IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොන්දොස්තරත් රියැදුරුත් බස් පරීක්‍ෂකයන් ගොනාට අන්දලා

ඉරිදා උදේ අටට රාගම ඉඳන් කොළඹ යන පෞද්ගලික බසය පිටත් වුණා. කොන්දොස්තර මල්ලී ඇඳන් හිටියේ ටී ෂර්ට් එකක්. ඩ්‍රයිවර් අයියාටත් එච්චර වයසක් පෙනුණේ නැහැ. කොන්දොස්තර මල්ලී බහින්නේ කොහෙන්දැයි අහමින් සල්ලි අර ගත්තා. හැබැයි ටිකට් එකක් දුන්නේ නම් නැහැ. මහබාගේදී බස් එකේ සෙනඟ බාගයක්ම බැස්සා. බස් එක කොට කොට යන්නට ගත්තේ ඊට පස්සෙයි.


වත්තල පහු කරද්දී කොන්දොස්තර මල්ලිට දුරකතන ඇමතුමක් ආවා. හදිස්සි කෝල් එකක් වාගේ. කලබල වුණු මල්ලී ඩ්‍රයිවර් අයියා ළඟට ඇවිත් බඩු හෑව් කියලා කියන ගමන්, අයිනක ගුලි කරලා තිබුණු කිළිටි නිළ ඇඳුම ඇඳ ගත්තා. පස්සේ එයා බස් එකේ ඔක්කොටම ටිකට් දීගෙන දීගෙන ගියේ ගංවතුර ආධාර බෙදනවා වගේ.


ඉස්සරහට ගිය බස් එක ටික වේලාවකින් පාරේ හිටපු බස් රථ පරීක්ෂක මහත්තුරුන් විසින් නවත්වනු ලැබුවා. මල්ලිගේ නිල ඇඳුම දැකපු ගමන් යන්න කියලා අතින් කීවා. බස් එක පිටත් වුණා. ඩ්‍රයිවර් අයියා දිහා බලපු කොන්දොස්තර මල්ලී ඇහැක් ගැහුවා. දෙන්නම කොක් හඬලා හිනා වුණා.
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

කොන්දොස්තරත් රියැදුරුත් බස් පරීක්‍ෂකයන් ගොනාට අන්දලා

නීරු Wednesday, 13 July 2016 04:54 AM

බස් මගීන් විඳින කරදර ගැන හොයන්නේ නැතිව වෙන මොන හොයන්නද? (ම)

:       0       0

අනුරාධ Thursday, 14 July 2016 11:06 AM

මේ ප්‍රවෘත්තිය පෞද්ගලික බස් සංගමයේ සභාපතිට දැන්නුවොත් ඔහුගේ අදහස කුමක්ද කියලා දැනගන්න කැමති. හැම තිස්සෙම ඉල්ලීම් පමණයි. බස් සේවකයන්ගේ විනය ගැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 July 2016 11:53 PM

මේ හෑල්ලු වෙන්නේ රටේ නීතිය නේද? (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 18 July 2016 02:02 PM

ඉතින් කවුද රැවටෙන්නේ අන්තිමට? (නි)

:       0       0

රාධා Wednesday, 13 July 2016 12:58 AM

මෙය දිනපතාම සිදුවන සාමාන්‍ය දෙයක්. කොට්ටාව සිට කොළඹ යන සමහර බස්වල ටිකට් දෙන්නේ නැත. ‘ඇහින්දාස්‘ කට්ටිය තමා සේවකයෝ. ගරාජයේ මජං ඇඳුම, කණේ කරාබුව, කොණ්ඩෙ විච්චූරන. පිටින් බැලුවාම තණමල්විල ගිහින් ආ රජ කුමාරවරුන්ගේ බස් වගෙයි (නි)

:       0       0

උදාර Thursday, 14 July 2016 01:35 PM

මේවායින් අන්තිමට රැවටෙන්නේ තමන්මයි (නි)

:       0       0

උද්දික Thursday, 14 July 2016 01:35 PM

මේ හෑල්ලුවෙන්නේ රටේ නීතිය. හොඳම වැඩේ රියදුරන්ට පොඩි වැරැද්දටත් බලපත්‍රය අහෝසි කරන එක. එතකොට හරියට යයි. එ් වගේම නැවත බලපත්‍රය ගන්නකොට එය තෙගුණ කරලා එයින් 50%ක්වත් පරීක්ෂා කරපු නිලධාරීන්ට ගෙවන්න ඕනෑ. එතකොට බයටම විනය හැදිලා එයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 755 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1136 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9452 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site