කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මවුපියන් පාසලට ගෙන්වා ඔවුන් ඉදිරියේ දී කොණ්ඩය කොටට කපාගෙන එන්න යැයි විදුහල්පතිවරයා කී අවස්ථාවේ දී තමා මහණ කරන්න ද හදන්නේ සිවුරකුත් ගෙනත් දෙන්න යැයි පවසා ඇතැයි කියන 19 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ පාසලක 13 වැනි ශ්‍රේණියේ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයාගේ මවුපියෝ දෙදෙනාම රජයේ ආරක්ෂක අංශයකට අනුයුක්තව රාජකාරී කරති.
පියා කොළඹ ප්‍රදේශයේත් මව කෑගල්ල ප්‍රදේශයේත් සේවය කරති.
ඉකුත් දිනක උසස් පෙළ ශිෂ්‍යයා ප්‍රදේශයේ බාබර් සාප්පුවකට සවස් කාලයක ගොස් හිස මුදුණෙන් උඩට කෙස් වැඩි කොටසක් ඉතිරි කර පහළ කොටස සම්පූර්ණයෙන්ම කොටට කපාගෙන නිවසට පැමිණ ඇත. නිවසේ සිටි මිත්තනිය කොණ්ඩය කපා ඇති අයුරු දැක දොස් පවරමින් සිටින අවස්ථාවේ දී මව ද රාජකාරි කටයුතු නිම කරමින් නිවසට පැමිණියා ය.
මිත්තනිය සමග මව ද ශිෂ්‍යයාට දොස් නගන්නට වූවාය. ‘‘මේක ප්‍රශ්නයක් කර ගන්න එපා කිරි අම්මේ, කොල්ලෝ කොණ්ඩය කපන්නෙ දැන් ඔය විදිහට. කොච්චර ලස්සනයි ද බලන්න කෝ කිරි අම්මේ’’ යැයි පවසා ශිෂ්‍යයා හිස පිටුපස ද හරවා පෙන්වා ඇත.” ‘අපට කමක් නෑ හෙට ඉස්කෝලේ ගිහාම ලොකු මහත්තයා බලා ගනියි’ යැයි මිත්තනිය පැවසුවාය.
පසු දින ශිෂ්‍යයා පාසල් ගියේය. අමුතු තාලයට ශිෂ්‍යයා කොණ්ඩය කපාගෙන පැමිණ ඇති අයුරු පන්ති භාර ගුරුවරයා දැක විදුහල්පතිවරයා දැනුවත් කළේය. විදුහල්පතිවරයා පන්තියට පැමිණ ශිෂ්‍යයා කොණ්ඩය කපාගෙන පැමිණ සිටි අයුරු දුටුවේය. කිසිවක් නොකියා පන්තියෙන් පිටව ගිය විදුහල්පතිවරයා ශිෂ්‍යයාගේ පියාට දුරකතන ඇමතුමක් දී හෙට පාසලට අනිවාර්යයෙන් මවුපිය යුවළ පැමිණිය යුතු බවට දන්වා සිටියේය.
හදිසි අසනීප නිවාඩුවක් ගෙන නිවසට පැමිණි පියා පසු දා මව ද නිවාඩුවක් ගෙන මිත්තනිය සමග තිදෙනා විදුහල්පතිවරයා මුණ ගැසීමට පාසලට ගියහ.
‘‘පුතා නම් කොණ්ඩය කපාගෙන ඉස්කෝලයට ඇවිල්ලා තියෙනවා බොහොම ලස්සනයි. ඔහොම කොණ්ඩය කපාගෙන ඉස්කෝලේ යන්න එපා කියලා දරුවාට මවුපියන් වශයෙන් ඔබලා අවවාදයක් දුන්නේ නැද්ද? මම කිසිම දෙයක් ළමයාට කිව්වේ නෑ. අද කාලයේ ළමයින්ට මොකවත් කියන්න බැහැ වරද එන්නේ ගුරුවරු වන අපට’’ විදුහල්පතිවරයා උපැස් යුවළ යටින් මවුපියන් දෙස බලා කීය.
පසුව විදුහල්පතිවරයා පන්ති භාර ගුරුවරයාට ශිෂ්‍යයා කැටුව විදුහල්පති කාර්යාලයට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන්නේය. පසුව පන්ති භාර ගුරුවරයා ශිෂ්‍යයා සමග විදුහල්පති කාර්යාලයට පැමිණියේය. ‘මම කිව්වා නේද ඔහොම කොණ්ඩය කපාගෙන ඉස්කෝලේ යන්න එපා ලොකු මහත්තයා පාසලෙන් එළියට දායි කියලා කිව්වට ඇහුවේ නෑ නේද?’ මිත්තනිය මුණුපුරා දෙස බලා පැවසුවාය.
‘අද ගෙදර ගිහිල්ලා පිළිවෙළකට කොටට කොණ්ඩය කපාගෙන ඇවිල්ලා හෙට පන්ති භාර සර්ට පෙන්වන්න ඕනෑ. කොහොමද ඔය කොණ්ඩය කපලා තියෙන්නේ. ඉස්කෝල ළමයෙකුට ගැළපෙන්නේ නෑ. වෙන විදුහල්පතිවරු ළමයිගේ කොණ්ඩය රැවුල පාසලේ දී කපනවා, මම එහෙම කරන්නේ නෑ’ විදුහල්පතිවරයා ශිෂ්‍යයාට අවවාද කරමින් පන්ති භාර ගුරුවරයා මවුපියන් හමුවේ පැවසීය. ‘‘සර් මට කොණ්ඩය කොටට කපන්න කියන්නේ මම මහණ කරන්න ද හදන්නේ එහෙනම් සිවුරකුත් ගෙනත් දෙන්න’ යැයි ශිෂ්‍යයා මවුපියන් මිත්තනිය විදුහල්පතිවරයා පන්ති භාර ගුරුවරයා හමුවේ කේන්ති ගිය ස්වරූපයෙන් පැවසීය.
විදුහල්පතිවරයා, පන්ති භාර ගුරුවරයා, මවුපියෝ, මිත්තනිය එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්හ. ‘අද කාලයේ දරුවෙකුට අවවාදයක්වත් දෙන්න බැරි හින්දා තමයි අපි මවුපියන් පාසලට කැඳවීමට තීරණය කළේ. වෙන විදුහල්පතිවරු නම් කොණ්ඩය කපනවා. මම එහෙම කරන්නේ නෑ’ විදුහල්පතිවරයා මවුපියන් හමුවේ පැවසීය. ‘සර් ළමයාගේ කොණ්ඩය ගැළපෙන විදිහට කපලා හෙට පාසලට එවන්නම්’ යැයි පියා විදුහල්පතිවරයා ඉදිරියේදී පොරොන්දු වී තිදෙනා විදුහල්පති කාර්යාලයෙන් පිටව නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොණ්ඩය කපන් එන්න කීවාම සිවුරකුත් ගෙනත් දෙන්න කියලා