කාන්තා රැස්වීමකදී ලබාදුන් වැලිතලප සංග්‍රහයකින් අනතුරුව ඉතිරි වැලිතලප ටික පැමිණි කාන්තාවන් තිදෙනකු විසින් රැගෙන යමින් සිටිය දී මාට්ටුවීමේ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරිනියකගේ ද සහභාගිත්වයෙන් මාසිකව රැස්වෙන කාන්තා සංවිධානයක් පසුගියදා එහි සාමාජිකාවකගේ නිවසේ රැස්වී තිබුණි.
මෙම කාන්තා සමිතිය එහි සාමාජිකාවකගේ නිවෙසක රැස්වෙන අතර මෙවර එය පැවැත්වුණේ අතමිට සරු කාන්තාවකගේ නිවසකදීය. සම්ප්‍රදායක් ලෙස රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව නිවැසි කාන්තාව විසින් තේ පැන් සංග්‍රහයක් ලබා දීම සිදු කෙරෙන අතර මෙවර පැමිණි සාමාජිකාවන්ට වැලිතලප සංග්‍රහයක් ලබා දීමට ද කටයුතු යොදා තිබුණි.
කපන ලද වැලිතලප කැබලි අයිස් ක්‍රීම් භාජන දෙකක අසුරා තිබූ අතර තේ පැන් සංග්‍රහයට පෙරාතුව ඒවා අතින් අත යවමින් වැලිතලප බෙදාගැනීම සිදුවිය. අනතුරුව තේපැන් සංග්‍රහය සිදු කෙරුණි.
රැස්වීම අවසානයේ වැලිතලප භාජන දෙක පුටු දෙකකත් එහි පියන් දෙක තවත් පුටුවකත් තිබෙනු දැකගත හැකි විය.
ඉතිරි වැලිතලප පිළිබඳව විමසිල්ලෙන් සිටි කාන්තාවන් දෙදෙනෙකුට එක් භාජනයක විශාල ප්‍රමාණයක් ඉතිරිව තිබෙනු දැක ගැනීමට හැකිවිය.
වහා ක්‍රියාත්මක වූ ඔවුන් දෙදෙනා වැලිතලප කැබලි කීපය බැගින් ගෙන සිය ගමන් මලු තුළ සඟවා ගත්හ. දැන් රැස්වීම අවසන්ව පිරිස පිට වෙමින් සිටි අතර තවත් කාන්තාවක් තමා ගෙනා භාජනයක් රැගෙන යන්නාසේ ඉතිරි වැලිතලප භාජනයම සිය ගමන් මල්ලේ ඔබාගෙන නිවසින් පිටවී ගියාය.
රැස්වීම අවසානයේ නිවැසි කාන්තාව හා පවුලේ අය පුටු මේසාදිය අස්පස් කළ අතර එහිදී වැලිතලප දමා තිබුණු එක් භාජනයක් සොයා ගැනීමට නොහැකි විය. පසුව නිවසේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේ දී සිදුවී ඇති සියල්ල සජීවීව එහි සටහන්වී තිබෙනු දැකගත හැකිවී තිබේ.
සිද්ධිය පිළිබඳව නිවැසි කාන්තාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීතුමියට හා අසල්වැසි නිවෙස් දෙකක කාන්තාවන් දෙදෙනෙකුට පවසා ඇත්තේ සුළු සිද්ධියක් බැවින් එය කිසිවෙකුටවත් නොපවසන ලෙසයි.
ප්‍රදේශයේ කතා බහ කළ නොහැකි අත දරුවන් හැර සියලු ගම්වැසියන් දැන් මේ සිද්ධිය දන්නා බැවින් අර කාන්තාවන් තිදෙනාට නිවසින් එළියට බැසීමටවත් නොහැකි තත්වයක් උදාවී ඇතැයි ආරංචියි.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාන්තා රැස්වීමේ වැලිතලප සිද්ධියෙන් පටි ගැලවිලා