IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


කනාමුට්ටිය බිඳිද්දී තරුණියට යකාවැහිලා

තවත් බක් මහ උළෙලකි. ජන ක‍්‍රීඩා අතරට අමුතු අමුතු අලූත් ක‍්‍රීඩා ද එක්කොට තිබිණි. බැලූම් පුම්බා බැලූම් නළල මත තබා නටන තරග ද දිගම හූව තැබිය හැකි තරගකරු තේරීම ද ඒ අතර විය. ඒ අතර සුපුරුදු පරිදි අලියාට ඇස තැබීම, කනා මුට්ටි බිඳීම ද තරග ඉසව් අතර සූදානම්ව තිබිණි. සුළු සුළු තරග ඉවර විය. ලිස්සන ගසට තවමත් ජයග‍්‍රහයකු නැත. ඒ අතර කනාමුට්ටිය බිඳින තැන උණුසුම් විය. තරග කරුවන් මුට්ටි දෙකක් බිඳ තිබුණ ද ජයග‍්‍රාහි මුට්ටිය තවමත් ලණුවේය. අවට සිටි සියල්ලෝම කනා වටා රොක් වූහ. පිරිසගේ දිරිගැන්වීමේ ඝෝෂාව මැද කනා මුට්ටිය අසලට සමීප විය. වෙර ගත්තේය. වේගයෙන් පහරක් එල්ල කළේය. මුට්ටිය බිඳෙන හඬින් ක‍්‍රීඩා පිටිය දෝංකාර දෙද්දී යටි ගිරියෙන් කෑ ගසමින් තරුණියක් දඟලන්න වූවාය. කුමක් සිදු විනිදැයි බලා සිටි අය පුදුම විය. කනා විසින් බිඳිය යුතු ජයග‍්‍රාහී මුට්ටිය පාන්පිටි පිරවූ මුට්ටියකි. එය බිඳී ගොස් තිබුණි. ඒත් සමගම කුමක්දෝ විසිවී යනු ද බොහෝ දෙනා දැක තිබුණි. කිසිවකු විසින් පිටි මුට්ටිය තුළට ගෙම්බකුද දමා තිබිණි. ගෙම්බා මුට්ටියෙන් නිදහස්ව ගොස් ඊළඟට වැටී තිබුණේ යටිගිරියෙන් කෑ ගැසූ තරුණියගේ ළැම අතරටය. තරග අතරට නොහොබිනා දේ සිදු කළ කෙනා කවුදැයි බොහෝ දෙනා දොස් කියද්දී තරුණියගේ ළයට පතිතවූ ගෙම්බා ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයේම තරුණියෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.



අදහස් (0)

කනාමුට්ටිය බිඳිද්දී තරුණියට යකාවැහිලා

නන්දන Tuesday, 24 April 2012 09:39 PM

කවුරු උනත් ගෙම්බා දාපු කෙනා මෝඩයෙක්

:       0       0

ඇන්ටන් Tuesday, 24 April 2012 09:52 PM

ගෙම්බට රජ කාලේ දඩුවම් දෙන්න ඕනි

:       0       0

ප්‍රසන්න Wednesday, 25 April 2012 10:45 AM

මමත් සංවිධායක මණ්ඩලේ හිටියනම්...

:       0       0

අකිල Thursday, 03 May 2012 07:41 PM

ගෙම්බා පොලු පහර වැදිලා මැරුනා නම් කොච්චර පවුද?

:       0       0

සහන් Thursday, 26 April 2012 11:49 AM

නරක මිනිස්සු, පවු අසරණ සතා.

:       0       0

ඩී.සිල්වා Wednesday, 25 April 2012 01:04 PM

නිරපරාදේ සත්තුන්ට හිරිහැර කරන්න නරකයි

:       0       0

අජිත් Thursday, 26 April 2012 12:05 PM

ඕක තමයි කියන්නේ ගෙම්බන්ටත් රජ සැප තියෙනවා කියලා

:       0       0

ප්‍රගීත් Wednesday, 25 April 2012 01:31 PM

ඔය තරඟයට "ගෙම්බාට කිරි පෙවීමේ තරඟය" කියල නම දාල තිබුණ නම් ඔය ප්‍රශ්න නෑනේ...

:       0       0

සන්ජීව Wednesday, 25 April 2012 02:35 PM

අනේ..ගෙම්බා හරි පවු නේද?

:       0       0

ගෙම්බි Monday, 30 April 2012 01:48 AM

අනේ මේ ගෙම්බටත් තියෙන විසේ

:       0       0

සමන්ත Thursday, 17 May 2012 03:22 PM

සත්ව හින්සාව හෙලා දකිමු....

:       0       0

ඒ.රණසිංහ Wednesday, 25 April 2012 04:13 PM

ගෙම්බා පොලු පහර වැදිලා මැරුනා නම් කොච්චර පවුද?

:       0       0

කුමුදු Wednesday, 25 April 2012 04:20 PM

ගෙම්බා ගෙන් අහන්න ඕනි කෙල්ල ගැන විස්තර

:       0       0

අබුඩාබි කොල්ලා Tuesday, 24 April 2012 01:47 PM

මේක නොහොබිනා වැඩක් නෙමෙයි.ඔය වගේ විහිළු වැඩ අවුරුදු උත්සව වලදී වෙන්න ඕනි.

:       0       0

අන්ජන Tuesday, 24 April 2012 02:24 PM

ගෙම්බට තියෙන සැප...

:       0       0

සමන් Tuesday, 24 April 2012 02:45 PM

අවුරුද්දට කරපු ලස්සන විහිළුවක් හැමදාම මතක තියේවි

:       0       0

ප්‍රගීත් Tuesday, 24 April 2012 03:33 PM

ඒ මුට්ටිය ඇතුළේ හිටපු ගෙම්බා මම වුණානම් කොච්චර එකක්ද?

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 01 May 2012 11:56 AM

අසරණ ගෙම්බට මොනව උනාද?

:       0       0

ශානක Wednesday, 25 April 2012 08:37 PM

ගෙම්බාට රජ කාලේ දඩුවම් දී තරුණිය සරණපාවා දිය යුතුයි

:       0       0

ළමයා Tuesday, 24 April 2012 05:39 PM

මෙයා ගෙම්බෙක් වෙච්ච හින්දම හොදයි

:       0       0

අයි.පෙරේරා Wednesday, 25 April 2012 08:50 PM

පවි අහිංසක සතා...

:       0       0

කළු Tuesday, 24 April 2012 06:55 PM

අනේ... මම ඒ ගෙම්බා වුණා නම්...

:       0       0

janaka Tuesday, 01 May 2012 04:22 PM

බොහෝ විට නොකිව්වට අන්තිමට වෙන්ඩ ඇත්තේ ගෙම්බා මරන්ඩ ඇති ..කාටවත් හානියක් නැතිව අවුරුදු කෑවනම් කොයතරම් හොදද ...කාටවත් හිංසා නොකර

:       0       0

ජේ Tuesday, 24 April 2012 08:55 PM

මොනවා උණත් ගෙම්බත් අවුරුදු කෑවා එහෙනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 447 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 946 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9138 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 830 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 298 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


ලොකුදුවට 43 ක් වෙනකල් මවුපියෝ වංසෙ කබල් ගාලා
2024 නොවැම්බර් මස 15 1234 2

“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ”‍ යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 463 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 694 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1968 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site