හිඟුරාන - නවරත්න සමරතුංග
නතර කර තිබූ යතුරුපැදියක පිටුපස රෝදය සොරාගත් අයකු, ඒ වෙනුවට තම යතුරුපැදියේ ගෙවී ගොස් තිබූ රෝදය එම ස්ථානයේ දමා යාමේ සිද්ධියක් පල්ලන්ඔය මංසන්ධියේදී දැකගත හැකි විය.
එක්තරා තරුණියක ඉකුත් 27 වැනිදා උදෑසන පල්ලන්ඔය මංසන්ධියට පැමිණියේ, නගරයට යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත්, උදෑසන ඇඟට වැදෙන සිසිල් සුළඟත් සමග ඇති වූ කම්මැලිකම හේතුවෙන් ඇය තම යතුරුපැදිය බෝ ගස අසල නවතා තබා බසයක නැග්ගාය.
රාත්‍රී 7.33ට පමණ එතැනට පැමිණ ඇති තරුණිය, තම යතුරුපැදිය පණ ගන්වාගෙන නිවෙසට යාමට සූදානම් වූ විට ඇයට දැකගන්නට ලැබුණේ, එහි පිටුපස රෝදය නැති බවය.
තවදුරටත් පරීක්ෂා කර බලද්දී ඇයට දැක ගැනීමට ලැබුණේ, අලුත්ම ටයරය සහිත රිම් වළල්ලද සමගම රෝදය සොරකු ගලවාගෙන ගොස් ඇති බවය.
එහෙත්, තවදුරටත් වටපිට බලද්දී ඇයට පෙනුණේ, කට්ට ගෙවුණ පරණ රෝදයක් එතැන ඇති බවය. හොරා රෝදය එතැනම දමා යාමට කාරුණික වී තිබීම විශේෂත්වයක් විය.
යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ දල්වා තිබූ ආරක්ෂිත විදුලි පහන් නිවා දමා මෙම සොරකම සිදු කර ඇති බව ඇයට ඒත්තු යන්නට වැඩි වේලාවක් ගත නොවීය.
තරුණිය ඉඟිනියාගල පොලීසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරගෙන යන බව ඉඟිනියාගල පොලීසිය පවසයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කරුණාවන්ත හොරෙක්