(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා)
කොරෝනා ආසාදිතයකුට රජයෙන් දෙන රුපියල් 5,000 බඩු මල්ල දීමට ඔහු සිටින ස්ථානය දැනගැනීමට ඊට අදාළ කාර්යාලයේ නිලධාරිනියක සිය ජංගම දුරකතනයෙන් ගසන ලද මිස් කෝල්වලින් දෙන්නා දෙමහල්ලන් අතර ලොකු ගැටුමක් වූ පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ.
කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඔහු නිවෙසට පැමිණියේ නොබෝදාය. එසේ නිවෙසේ සිටින ඔහුගේ ජංගම දුරකතනයට මිස් කෝල් කිහිපයක් පැමිණියේ ඔහු නාන කාමරයේ සිටින විටදීය.
සිය සැමියාගේ ජංගම දුරකතනයට පැමිණි මිස් කෝල් පිළිබඳව භාර්යාව සැක කළේ ඔහු සමග සහේට ගිය දා පටන්ම පටන්ගත් සැකයට අනුවය. ඔහුගේ තරම ඇය දැන සිටීම එයට තවත් විශේෂ හේතුවක් වූවාය. රෝහලේදී ඔහු ගැහැනු පරාණයක් සමග අනිවාර්යයෙන්ම මොකක් හෝ පටලැවිල්ලක් ඇති කරගන්නට ඇතැයි ඇය සිතුවාය. මීට පෙර ද ඔහුගේ මෙවැනි පෙර වැරැදි තිබීම එයට හොඳම නිදසුනය.
ඒ දෙන්නා දෙමහල්ලෝ හොඳ රණ්ඩුවක් පටලා ගත්හ. ඔහු රෝහල්ගතව ඉන්නා විටදී අඩුම තරමේ රෝහලේ සනීපාරක්ෂක සේවිකාවකවත් දැලේ දමාගන්නට ඇතැයි ඇය සැක කළාය. තමාගේ නිරවද්‍යතාව පිළිබඳව ඔහු කොතෙකුත් දේ කීවත් ඇය එය තුට්ටුවකට මායිම් නොකරම රණ්ඩු කළාය. ඒ අස්සේම නැවතත් ඔහුගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් පැමිණියේ භාර්යාව ඔහුගේ ජංගම දුරකතනය පොළොවේ දමා ගැසීමට සූදානම් වූ අවස්ථාවේදීය. කෝකටත් මිස් කෝල් ගහන්නේ මොන ගැහැනිය දැයි යන්න වංහුන් සෙවීමට තීරණය කළ ඇය පැමිණි මිස් කෝල් එකට ඇමතුමක් ලබාගත්තාය.
තමාගේ සැකය සාධාරණ යැයි ඇය සිතුවේ එයට සම්බන්ධ වූයේ කාන්තාවක වීම නිසාය. ලද බොළඳ බසින් සිය සැමියා නිවෙසේ ඉන්නවා දැයි ඒ කාන්තාව ඇසීමත් සමගම භාර්යාවගේ සර්වාංගයම කේන්තියෙන් වෙව්ලුවාය. ‘මොන එහෙකට ද ඕයි මගේ මිනිහා ගෙදර ඉන්නවා දැයි අහන්නේ’ යි ඇය ඒ කේන්තියත් සමගම ඇසුවේ ඇස්වලින් පුපුරන අග්නි ජාලාවෙන් සිය සැමියා දවාලමින්ය.
‘මම අසවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය. ඔයාගේ මහත්තයාට කොරෝනා ආසාදනය වීම නිසා රජයෙන් ලබාදෙන රුපියල් පන්දහසේ බඩු මල්ල ලබාදෙන්නයි විමසුවේ. කරුණාකරලා මට ඉන්න තැන කියන්න ඒක ලබාදෙන්නයි විමසුවේ’ එහා පැත්තෙන් අර කාන්තාව කී විට ඔහුගේ භාර්යාව ලජ්ජාවෙන් ඇඹරුණේ අනේ මේ නෝනාගේ මිස්ට කෝල් ගැහිල්ලෙන් වෙන්න ගිය විනාශය ගැන සිත සිතාය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්තෝරු නෝනාගේ මිස් කෝල් එකට ගේ ඇතුළේ අලි වලියක්