(උණවටුන ඩී.ජී. සුගතපාල)
කොරෝනා වයිරසය පැතිර යාමත් සමග ගාල්ල නගරයේද ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
ගාල්ල පොලිසිය අවටද, කොටුවට පිවිසෙන මාර්ගද, කළුවැල්ල ප්‍රදේශයද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසකට පිවිසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට ආරක්ෂක අංශ උපදෙස් දුන්නේය.
මේ නිසා නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්ද දක්නට ලැබිණි. රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාවද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගත්තේය.
මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක්ද වූහ. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් ද විය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.
ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වූයේ නැත. පසුව ආරක්ෂක නිලධාරීන් ඔහු එම ස්ථානයෙන් ඉවතට කැඳවාගෙන ගියේය. .
එසේ කැඳවාගෙන ගොස් ඔහුගේ බෑග් ඇතුළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක් කළහ. ආරක්ෂක නිලධාරීන්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය. සිඟාකෑම මොනතරම් වාසිදායක දැයි එහි සිටි අය පවසනු ඇසිණි.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක්
sana Thursday, 19 November 2020 07:17 AM
ඒ යාචකයා කාලෙක ඉඳන් එකතු කරපු සල්ලියක් වෙන්න ඇති බැංකුවට දාන්න තේරුමක්වත් ගිණුමක් පටන් ගන්න ලේඛනවත් නැතුව ඇති.