්ක්‍රින් (ඉදිරිපස වීදුරුව) නැති වීමෙනි. තව අය වැටුණු වැටුණු තැන්වල නිදියි.


මේ අතර තම හිතවතාගේ මගුල් ගෙදර ගොස් යුතුකම් කිරීමට තවතෙක් සිතුවේය.


මිතුරාගේ නිවස කන්දක් උඩ පිහිටියද නිශ්චිතව මගුල් ගේ මතකයක් නොමැත. රාත්‍රිය නිසා වෙරි පිට සැම ගෙදරකම ලයිට් දල්වා ඇති හෙයින් ඔහු එම නිවාසවලට ගොස් මගුල් ගේ මෙහෙදැයි අසා ඇත. ඔහුට ලැබුණු පිළිතුර නැහැ තව උඩ යයි බවය. මග අහමින් උඩට ගිය ඔහු හට එක නිවසක විශාල සංගීත ශබ්දයක් ඇසී ඇතත් එහි සෙනග සිට නැත. ඒම නිවසට ගොස් විමසුවද මෙහි මඟුල් ගෙයක් නැහැ තව උඩහ යනමෙන් පිළිතුර දී තිබේ. තම මිතුරා තමන් බයිට් කරන බව සිතූ ඔහු වෙරි පිටම දෙතුන් වරක්ම එම නිවසින් අසා ඇත්තේ මඟුල් ගේ මෙහෙද යන්නයි. කෝපයට පත් වූ ගෙහිමියා ඉන්නව තමුසෙට මම හොඳ මඟුලක් දෙන්න යැයි පවසා නිවස තුළට ගොස් දෙකේ දෙකේ පොලු කෑල්ල ගෙන ඔහු පසුපස පන්නන්ට වී ඇත. පොල්ල දුටු විට වෙරි හිඳුනා මිතුරා නගරය තෙක්ම වැටී වැටී දිවගොස් ඇත්තේ දෙවියන් සිහිකරගෙනය.
 
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)



අදහස් (0)

කොටහළුව සොයා ගිහින් ගුටි නොකා බේරිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 547 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 964 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 897 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1168 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9513 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 886 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site