IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කැන්දා ගෙන යන්න වගක් නැති පෙම්වතාට පොල්ල තියා පෙම්වතිය මාරු වෙලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
කැන්දාගෙන යන්න වගේ වගක් නැතැයි පවසා පරණ යකඩ බඩු වෙළෙන්දකු සමග පැන ගිය හිටපු පෙම්වතියගේ උපන් දිනයකට දී තිබුණු බලු‍ පැටවා සොරාගෙන ගොස් ඇතැයි කියන තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමයක 26 හැවිරිදි තරුණයෙක් සිටී.  මෙම තරුණයා තමාටම කියා සමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ද යයි. මව්පියන් සහෝදර සහෝදරියන් සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින මෙම තරුණයා තමාටම කියා නිවසක් තනාගැනීමට නගරයට ආසන්නව ඉඩම් කැබැල්ලක් ද මිලට ගත්තේය. නිවස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය මිල වර්තමානයේ අධික වීම නිසා ඔහුගේ ඉඩමේ නව නිවස ඉදි කිරීම ටික කලකට නතර කර තිබේ.
මෙම තරුණයා අරණායක ප්‍රදේශයේ තරුණියක් සමග වසර කිහිපයක සිට සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. සම්බන්ධතාවට දෙපාර්ශවයේ මව්පියන් සහෝදර සහෝදරියන් කැමැත්ත ද දී තිබෙන අතර ලබන වසරේ ඉඩමේ නව නිවසක් තනා  ජයටම මංගල උත්සවයක් ගෙන කැන්දාගෙන යන තෙක් සිටින ලෙස තරුණයා පෙම්වතියට අවස්ථා ගණනාවක දීම ප්‍රකාශ කර තිබේ. 


 තරුණියගේ 23 වැනි උපන් දිනය ඉකුත් ජනවාරි මසට යෙදී තිබුණි. උපන් දිනයට ඇඳුම් පැලඳුම් කෑම බීම ද ගිහින් දී තිබුණු තරුණයා ඊට අමතරව වටිනා මාස දෙකක් වයසැති බූල් සහිත සුදු බලු‍ පැටවකු ද තෑග්ගක් ලෙස පරිත්‍යාග කර තිබේ. තරුණිය බලු‍ පැටවා හදා වඩාගෙන නිවසේ සිටින අවස්ථාවේ දී ඉකුත් මැයි මස දිනෙක නිවෙස්වලට පැමිණ පැරැණි යකඩ බඩු එකතු කරන ගිරිඋල්ල ප්‍රදේශයේ තරුණයෙක් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු සමග තරුණිය සම්බන්ධතාවයක් ඇති කරගෙන ද තිබේ. 
මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පෙම්වතාට කියා ඇත්තේ නිවස සදා රැගෙන යන තෙක් සිටිය නොහැකි බවත් පියා මත්පැන් පානය කර පැමිණ කෑ කෝ ගසන නිසා ජීවිතය පවා එපා වී ඇති බවත්ය. එහිදී ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයා කියා ඇත්තේ නිවස සාදා කැන්දාගෙන යන තෙක් සිටිය නොහැකි නම් ලබන වසරේ මැයි මාසයේ විවාහ මංගල්‍යය ගෙන කැන්දාගෙන යන තෙක් සියල්ල ඉවසා දරාගෙන සිටින ලෙසය.
මීට මාසයකට පමණ ඉහතදී තරුණිය කාලයක සිට සම්බන්ධතාව පවත්වාගෙන යන තරුණයා අතහැර දමා පරණ යකඩ බඩු එකතු කරන්නා සමග ත්‍රිරෝද රථයකින් පැන ගියාය. ත්‍රිරෝද රථයෙන් පැන යන අවස්ථාවේ දී තරුණිය තරුණයාට කියා ඇත්තේ කැන්දාගෙන යන්න වගේ වගක් නැති නිසා තරුණයෙකු සමග තමන් පැන යන බව පවසා දුරකතනය ද විසන්ධි කර තිබේ. මවට පරණ යකඩ බඩු එකතු කරන්නාගේ දුරකතනයෙන් ඇමැතුමක් ගෙන පැන යන බව දන්වා සිටියාය. පසුව මව විමසා ඇත්තේ කෑගල්ලේ ව්‍යාපාරික දරුවාට තමා මොකක්ද කියන්නේ යනුවෙනි. වහාම යන ගමන නතර කර දුර දිග බලා ආපසු හැරී නිවසට පැමිණෙන ලෙස මව හඬා වැලපෙමින් ඉල්ලීමක් කළද තරුණිය පරණ යකඩ බඩු වෙළෙන්දා සමග ගියාය. 
පසු දින තරුණියගේ මව්පියෝ දියණිය බැලීමට ගිරිඋල්ලේ නිවස සොයා ගියහ. පදිංචිව සිටින නිවස දැක ඇති මව්පියෝ කම්මුලේ අතගහගෙන කල්පනා කරන්නට වූහ.
එම අවස්ථාවේ දීම තරුණියගේ මව කෑගල්ලේ තරුණයාගේ දුරකතන අංකය ඉල්ලා ගෙන දියණිය ගැන ඉදිරි බලාපොරොත්තුවක් තබා නොගන්නා ලෙස ඇය වෙනත් තරුණයකු සමග පෙරදා  දහවල් පැන ගොස් ඇති බවත් දන්වා තිබේ.
පසුව තරුණයා තරුණියගේ දුරකතනයට ඇමතුම් කිහිපයක් ගත්ත ද පිළිතුරු දී නැත. පසුව තරුණිය දුරකතනය විසන්ධි කර ඇත.

 



අදහස් (0)

කැන්දා ගෙන යන්න වගක් නැති පෙම්වතාට පොල්ල තියා පෙම්වතිය මාරු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site