හිඟුරානේ නවරත්න සමරතුංග
ඩීසල් බූලියක් වතුර බූලියක් බවට පත්වීමේ රහසක් හෙළිවී ඇති නමුත් ඩීසල් හොරා ගැන මෙතෙක් හෙළි වී නැති සිද්ධියක් අම්පාරේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු නගරයේ ඉන්ධන පෝලිමට එක්ව සිට දින තුනකට පසුව මිලදීගත් ඩීසල් බූලිය තම යතුරු පැදියේ පසුපස අසුනේ තබාගෙන නිවෙස බලා යමින් සිටියේය.
ඒ අතර තුර හිතවත් කාන්තාවක ඔහුට මුණගැසිණි.
අම්පාර නගරයට යාමට බසය මගහැරී අතුරු මාවතක් ඔස්සේ පැමිණි ඇය ප්‍රධාන මාර්ගය අයිනේ නතරවී සිටියදී මෙම හමුව සිදුවීය.
‘මම ඔයා ටවුමට ගිහින්දාලා එන්නම්‘ කී ඔහු ඩීසල් බූලිය ඒ අසල නිවසක තබා යාමට තීරණය කොට එම නිවෙසට ගියේය.
එම නිවෙසේ කිසිවකු හෝ නොසිටි අතර ඩීසල් බූලිය ගෙයි පිටුපස සඟවා තබා මිතුරිය සමඟ නගරයට යාමට ඔහු තීරණය කළේය.
එසේ යන අතර තුර හිත මිතුරුකම දිග දුර ගොස් ඇයට ඕනෑකළ දෙතුන්පළකට කැඳවාගෙන ගියේය. ඇයත් සමඟම පැය තුනකට ආසන්න කාලයක් ගත කිරීමට ඔහුට සිදුවූයේ ඇගේ ළෙන්ගතුකම මැද්දේය.
එසේම ඔහු ආපසු ඇය සමග පැමිණ ඇයගේ නිවෙසටම ඇරලවීමටද කටයුතු කළේය. ඉන්පසු ඔහු ඩීසල් බූලිය ද යතුරු පැදියේ තබාගෙන තම නිවෙසට ගියේය.
වෙනදා මෙන් කතාබහක් නැතිව බිරිඳ මුහුණ නරක් කරගෙන කෝපයෙන් සිටිනු ඔහු දුටුවේය.
‘මොකද ඔයා නිකම් ඔරොප්පුවෙන් වාගේ? ‘ ඔහු ප්‍රශ්න කරන්න වූයේ කිසිම දෙයක් සිතාගත නොහැකිවය.
ගිනිකන්ද පුපුරාගියේ එවිටය.
‘හ්ම්! ඔරොප්පු නෙවී පුළුවන්ද? තමුසෙට ලැජ්ජාවක් නැද්ද මිනිස්සු නැති සක්කරවට්ටමක් බයිසිකලේ පිටි පස්සේ තියාගෙන රවුම් ගහන්න, චිහ් විතරක්!‘
බිරිය ආවේශය දැක ගොළු වූ සැමියා බිරියගේ කතාවට ඉඩදී තුෂ්නිම්භූත වෙමින් තමන් කතක් සමග රවුම් ගැසූ සිද්ධිය කවුරුන් හෝ බිරියට පවසා ඇති බව සිතමින් නිහඬ විය.
එම සිද්ධියෙන් පසු දින ගොයම් කපන දිනය විය.
ඔහු කුඹුරට ගෙනගිය ඩීසල් බූලියේ මූඩිය ඇර බලද්දී එය වතුර බූලියක් බවට පත්ව තිබෙනු දුටු ඔහුට තරු විසිවී ඉහමොළ රත්විය.
ඒ අසල සිටි ට්‍රැක්ටර් රථයේ රියැදුරාට කතා කළ ඔහු මේ ගැන කිසිවකුට හෝ හෙළිදරව් නොකරන ලෙස බැගෑපත්වී ඇත. එහෙත් ඩීසල් බූලිය වතුර බූලියක් බවට පත්වීමේ රහස මේ වන විට හෙළිවී ඇති නමුත් ඩීසල් වතුර බවට පත්කළ හොරා ගැන තවමත් හෙළි වී නැත.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතක් එක්ක කරක් ගසා එද්දී ඩීසල් බූලිය වතුර වෙලා