තම අයියාගේ පුතාගේ කතාවක් හේතුවෙන් විවාහයක් නතර වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
ඔහු දීර්ඝකාලීනව තරුණියකට පෙම්කර ඇති අතර ඔවුන් එම ආදරය විවාහය දක්වා රැගෙන යාමට තීරණය කර තිබේ. මෙම කටයුත්ත නිවසට පැවසීම සඳහා තරුණියට ඇති එකම බාධාවක් වූයේ ඔහු අධික ලෙස මත්පැන් හා දුම්වැටි පානය කිරීමය.
ඇය ඔහුට පවසා ඇත්තේ තමන් විවාහ කර ගැනීමට අවශ්‍ය නම් එම මත්ද්‍රව්‍ය පාවිච්චිය කිරීම නතර කරන ලෙසත් සිය මව්පියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයකුට කිසිදා කැමති නොවන බවය.
ඔහු නැවත මත්ද්‍රව්‍ය පානය නොකරන බවට පොරොන්දු වීම හේතුවෙන් ඇය සිය නිවසට ඔහු පිළිබඳව දන්වා ඇති අතර මඟුල තීන්දු කිරීම සඳහා නිවසට පැමිණෙන ලෙස තරුණියගේ මව්පියන් තරුණයාට දන්වා තිබේ .
ඒ අනුව ඔහු සිය මව්පියන් හා සිය එකම අයියා සමඟ මනාලියගේ නිවසට ගොස් තිබේ. එකම අයියාගේ පුත්‍රයා කටට ආ දෙයක් කියන අතර ගමන යාමට පෙර ඔහු පැත්තකට කැඳවා උපදෙස් රැසක් දීමට ඔහු කටයුතු කර තිබේ.
නියමිත දිනයේ ඔවුන් මනාලියගේ නිවසට ගොස් ඇති අතර සුහද පිළිසඳරෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මනාලිය බුලත් හෙප්පුව ගෙන මනාලයා අසලට පැමිණ තිබේ. මෙය දුටු අයියාගේ පුතා සිය මාමාට නොදන්නාකමින් මොවුන් බුලත් විට රැගෙන ආ බව සිතා “අපේ මාමා බුලත් විට කන්නේ නැහැ, සිගරැට් විතරයි බොන්නේ, දැන් එද්දිත් සිගරැට් පැකට් එකක් විතර බීවා” පවසා මාමා දෙස බලද්දී ඔහු එතනින් අතුරුදන් වී ඇති අයුරු දක්නට ලැබී තිබේ
ලත් තැනම ලොප් වූ මඟුල ගැන ළතැවෙමින් තරුණයා පයින්ම මහ මග පිස්සෙක් මෙන් යමින් සිටියදී සිය නිවසේ සී.ඩී යන්ත්‍රයේ ප්‍රේම ගීතයක් ගයමින් සිටි ගායකයාගේ කට වසා දැමූ ඇය ඇඳ සිටි ඇඳුම් පිටින්ම ඇඳට වැටී ඇත්තේ තම ආදරවන්තයා අහිමිවීම පිළිබඳව ශෝකය සමගය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංග
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කට වරද්දාගෙන මඟුල කඩාගෙන