IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කොටු පැනිල්ලෙන් පුත්‍රයාගේ කෙරුවාව හෙළිවෙලා

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


යුක්තියේ මෙහෙයුමෙන් දහහත් හැවිරිදි සිය පුත්‍රයාගේ තරම මවුපියන්ට දැනගන්නට හැකි වූ අපූරු කතාවක් අම්බලන්ගොඩ පොලිසියෙන් අසන්නට ලැබේ.
එදා මධ්‍යම රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිසියට අයත් ත්‍රිරෝද රථය පොලිස් කණ්ඩායමක් සමග අම්බලන්ගොඩ කන්ද මාවතේ සංචාරය කළේ, යුක්තිය මෙහෙයුමට සම්බන්ධයෙන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෙවීමේ ඒකායන අරමුණින්ය.
එසේ යන අතරතුර තාප්පයකින් පැන කොල්ලෙක් දිව්වේය. එසේ පැන දිවූ ගැටයා පිටුපස පොලිසිය ද පැන්නුවේය. “අනිවාර්යයෙන්ම මූ කාට හරි වැඩක් දෙන්න ආ එකෙක්” යයි පොලිසිය සිතුවේය. “මූ කුඩ්ඩෙක්” යයි ද පොලිසිය යටි සිතේ තබාගෙන කොල්ලා පසුපස පැන්නුවේය. කොල්ලා පොලිසියට මාට්ටු විය. කොල්ලාගේ කරේ ලක්ෂ තුන හතරක් පමණ වටිනා මාලයකි. අත් පලඳනාවේ වටිනාකම ද ඊට නොදෙවැනිය. නවීන පන්නයේ ජංගම දුරකතනයේ මිල ද ලක්ෂ දෙක තුනකට වඩා වැඩිය.


“කියමුකෝ බලන්න තමුන් තාප්පෙන් පැනලා දිව්වේ ඇයි කියලා” පොලිසියේ මහත්වරු කොල්ලාගෙන් ඇසුවේ තමන් දන්නා හොඳ සිංහලයෙනි. උගුරු කඩාගෙන කෑමොර දෙමිනි.
“සර්, මම කුඩ්ඩෙක්වත් අපරාධකාරයෙක්වත් නෙමෙයි. මම ආවේ මගේ කෙල්ල බලන්න. මම කෙල්ල බලලා යන ගමන් තමයි මේ.”
“යකෝ තමුන්ට කෙල්ල බලන්න එන්න වෙලාවක්ම තිබුණේ නැද්ද? යක්කු ගස් යන වෙලාවට රෑට ගෙවල් ගානේ බඩ ගාන්නෙ” යයි පොලිස් නිලධාරියෙක් ඇසුවේය.
“දෙනවකෝ තමුන්ගේ මවුපියන්ගේ ජංගම දුරකතන අංක” පොලිස් නිලධාරීහු කොල්ලාගෙන් ඉල්ලා සිටියහ.
කොල්ලා කසාය පානය කළ ගොළු‍වකු මෙනි. “තමුන්ට අපි කියන දේ ඇහෙන්නේ නැද්ද?” එක් පොලිස් නිලධාරියකු අඩි පොළොවේ හප්පා කොල්ලාගෙන් ඇසුවේ, කොල්ලා බය කර එයට ප්‍රතිචාරයක් ලබා ගැනීමටය. කොල්ලා ඊට ද ප්‍රතිචාරයක් නොදැක්වීය. කොල්ලා පොලිසියට ගෙන එන්නේ පොලිස් නිලධාරීන්ට වෙන කරන්න දෙයක් නොවූ නිසාවෙනි.
පොලිස් නිලධාරියෙක් කොල්ලාගේ ජංගම දුරකතනය ගෙන එහි මෙමරිය පරීක්ෂා කර බලා පියාගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. පුතණ්ඩියා පොලිසියේ මහ රෑ ඉන්නා බව කීවත් පියා එය නොපිළිගත්තේය. “පොලිසිය වෙන කෙනකුට රැවැටිලා” යයි කීවේය. ඔහුගේ පුතා රෑ එහේ මෙහේ යන කෙනකු නොවන බව ද කීවේය. කෝකටත් පුතා කාමරයේ ඉන්නවා දැයි පියා බැලුවේ නිකමටය. “අනේ සර්, කොල්ලා ගෙදර නෑ නේන්නම්. අනේ සර්, අපි එනකම් පුතා තියා ගන්න.” යයි ද පියා දුරකතනයෙන් කීවේ අඬ අඬාය.
සිය පුතා බැලීමට පොලිසියට ඒමට දොර ඇරීමට ගිය තැන දොරවල්වල යතුරු නැත. පියාට දවල් තරු පෙනුණේ තමන් බබකු වගේ හදා ගත් පුතාගේ තරම දැනගන්නට වූ හෙයිනි. පුතා ද තාත්තාගේ ජංගම දුරකතන අංකය නොදී සිටීමේ හේතුව පොලිසියට දැන් හොඳටම පැහැදිලිය. කොල්ලා කොටුවක් පැනීමට පැමිණ ඇත්තේ නිවෙසේ දොරවල් වසා, ඒවායේ යතුරු ද රැගෙන බව පොලිසියට මාට්ටු නොවූයේ නම්, මූ තව කාලයක්ම මවුපියන් මේ විදිහට රවටනවා නොඅනුමානය.

 



අදහස් (6)

කොටු පැනිල්ලෙන් පුත්‍රයාගේ කෙරුවාව හෙළිවෙලා

vernon Wednesday, 22 May 2024 11:55 AM

හරි දැන් මේ තරුණයා කරපු වැ‍රැද්ද මොකක්ද?

:       3       35

anaSaturday, 25 May 2024 08:44 AM

අවේලාවේ වීථි සංචාරය.

:       0       3

සුපුන් චාමරTuesday, 28 May 2024 11:04 AM

කරුණාකර අවේලාව සදහන් කරන්න . කීයෙ ඉදන් කීය වෙනකම්ද කියලා. ඒ වෙලාවට එලියට බහින්න ඉන්නෙ නෑතුව ඉන්න

:       0       2

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 22 May 2024 02:02 PM

අවුරුදු 17 දී කසාද බඳින්න බැරි වුණාට කොටු පනින්න අවසර තිබෙනවා.

:       0       29

pakeer Thursday, 23 May 2024 11:18 AM

පොලිසියෙන් යම් පුශ්න කිරිමකදා අපිට උත්තර නොදි ඉන්න පුළුවන් නේද?නිතිය හරි හැටි නොදන්න නිසා අහන්නේ. දැනගන්න කවුරු හරි කෙනෙක් කියලා දෙන්න

:       0       9

Sumana kumara Wednesday, 29 May 2024 02:33 PM

පොලීසියට වගකීමක් තියනවා යම් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න.. ඒ මිනිස්සුන්ට අදාල නැහැනේ කෙල්ල බලන්න යන වෙලාව ඔතැන හොඳ නිලධාරීන් හිටියා නම් බලු වැඩ කරන්නේ නැහැ.. හොරෙක් වැරැදි කාරයෙක් නෙවෙයි නම් අවවාද කරලා මුදා හරිනවා... කුහකත්වය තමයි ඔය...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 430 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site