අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
කලකින් මුණගැසුණු මිතුරන් දෙදෙනකු මුහුදු හුළං වැදෙමින් හිරි පොදත් සමග සැන්දෑවක අවන්හලකට ගොඩ වැදුණේ මේ දෙදෙනා ආ වාහනය ද කිසිවකුට නොපෙනෙන ලෙස ගාල්කරමිනි.
මේසයක වාඩි වූ පසු සේවකයා ආහාර වට්ටෝරු පොත පිළිගැන්වීමෙන් අනතුරුව රැගෙන ආ මධුවිත බෝතලයට ගැලපෙන කටගැස්මක් සහ මිශ්‍ර කිරීමට බීම ද නම් කළහ.
ඒ අතර මිතුරන් දෙදෙනා ආගිය තොරතුරු කතා කර විනාඩි විස්සක් විසිපහක් ගත කරන අතරතුර කලින් ඇණවුම් කරන ලද සූකර කටගැස්ම රැගෙන ආපනශාලා සේවකයා සර්ලට තව මොනවද අවශ්‍ය යැයි විමසුවේ ලෙන්ගතුවය. එහිදී දෙහි පෙති කීපයක අවශ්‍යතාවද සපුරාගෙන චියර්ස් කියා වැඩේ ආරම්භ කළහ.
මේ දෙපළට කටගැස්ම සැර වැඩිවීමෙන් තරු විසිවී හායි හූයි කියැවිණි. කෙසේ වෙතත් කට ගැස්ම දැවිල්ල වුණත් නැතත් මුදල් ගෙවන එක අනිවාර්යයෙන් සිදු කළ යුතු බව දෙදෙනාම වටහා ගත්හ. වැඩේ අවසන් කිරීමට තීරණය කර ඉන් එක් මිතුරෙක් අපි පිපිඤ්ඤා ප්ලේට් එකක් ඕඩර් කරමු යැයි අනිත් මිතුරාට යෝජනා කළේය.
යෝජනාව අනුමත විය. සේවකයා අමතා අවශ්‍යතාව පැවසීය. එහෙත් පෙර ඇණවුම් කර ආහාර වට්ටෝරුවේ මිල ගණන් දැනගෙන තිබූ නමුත් පිපිඤ්ඤා පෙති කැපූ පිගානේ මිල ගණන විමසා නොමැත. ඒ එයින් කරන්නේ පිපිඤ්ඤා ගෙඩියක් පෙති කපා ලුණු ගම්මිරිස් දැමීම පමණක්නේ යන සිතුවිල්ලෙනි. දෙදෙනා එහෙම සිතා කටගැස්මේ තිබූ දැවිල්ල මගහැර ගැනීමට ලැබීම ගැන සතුටට පත්ව මුහුදු වෙරළ අසල අවන්හලෙන් යෑමට මත්තෙන් සේවකයා ලවා බිල ගෙන්වා ගත්හ.
එහිදී පෙර මිල ගණන් අනුව ඇණවුම් බීම වර්ග හා කටගැස්මට අමතර තවත් රුපියල් 770 ක් ඊට එකතු වී තිබීමෙන් දෙදෙනාම වික්ෂිප්ත වූහ. ඒ ගැන සේවකයාගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ මේ ගාන පිපිඤ්ඤා පෙති පිගානට බවය. සේවා ගාස්තුව ද ඇතුළත්ව බව පැවසීමෙන් දෙදෙනාට දෙවැනි වරටත් තරු විසි වී පිපිඤ්ඤා පිගානේ මුදලද ඇතුළුව මුළු මිලම ගෙවා එතනින් නික්ම ගියේ ආයෙත් මේ අසලින් යද්දී ඒ පැත්තවත් නොබලන්න සිතාගෙනය.
මේ දිනවල පිපිඤ්ඤා ඇතුළු එළවළු විකුණාගැනීමට බැරිව ගොවීන් හූල්ලන කතාවක් මැදදී මුහුදු සුළං වැදෙමින් හීනියට සෙට් වෙන්න ආ මේ දෙන්නා කටින්ම කට දැවිල්ලෙන් වෙච්ච දේ කියා තවත් මිතුරන් පිරිසකට පවසා තිබේ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කට දැවිල්ල වැඩිවෙලා: පොකට්ටුවටත් තට්ටුවෙලා
mangala Monday, 02 October 2023 04:23 PM
ෆේස්බුක් ලයිව් දානවා කියලා වීඩියෝ එකක් ගත්තා නම් හරි ගාන ලියලා දෙයි. එහෙම නැතත් ඔය වගේ තැන් විඩියෝ කරලා දාන්න ඕනෑ. එතකොට දෙපාරක් හිතනවා මිනිසුන්ව සූරන් කන්න කලින්. කොහොමත් ලංකාවේ මිනිස්සු මතට ලොල්බව ඕනෑවට වැඩියි...
himal Monday, 02 October 2023 04:26 PM
ඔය පිපිඤ්ඤා කියන්නේ ගර්කින් වලට... ඒවා කොහෝමත් ගණන්.. අනික හෝටලේක මිල අය කරන්නේ සේවා සැපැයීමටත් එක්ක... එහෙම නැතුව රු 770ක පිපිඤ්ඤා නෙවෙයි...!