IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොන්දේ අමාරුවට බේත් ගන්න ගිය කත වෙදාට බයේ පැන ඇවිත්

කොන්දේ අමාරුකට ප‍්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත් කාන්තාවකගේ කීමකට බියට පත්වී ප‍්‍රතිකාර නොගෙනම ආපසු ගිය බව කියන පුවතක් වයඹ පළාතේ පුරාණ ගමකින් අසන්නට ලැබුණි.

ගෘහණියක වන ඇය කාලයක සිට කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටින්නීය.

මේ සඳහා ඇය දන්නා කියන බොහෝ තැන්වලින් කළ ප‍්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. සිදුවූ එකම දෙය නම් ඇගේ අතමිට හිඟවීමත් ඒ නිසාම පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමත් පමණි. අවසානයේදී ඇය තවදුරටත් තමාගේ කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර නොකර සිටීමට තීරණය කළාය. මෙසේ ටික කලක් ගතවිය. දිනක් මෙම රෝගී කාන්තාවගේ සැමියාට ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් වයඹ පළාතේ දක්ෂ ආයුර්වේද වෙද මහතකු පිළිබඳව විස්තර දැන ගැනීමට ලැබී ඇත.

එම විස්තරයට අනුව අදාල වෙද මහතා කැඩුම් බිඳුම් වෙදකමට විශේෂඥයෙකි. ඊට අමතරව ස්නායු රෝගාබාධවලට ද ප‍්‍රතිකාර කරයි. ඒ සඳහා ඔහුට රෝගියා විසින් බුලත් අතට තියා දෙන කීයක් හෝ සතුටින් පිළිගන්නවා හැර වෙන කිසිඳු මුදලක් ද අය නොකරයි. මෙම තොරතුරු රෝගී කාන්තාවට මෙන්ම ඇගේ පවුලේ අයට ද මහත් අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් විය. ඒ අනුව කතිකාකර ගත් දිනක උදෑසනම සිය සැමියා ද සමඟ රෝගී කත යතුරු පැදියකින් අදාළ වෙද ගෙදරට ගියාය.

ඔවුන් වෙද ගෙදරට යන විටත් රෝගීහු විශාල පිරිසක් තම අවස්ථාව එන තෙක් පෙළින් පෙළට අසුන් ගෙන සිටියහ. ඊට අනුව කටයුතු කළ අප රෝගී කත ද පියවරෙන් පියවර ඉදිරියට යමින් පැය කීපයකට පසුව වෙද මහතා සිටින කාමරයේ දොරටුවට ආසන්න වූවාය. ඒ වන විට වෙද මහතා හමුවට ගොස් සිටියේ ඇයට ඉදිරියෙන් වූ පුටුවේ වාඩිවී සිටි කොන්දේ අමාරුව වැළඳුණු තවත් කාන්තාවකි. ඇතුළේ සිටි ඇය එක් වරම ‘අනේ... අම්මෝ...’ යැයි කියා මෙහිදී මහ හයියෙන් කෑ ගසා ඇත.

එම හඬින් භීතියට පත් අප රෝගී කත එක්වරම ඒ අසන්නයේ රොගියකු සමඟ සිටි කාන්තාවකගේ මුහුණ දෙස බලා ඇත. එවිට එම කාන්තාව ‘කොන්ද කඩලලූනේ හදන්නේ ඒකයි ඔය’ යැයි අප රෝගී කතගේ කනට ළංවී පවසා ඇත. එම කතාව විශ්වාස කළ රෝගී කත තව තවත් භීතියට පත්වී ඇත. ඒ අනුව බිම බලාගත් ඇය වෙද මහතා හමුවීම පසෙක ළා හිමින් සීරුවේ තම අසුනින් නැගිට සැමියා සොයා පිටතට ගොස් ඇත.



අදහස් (0)

කොන්දේ අමාරුවට බේත් ගන්න ගිය කත වෙදාට බයේ පැන ඇවිත්

චන්දි Friday, 16 October 2015 01:29 PM

කලබල නොවී ඉන්න ටිකක් තාම රුපවතිට වැඩ ඇති ඇවිත් ලියයි අපිට ටිකක් හිනා වෙන්නත් එක්කම ,මම නම් හරි ආසයි රූපගේ පරණ කතන්දර අහන්න. (ර)

:       0       0

කාන්ති Monday, 19 October 2015 12:35 AM

වජිර කියන කෙනා එයාටම ආමන්ත්‍රණය කරගෙන තිබෙන්නේ. නම් කිහිපයකින් මෙතන ලියන්න ගිහින් පැටලිලාද කොහෙද? ඔයාට මෙතන අනෙකුත් පාඨකයන්ගේ අදහස් ඉවස්නන අමාරු නම් ඉතින් ඒවා කියවන්නේ නැතුව ඉන්නකෝ. (නි)

:       0       0

දුල්මි Monday, 19 October 2015 12:46 AM

මොකද මේ වජිර වජිරටම අදහස් ලියාගන්නේ? මට පෙනෙන්නේ අජිත් සහ වජිර යන දෙන්නාම එක්කෙනෙක්ද කොහෙද? ඔයා මෙතන අනෙක් අයගේ අදහස්වලට කැමති නැත්නම් ඒවා කියවන්න ගිහින් තමන්ගේ සිහිය නැති කරගන්න එපා. (නි)

:       0       0

භානු Monday, 19 October 2015 12:51 AM

අර බවලතිය බෙරිහන් දීලා තිබෙන්නේ අතේ ලෙඩකට සර්වාංග පරික්ෂාවක්වත් සිදුවෙන්න ගිහිල්ලාවද්ද? (නි)

:       0       0

චාන්දනී Monday, 19 October 2015 01:25 AM

කාන්තාවන් , වෙදුන් කට්ටඩියන්, සාත්තරකාරයන් , කපුවන් හමුවෙන්න යනවිට පරිස්සම් වෙන එක කොහොමටත් හොඳයි. වැඩි පරිස්සමට අපේ රූපවති අක්කා වගේ දැනුම් තේරුම් ඇති හිතවතියක් එක්ක යනවා නම් වැඩිය හොඳයි. (නි)

:       0       0

එදිරිවීර Saturday, 17 October 2015 03:07 PM

අනේ මෙහෙමත් මෝඩ කාන්තාවෝ? (නි)

:       0       0

සරත් Friday, 16 October 2015 03:09 PM

කොන්දේ අමාරුවට තෙල් ටිකක් හොදට ගෑවත් අඩු වෙනවා අත් ගුනේ තියනවානම්. (ර)

:       0       0

කුමාර Saturday, 17 October 2015 03:02 AM

ඔව් පද්මිණි, ඔයා හරි (නි)

:       0       0

රූපවතී Saturday, 17 October 2015 03:05 PM

අනේ මේ ඔයාලගේ අදහස් බලලා හිනාව නවත්වා ගන්නේ ගෙදරින් බැනුම් ඇහුවාමයි. (නි)

:       0       0

තරංග Friday, 16 October 2015 09:00 AM

ඕය වගේ ඒවා ඕන තරම් වෙනවා. (ර)

:       0       0

චන්දි Friday, 16 October 2015 03:21 PM

මේ සරත්, කාගෙවත් තෙල් ගාන්න එහෙම යනවා නෙවෙයි ඔන්න හොදේ.. (ර)

:       0       0

මලික් Friday, 16 October 2015 09:00 AM

අපි මේ බලාගෙන ඉන්න රුපවතී මේකට ලියාවිද කියලා.? එයාට තියෙන්නෙත් කඩලා හදපු කොන්දක් කියාවිද දන්නේ නැහැ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 October 2015 11:51 AM

සුජා , කට කට , බෙල්ල ගහලයන කතානේ ඔයත් කියන්නේ (බ)

:       0       0

සුජා Saturday, 17 October 2015 05:10 PM

අපි දන්නේ නැති ඒවා රූපවතී,පිටබැද්දර ජයාට විතරක් කියලා ගිය එක ගැන නම් මගේ හිතේ මනාපයක් නැහැ.ඇයි ඉතින් අපිත් පාඨක සභාවේ සාමාජිකයෝනේ, නැද්ද මං අහන්නේ? (නි)

:       0       0

චන්දි Saturday, 17 October 2015 05:32 PM

ඇත්තටම කෝ මේ රූපා? එසැණට ගොඩනොවී පිට පාරේම කොහෙද ගියේ? ඔයාගේ සහෝදර සහෝදරියන් බලාගෙන ඉන්නවා. ඉක්මනට එන්නකෝ (නි)

:       0       0

සපුමල් Friday, 16 October 2015 03:44 PM

කෝ මේ රුපවති. (ර)

:       0       0

රුවන් Friday, 16 October 2015 03:45 PM

අපිත් ආසයි... අහන්න චන්දි... එක වදනක් හෝ රූපා අක්කා මුවින්... (ර)

:       0       0

සහන් සෞදි Sunday, 18 October 2015 12:38 PM

ඒ ගැණූ කෙනා බය වෙන්න ඇති ගෙදරින් හොදට ඇවිත් කොන්දත් කඩාගන කොහොමද ගෙදර යන්නේ කියල (බ)

:       0       0

අරුණ Monday, 19 October 2015 03:29 AM

මෙච්චර මෝඩ වුණාම මදැයි (නි)

:       0       0

අජිත් Sunday, 18 October 2015 12:46 PM

දැන් නම් මෙතන අර ඉස්සර හිටිය දිසානායකලා වගේ අය හෝ ගාල ඉන්නවා වගෙයි. අර මීට කලින් දවසක වජිර කිව්වා හරි. (බ)

:       0       0

ශලිනි Monday, 19 October 2015 03:36 AM

මට නම් පෙනෙන හැටියට වජිර නමින් ලියලා තියෙන්නෙත් අර රූපවතිගේ නම පාවිච්චි කළ කෙනාම තමයි. තමන් අකමැති නම් සංවාදයට එකතුනොවී සිටියාම ඉවරයි. අනෙක් අයගේ ප්‍රතිචාර ගැන මොකට තරහා ගන්නවද? (නි)

:       0       0

සමන් වසන්ත Friday, 16 October 2015 10:12 AM

දෙයියෝ සාක්කි පුවතට වඩා වටින මලිත්ගේ කතාවට මට හිනාව නවත්ත ගන්නත් අමාරු වුනා. (බ)

:       0       0

සමන්ති Sunday, 18 October 2015 12:13 AM

කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න ඕනිද? අර නිළිය ගාන ආලේපය ගෑවානම් ඉවරයිනේ. (බ)

:       0       0

රූපවතී Sunday, 18 October 2015 01:59 PM

මම එන්න පරක්කු වුනේ ..මම මොටර්සයිකලේ පදින්න ඉගන ගන්නවා ..ඒ ඇයි දන්නවාද ..ලයිසන් එක කෙසේ වෙතත් මේ පාටක තීරේ .. උඩ ඉදන් පහලට ..මට ඕනේ අට ගහන්න ..ඇස්දෙක පියාගෙන ..? එතකොට කව්රුවත් කියන එකක් නැහැ අර කුරුල්ලාගේ නමක් ඇති ගමේ බවලතී මගේ කොන්ද කැඩුව කියල..? (බ)

:       0       0

චන්දි Tuesday, 20 October 2015 05:22 AM

අරව මේවා කියලා මෙතන සාමය කඩාකප්පල් කරන කැකණදුර සහෝදරි නම් මේ පැත්තට වැද්ද ගන්න එපා (බ)

:       0       0

වජිර Sunday, 18 October 2015 02:14 PM

වජිර,දැන් මහදැන මුත්තයි ගෝලබාලයෝ ටික දෙනාගෙයි කතා ටික අහගෙන ඉමු.වෙන මොනවා කරන්නද ඉතින්..? (අ)

:       0       0

සිසිර Saturday, 17 October 2015 07:03 AM

කිමද නාවේ ඇයි නාවේ තරහා වී, කව්ද කීවේ, බොරු කීවේ මගේ දයා...? (ර)

:       0       0

යාපා Friday, 16 October 2015 06:19 PM

අනේ මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)

:       0       0

රූපවති Sunday, 18 October 2015 03:05 PM

රූපවති, මොනවා කිව්වත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක්..කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව..(බ)

:       0       0

ජයරත්න Friday, 16 October 2015 04:55 AM

මේ වගේ තැන්වලට එන ඈතෑම් කාන්තාවන් දොස්තර මහත්වරුන්ටත් වඩා හොඳට අනුන්ට උපදෙස් දෙන්න දන්නවා. ඉතින් ඒවා අහන අනිත් කාන්තාවනුත් දොස්තර මහත්තයා කියනදේට වඩා පිළිගන්නෙ අර එතනදි මුණගැහුණු යාලුවා කියපු ගොඩ වෙදකම්. මේ වගේ වගේ ප්‍රශ්න වලට ඈතම් අවස්ථාවල මාත් මුහුණ දීලා තියෙනවා. ඇත්තටම හරිම කරදරයක්. (නි)

:       0       0

සුමී Monday, 19 October 2015 05:44 AM

හා,හා,කට්ටිය කලබල වෙන්න එපා.චිත්‍රපටියක් ගත්තත් ,වීරයෝ,දුෂ්ටයෝ,විහිළුකාරයෝ කියලා කී දෙනෙක්ද..?සමහර විට අජිත්ටයි,වජිරටයි තමන්ගේ පරණ යාලුවෝ අදහස් දාන්නේ නැති නිසා හිතේ අමාරු ඇති.මාතෘකාවට පිටින් ගිහින් එක එක්කෙනා කැපී පේන්න දඟලන කොට නම් ගොඩක් දෙනෙකුට අල්ලන්නේ නැතුව ඇති.එසැනට හැම දෙනාම ආදරෙයි.හැම කෙනාම ඒක මතක තියා ගත්තොත් හොඳයි. (බ)

:       0       0

පද්මිණී Friday, 16 October 2015 07:10 PM

අපේ කාන්තාවෝ බිමට පහත්වෙද්දී කොන්දෙන් නැමෙනවා. දණහිස් වලිනුයි නැමෙන්න ඕනෑ. බර උසුලද්දීත් දණහිස් නමලයි නැගිටින්න ඕනෑ (නි)

:       0       0

සෙනරත් Friday, 16 October 2015 07:41 PM

රූපවතී කොහේ ගිහින්ද? (නි)

:       0       0

රූපවතී Sunday, 18 October 2015 04:16 PM

මේ 2015- 10- 18 15:05:24 එක නම් මගේ නොවේ.මගේ නමින් කෙනෙක් ලියලා.ඒවා තමයි ලැජ්ජා වෙන්න ඕනෑ දේවල් (නි)

:       0       0

රුවන් Friday, 16 October 2015 05:21 AM

වයඹ පළාතේ අර කුරුල්ලෙකුගෙ නමින් ප්‍රසිද්ධ ගමේ එක්කෙනෙක් වෙන්න ඇති ඔය බවලත් කෙනා. (නි)

:       0       0

රූපවතී Tuesday, 20 October 2015 06:16 AM

චාන්දනී සොයුරිය,මම ජීවිතේ කවදාවත්ම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔය කට්ටඩියෝ කරන ප්‍රෝඩාවන්ට තරයේ විරුද්ධයි.මම කවදාවත් ඒ මිනිසුන්ට මම දුක් මහන්සියෙන් උපයන සතයක් දෙන්නේ නැහැ. හොරට ඉඳගෙන නිකම් කන්න. ඒ නිසා ලෙඩක් වුණොත් යන්නේ වගකිවයුතු වෛද්‍යවරයෙක් ළඟට. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 October 2015 08:26 AM

රුපවති ඉන්නේ ඒරොප්පේ නිසා සති අන්තේ ජර්මනියට යනවද කොහෙද කිවා මට මතක හැටියට. (ර)

:       0       0

රොහාන් Friday, 16 October 2015 05:32 AM

ඇත්තටම ගොඩක් වෙද ගෙවල් වල බෙහෙත් ගන්න එන රෝගීන්ට හරි පහසුකම් නැහැ..ගොඩක් අපහසුවෙන් තමයි වාරය එනකම් ඉන්නේ..ඉතින් කව්රුත් බලන්නේ අනික් කෙනාට කලින් කොහොමද බෙහෙත් අරන් යන්නෙ කියලා..ඉතින් රටේ නැති බොරු කියනවා...(ම)

:       0       0

චන්දෙර් Tuesday, 20 October 2015 06:24 AM

යන්නේ කොහෙද?මල්ලේ පොල්.(ම)

:       0       0

සරසි Friday, 16 October 2015 10:17 PM

රූපවති තවමත් පාඨක සභාවට ආවේ නැත්තේ මේ වෙදා ළඟට ගිහිල්ලා හින්දාවද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 October 2015 11:46 AM

වයඹ නම් ඉතින් අහන්නත් දෙයක්ද? එක්කෝ හදනවා , නැත්නම් කඩලා හරි හදනවා (නි)

:       0       0

සනා ජර්මනිය Sunday, 18 October 2015 06:37 PM

තමන් ගැන ස්වවර්ණනාවන් කරන අය ගැන මගේ නම් සත පහකට විශ්වාසයක් නැහැ.ඒවා කියන්න ඕනෑ අනෙකුත් අයයි.කොන්ද කෙළින් නම් හැංගී,හැංගී ඉන්නේ ඇයි රුපවතී.....? (නි)

:       0       0

නිම්මී සුජා Friday, 16 October 2015 12:01 PM

හැමදේටම රූපවතීව අල්ලගන්නේ ඇයි? රූපවතීද දැන් ඔයගොල්ලන්ගේ පාලු මකන්න ඕනෑ? ඒ අසරණීට කොච්චර වැඩපල ඇද්ද ගෙදරදොරේ......? (නි)

:       0       0

රුපවතී Saturday, 17 October 2015 09:27 AM

ඔව්.. ඔව්. මම සති අන්තෙට යනවා ජර්මනියට. (ර)

:       0       0

නලීන් Friday, 16 October 2015 12:15 PM

මෙන්න නිම්මිට ඩෝං ගිහිල්ලා. මෙතන බේත් ගන්න ගිය මහිලාව ඔයාද මෙච්චර තදවෙලා තියෙන්නේ? රූපවතිට හැම පුවතටම අදාළ පුද්ගලික අත්දැකීමක් ගැන එයා ලියන නිසා වෙන්න ඇති මලික් අරෙහෙම අහන්නේ. (නි)

:       0       0

ජෙහාන් Saturday, 17 October 2015 01:20 AM

අනේ මන්දා මේ කාන්තාව අම්මෝ කියලා බෙරිහන් දුන්නේ මොකද කියලා. (නි)

:       0       0

අමල් Friday, 16 October 2015 06:23 AM

මෙහෙම බය වෙලා ලෙඩ හොද කරගන්න පුලුවන්ද.? (ර)

:       0       0

චන්දි Sunday, 18 October 2015 08:07 PM

ගොඩ කාලෙකින් සතුටු වුණේ අදහස් කියවලා. ස්තුතියි කතෘතුමනි. මෙවැනි සතුටක් නැති කරන්න එපා කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා (නි)

:       0       0

නිමල් නිශාන්ත Sunday, 18 October 2015 08:38 PM

රූපවතීගේ කොන්ද කෙළින් වුණත්, වකුටු වුණත් පාඨක සභාවේ ඇත්තන්ගෙන් කතා නම් අහගන්නවා අඩුවක් නැතුව.මා සමඟ බොහෝ දෙනෙක් එකඟ වේ යැයි සිතමි. (නි)

:       0       0

රංග Saturday, 17 October 2015 09:51 AM

රුපවති මෙතනට බෙහෙත් ගන්න ගියා නම් කෑගහලා පැනලා දුවන්න වෙන්නේ වෙදාට. (බ)

:       0       0

නලින් Sunday, 18 October 2015 10:08 PM

වජිර සහ අජිත් අනෙකුත් පාඨකයන්ගේ අදහස් ගැන වැඩිය ප්‍රසාදයක් නැති බව පේනවා. ඔබතුමන්ලා අකමැති නම් නොබලා හිටියාම ඉවරයිනේ. මිනිස්සුන්ගේ රුචි අරුචි කම් වෙනස්. අපිට ඕන විදියේ අදහස් අපි කැමති ක්‍රමය ට අනෙක් උදවිය මෙතන ලියන්න ඕනකියලා නීතියක් නැහැනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 715 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 738 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1117 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9434 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site