IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කාපට් වෙළෙන්දා කාපට් අස්සේ ඉබ්බකුත් හංගාගෙන ගිහින්

(මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම)
උඩින් ගිය  ඉබ්බකු දැක එයට පිරිසක් හූ හඬ නගද්දී ඉබ්බා පොල්පිතිගම නගරය මැදට ඇද වැටීමේ පුවතක් එම ප‍්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණි.
කොක්කු ජෝඩුවක් ගුවනින් ඉබ්බකු රැගෙන ගිය කතාව අපි අසා ඇත්තෙමු. එම ඉබ්බා බිමට වැටුණේ ඉබ්බාගේම වරදිනි. එහෙත් මෙම ඉබ්බාගේ වාසනාවකට මෙන් ඌ බිමට වැටී ඇත්තේ රැුගෙන ගිය කොකාගේ වරදකිනි.


එදින සවස් යාමය අධික වර්ෂාව පැවති මොහොතකි. වැස්ස නිසා මග දෙපස වෙළෙඳසල් අවට ද විශාල පිරිසක් රැඳී සිටියහ.


මේ අතර වැස්සේ තෙමි තෙමී මාවත ඔස්සේ පැමිණි යතුරුපැදියකි. ඔහු කාපට් වෙළෙඳාම් කොට ආපසු තම නිවෙස කරා යමින් සිටියේය. යතුරුපැදියේ පිටුපස කාපට් රඳවා තිබිණි. එහි සඟවා සිටි ඉබ්බකු කෙසේ හෝ එළියට විත් කාපට් මත එහෙ මෙහෙ අපහසුවෙන් සැරිසරනා අයුරු රැස්ව සිටි පිරිසකගේ නෙත ගැටුණි.


හූ..... හූ..... අන්න ඉබ්බෙක් උඩින් යනවෝ..... රැස්ව සිටි පිරිස අතරින් කිහිපදෙනෙක් ඔච්චමට මෙන් කෑගැසූහ.


ලැබෙනා අපවාදයට වඩා ඉබ්බකු අතැතිව නීතියට කොටු වුවහොත් ඉන් හිමිවන දඬුවමේ බරපතළකම දත් ඔහු ඔවුන් අතරින් මිදී පලා යාමට මෙන් යතුරුපැදියේ වේගය වැඩි කළේය.


ඔහුට යාමට හැකි වූයේ ටික දුරකි. ඉබ්බා මහ මගට ඇද වැටුණි. වැස්ස නිසා ගලා යන දිය පහර ඔස්සේ ඌ යාබඳ වැවකට ඇදී ගියේය. යතුරුපැදිකරුවා පලා ගියේය.



අදහස් (0)

කාපට් වෙළෙන්දා කාපට් අස්සේ ඉබ්බකුත් හංගාගෙන ගිහින්

රෙජි-සිඩ්නි Wednesday, 17 June 2015 03:23 AM

අනේ පව් අහිංසක ඉබ්බා,පෙර කරපු පිනක්වත් තියෙන්න ඇති ඔය වාගේ ගැලවෙන්න. (ස)

:       0       0

ජගත් Wednesday, 17 June 2015 11:30 AM

ඉබ්බාගෙ වාසනාව. (ර)

:       0       0

කණිෂ්ක Wednesday, 17 June 2015 12:16 PM

සිරිපාල හරිම පවුකාරයෙක්! (නි)

:       0       0

රූපවතී Wednesday, 17 June 2015 04:21 AM

සිරිපාලගේ අැගේ වැදිලා හමාගෙන යන හුලංපොදක් වදින මිනිහටත් ..සැනසීමක් ලැබෙන්නෙ නැහැ ඒ තරමට පව්කාරයි..! (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 12:50 PM

ඉබ්බෝ වලක් හදාගෙන ඉබ්බෝ කාපු මනුසයෙක් හිටිය අන්තිමේ වයසට ගිහින් ලෙඩ වෙලා රෝහල් ගිහින් ප්‍රතිකාර කරන්න ගියාම ඉන්ජෙක්සෝන් ගහන්න බැරි වුණ මස් තද නිසා , අන්තිමට ඉතින් මරුන ඔන්න ඔහොමයි ඉබිමස් කැමේ ආදීනව ! (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 June 2015 01:07 PM

ඇයි ඉබ්බා කන එකද ප්‍රශ්නය කට්ටියටම? ඉබ්බත් එකයි කුකුළත් එකයි.. (නි)

:       0       0

නිශාන්ත Friday, 19 June 2015 02:04 PM

කෑවේ නැත්නම් දැන් ඉබ්බා ඉන්නේ කොහෙද? (නි)

:       0       0

ඉනෝකා Wednesday, 17 June 2015 02:07 PM

අනේ! අසරණ සතා බේරුන එකට නම් හරිම සතුටුයි.සමහර අය පව්කාර කතාත් කියනවා. (නි)

:       0       0

ගයාන් ප්‍රේමරත්න Wednesday, 17 June 2015 05:29 AM

ඉබ්බාගෙ වාසනාව! (නි)

:       0       0

සුබා Wednesday, 17 June 2015 02:43 PM

නැහැ,ඉබ්බා වෙනයි,කුකුළා වෙනයි. දෙන්නාම එක වාගේ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

පහන් Wednesday, 17 June 2015 02:52 PM

අලුත් පරම්පරාවේ ඉබ්බාගේ කතාව ඔයාල දන්නවා නේද ?මම කලිනුත් ලිව්වා හැබැයි ඔන්න ඉබ්බෙක් වතුර හිදිගෙන යන වලක ඉන්නවලු (අර උඩින් ගිහිල්ල කටපරිස්සම් කරගත්තේ නැති ඉබ්බා මෙයාගේ මුත්තා )කොක්කු දෙන්නෙක් ආවලු මාළු කන්න .ඉබ්බා කියනවලු අනේ යාලුවනේ වතුර හිදිගෙන යන්නේ මාව වෙන වතුර තියන විලකට ගෙනියන්න කියල කොක්කු දෙන්න කිව්වලු අපෝ අපිට නම් බැහැ ඔයාලගේ මුත්තා ට අපේ මුත්තල උදව් කරන්න ගිහිල්ල කටපරිස්සම් කරගන්න බැරුව ඔයාලගේ වැටිලා මුත්තා මරුන අපෝ අපිට නම් බැහැ කියල .අපෝ එහෙම කියන්න එපා මම අලුත් පරම්පරාවේ ඉබ්බෙක් මම කටවගෙන ඉන්නම් කිව්වලු .ඉතින් හරි අමාරුවෙන් කොක්කු දෙන්න කැමති කරගෙන කොටුව කටින් අල්ලාගෙන දැන් අහසට නැග්ගලු .අර ඉස්සර කොල්ලෝ කෑ ගහපු වෙලේ අලුත් පරම්පරාවේ කොල්ලෝ ක්‍රිකට් ගහනවලු .මේක දැක්ක විතරි කොල්ලෝ කෑගහන්න ගත්තලු අන්න කොක්කු දෙන්නෙක් ඉද්බෙකුට කඩේ යනවෝ කියල .කොක්කු දෙන්නට හොදටම කේන්ති ගියාලු .ඇහුවලු කොක්කු කවද්ද බොලව් ඉබ්බන්ට කඩේ ගියේ කියල ?දැන් කොක්කුන්ගේනේ කට ඇරුනේ ඉබ්බා හෝ ගාල වටෙනවලු .දැන් කොක්කුන්ට තේරුණා ලු වෙච්ච වැරැද පටස් ගාල පහලට කර නම් දෙකක් ගහල අර කොටුව කටේ තියාගෙන වැටෙන ඉබ්බාගේ කොටුවේ දෙපැත්තෙන් අල්ල ගත්තලු .ඉබ්බා කිව්වලු තැනක් යු මචන් කියල .ආයෙත් ඉබ්බා බිම . (අ)

:       0       0

සිරී Wednesday, 17 June 2015 03:10 PM

ප්‍රසන්න, ඉබ්බා තදයි කුකුලා සැහැල්ලුයි. (ර)

:       0       0

නිමල් Wednesday, 17 June 2015 04:15 PM

ප්‍රසන්න, කුකුළා පක්ෂියෙක්. ඉබ්බා උරගයෙක්. (ර)

:       0       0

පහන් Wednesday, 17 June 2015 05:53 PM

තව ඉබ්බෙක්ව වතුර විල පේන මානයටම ගෙනල්ල වැටිලා මැරුනා. කාටහරි කියන්න පුලුවන්ද මොකද වුණේ කියලා? (නි)

:       0       0

ටියුඩර් Wednesday, 17 June 2015 10:14 PM

ඉබ්බා වාසනාවන්ත ඉබ්බෙක් (නි)

:       0       0

ශාන්ති Friday, 19 June 2015 07:17 PM

වාසනාවන්ත ඉබ්බා! පහන්ගේ කතාවට ස්තුතියි (නි)

:       0       0

සිරිපාල Wednesday, 17 June 2015 02:45 AM

උදේ පාන්දරම කටට කෙල ඉනුවා...........(ස)

:       0       0

මූර්ති Friday, 19 June 2015 09:31 AM

මමත් පාර්ලිමේන්තු පාරේ ඉඳල ඉබ්බෙක් අල්ලාගෙන ගෙදර ගෙනිච්ච. මගේ යාලුවෝ මට කියන්නේ මම ඉබ්බව කෑවලු. මට ඉබ්බා කිව්වහම තරහ යන්නේමත් නැත්තේ නැහැ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 June 2015 10:12 AM

සහන්, ඉබ්බා අන්තිමට කිවේ තව ඩින්ගෙන් බිම බන් කියලලු ! මොනවා උනත් කතාව රසවත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 673 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 715 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1096 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9419 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 328 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site