යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ දේවාලයක ප්‍රධාන කපුවාට ”ඉලපත්” පහරක් කෑමට සිදුවූ අපූරු සිදුවීමක් වාහල්කඩට නුදුරු පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
මෙම කපුවාගේ දේවාලයේ වාර්ෂිකව දේව මංගල්‍යයක් පැවැත්වේ. එදිනට අවට ඇති අනෙකුත් දේවාලවල දෙවියන්ද එතැනට වැඩම කරන බවද ඔහු කියයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ හදි හූනියම්වලට ඔහු තරම් දක්ෂ සහ විශ්වාසවන්ත කෙනෙකු නැති බව ද ඔහු පවසයි. මෙම කපුවා මනමාල ගති පැවතුම් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇලුම් කරන වයස අවුරුදු 60ක පමණ තැනැත්තෙකි.
කපුවාගේ බිරිඳ දේවාලයේ ආවතේව වැඩවලට බලෙන්ම ගියේ කපුවාගේ දැඩි විරෝධය මැදය. බිරිඳ සිටින අවස්ථාවල කපුවාට මනමාලකම් කිරීමට බැරි බව ඔහු හොඳින් දනී. කපුවාගේ කෙරුවාව හොඳින් දන්නා බිරිඳ දේව මංගල්‍යය පැවැත්වෙන දවසේ කපුවාගේ ඉරියව් කෙරෙහි තම උකුසු ඇස යොමු කරගෙනම සිටියාය.
එදින ගම් පළාතේ ගම් හතක ජනයා කපුවාගේ මිදුලේ රැස්වී පොරකකා බලා සිටියේ කපුවාගේ වැඩ කිඩ නැරඹීමටය.
බෙර තොවිල් උඩැක්කි තම්මැට්ටම් හොරණෑ නාදය දේවාල භූමිය සිසාරා පැතිරෙමින් තිබුණි. දුම්මල වලින් නැගෙන සුවඳින් දේවාල වත්ත පිරී ගොසිනි.
කපුවා තම දිගු කොණ්ඩය පිට මැදට හෙලා ගෙන වේගයෙන් උඩ පනිමින් නටන්නට පටන් ගත්තේ බෙර පද තාලයට ය. ඒ අනුව දේව වරම ලැබුණා යැයි කියා ගත් කාන්තාවන් තුන් හතර දෙනෙක් ද මායම් වෙමින් සිටියහ.
කපුවා මායම් වෙමින් සිටි රූමත් කතක් අභිමුවට ගොස් ඇයගේ කෙස් වැටියෙන් අල්ලා කුමක්දෝ දේව භාෂාවෙන් විධාන කරමින් පවසන්නට විය.
මේ සියල්ල දෙස පසෙක සිට ආවතේව කරමින් අවධානයෙන් උකුසු ඇස යොමා ගෙන සිටි කපුවාගේ බිරිඳට කිසිවෙක් නොදුටු රහසිගත යමක් ඇයගේ නෙත ගැටුණි. යක්ෂාරූඪ වූ බිරිඳ වහා ගෙට පැන ඉලපත අතට ගත්තාය.
කාව වශී කර ගන්න ද ඔහේ යටට ”ජංගියවත් අඳින්නෙ නැතුව නටන්න පටන් ගත්තෙ? නටන නැටුමක් ගෙට ගිහිල්ලා ජංගිය ඇඳගෙන ඇවිදින් නටාපන් මේකා සාස්තර කියන දෙයියෙක් නෙවෙයි. ගෑණු වශී කරගන්න මනමාල දෙයියෙක්.”යැයි කියමින් ඉලපතින් මායම් වෙන සැමියාගේ පිට හරහා දෙක තුනක් වැරෙන් ගැසුවාය.
සැමියා දේව භාෂාව කියමින්ම බෙර පදයට අනුව පිට අතගගා නටමින් ගෙතුළට දිව ගොස් ආපසු ආවේ යටට ජංගියක් ඇඳගෙන විය හැකිය.
දේව මංගල්‍යය නැරඹීමට පැමිණ සිටි ගැමියෝ ඇති පදම් සිනහ වී නිවෙස්වලට ගියහ. එහෙත් එදායින් පසුව මහා මනමාල දේවාලය ලෙසට ගම්මු එම දේවාලයට අනවර්ථ නාමයක් පට බැන්දහ.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කපු හාමිනේගෙන් මනමාල කපුවාට ඉලපත් පූජාවක්