(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )
තම පුතාට කොරෝනා වෛරසය ආසාදනය වුවත්, පුතා එය සිංහලෙන් ප්‍රකාශ නොකිරීම හේතුවෙන්, අකුරු නොදත් මව අලි ඇබැද්දියක පැටලීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය:
‘‘මෙම මව අකුරු නොදත් වයස අවුරුදු 70 ක පමණ කාන්තාවකි. ඇය කටකාර සැර පරුෂ මෙන්ම කේන්ති යන තැනැත්තියකි. පෞද්ගලික ආයතනයක රැකියාව කළ ඇගේ පුත්‍රයාට කොරෝනා වැළඳුනද, ඇය අසල්වැසියන්ට කීවේ තම පුතාට කොරෝනා නොව ‘පොසිටිව් රෝගය’ හැදුන බවයි.
කොරෝනා රෝග තත්වය සුවවීමෙන් පසුව පුත්‍රයා නිෙවසට පැමිණ සිටි අතර මව මෙදින මුඛ ආවරණද නිසි ලෙස පැළඳ, අසල්වැසි කඩයකට ගියේ නිෙවසට අවශ්‍ය බඩු කීපයක් රැගෙන ඒම සඳහාය.
වෙළෙඳසලට ගිය මව රුපියල් 500/= ක් මුදලාලිට දිගු කරමින් ‘‘මුදලාලි මට සීනි කිලෝ එකකුයි, පරිප්පු පන්සීයකුයි, හාල්මැස්සන් දෙසිය පනහකුයි දෙන්න.” යැයි කීවාය.
කොරෝනාවට දැඩි බියෙන් පසු වූ මුදලාලි මෙම මව දුන් රුපියල් පන්සීයේ නෝට්ටුවද අතට නොගෙනම මෙසේ කියා ඇත. ‘‘අක්කලාගේ ළමයටත් කොරෝනා හැදුනලු නේද..? අප්පේ බෝඩිමේ ම ඉඳලා සනීප වෙලා ගමට ආපු එක නම් ලොකු දෙයක්”
මෙය ඇසුණ කාන්තාවට යකා නැග ඇත. බඩු ගැනීම පසෙක තබා මුදලාලිට බැන වදින්නට පටන් ගත්තාය. ‘‘මුදලාලිට පිස්සුද... අපේ පුතාට හැදුනේ කෙරෝනා කියලා ගමේ ප්‍රචාරය කරන්න එපා. පුතාට හැදුනේ පොසිටිව් ලෙඩේ’’. අද උදෙත් මට ඇහුණා යාළුවන්ට කෝල් දෙනවා පොසිටිව් වුණා කිය කිය”
මෙම මව තව දුරටත් කඩ මුදලාලිට අවලාද නගමින් තම පුත්‍රයාගේ දියුණුවට ඉරිසියා කරමින් පද හදන බව කියමින් කෝපයෙන් බැන වැදී ඇත.
තම බඩු විකුණා ගැනීමට කෑදර වූ මුදලාලි, මවගේ බැන වැදීම නෑසුනා සේ ඉල්ලූ බඩු ටිකද කිරා ඇයට දී ඇත. එයින් තව දුරටත් කෝප වූ මව ‘‘මේ ඉරිසියාකාරයන්ගේ බඩු අපිට ඕන් නෑ” කියමින් මුදලාලිගේ බඩුද විසිකර දමා යන්නට ගියාලු.
ඇය කෝප වූ කාරණය නොදත්, නූගත් කඩ මුදලාලිද ‘‘මගෙ කට නිසා අපරාදේ බඩුටික විකුණා ගන්නත් බැරි වුණා නේ” කියමින් හිස අත තබා ගත්තාලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා එක්ක ‘පොසිටිව්’ පටලැවී ජංජාලයක්