IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කඬේ ගහපු දැන්වීමෙන් මුදලාලි හොල්මන් වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
කඩ මණ්ඩියක වූ සිල්ලර වෙළඳසලක කඩහිමියාට ගණන් හිලව් ගැන හොඳ දැනුමක් තිබුණත් අකුරු ශාස්ත්‍රය ගැන එතරම් දැනුමක් තිබුණේ නැත.


පසුගිය දිනවල ඇදවැටුණු මහ වැසි නිසා එම කඩ බක්කියේ වූ කරවල නරක් වී ගියද ඔහු කපටිකමෙන් ඒවා අලෙවි කළේය. මේ පිළිබඳ ගැටුම් ද ඇති විය.


පසුගිය දිනක කඩයට ආ කොලුගැටව් කීප දෙනකු කඩය ඉදිරිපස දැන්වීමක් ගැසීමට මුදලාලිගෙන් අවසර ඉල්ලීය. දේශපාලන ඒවානම් අලවන්න එපා යැයි ඔහු කීවේ තරමක කෝපයෙනි. “නෑ මේ බිස්නස් ගැන එකක්” ඔවුන් කීවෙන් ඊට අවසර ලැබිණි.


පසුවදා කඩයට ආ අය එය කියවා සිනාසීම මුදලාලිගේ හිතට ඇල්ලුවේ නැත. ඒ ගැන විමසූ විට එක් අයකු කීවේ” මුදලාලි ඇත්තම කියල වෙළඳාම් කරනවා. ඒක හොඳයි කියාය. “මං එහෙම තමයි” මුදලාලි ආඩම්බරයෙන් කීවත් හිතට කිසියම් සැකයක් මතු වී අමාරුවෙන් දැන්වීම කියවීය. “මෙහි කුණු කරවල විකිණීමට තිබේ” යන්න කියවූ ඔහු කොලු ගැටුවන්ට කුණු බැණුම් බණිමින් දැන්වීම ඉරා දැමුවාලු. සබරගමුව පැත්තෙන් ඇසුණු සත්‍ය පුවතකි.

 



අදහස් (0)

කඬේ ගහපු දැන්වීමෙන් මුදලාලි හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 427 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 896 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 859 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9490 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site