IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කරාටිකාරියගේ පාපහරින් බසයේ අනංගයා පාරේ දොයි

හබරාදූව බී.එච්. රම්‍යා
පෞද්ගලික බස් රථයක දී රූමත්  තරුණියක අතගෑ මැදි වයසේ පුද්ගලයකුට එම තරුණිය අතින් පයින් හොඳටම පහරදී  බසයෙන් බිමට වැටෙන්නට පා පහරක් දීමේ පුවතක් හබරාදූව, ගිනිවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පෞද්ගලික ආයතනයක සේවය කරන රූමත් තරුණියක් පෞද්ගලික බස් රථයක සිටගෙන ගමන් කරමින් සිටියාය. 
හබරාදුව, ගිනිවැල්ල ප්‍රදේශයේදී  බසයට ගොඩවූ මැදි වයසේ පුද්ගලයකු ඇය ළඟින්ම හිටගෙන ඇයගේ ශරීරය ස්පර්ශ කරන්නට වූයේ ඇය ඊට විරෝධය පළ කරන අතරේය. 
තරුණියගේ විරෝධය ගණන් නොගත් ඒ පුද්ගලයා දිගින් දිගටම එම කටයුත්තේ නියැලු‍ණේ රිසිසේය. බසයේ සිටි මගීන් කිහිපදෙනකු  ඔහු‍ගේ ඒ හැසිරීම දුටුවද කිසිවෙක් ඉදිරිපත් නොවූහ.


බැරිම තැන තරුණිය ක්‍රියාත්මක වූවාය. මැදි වයසේ පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ගත් තරුණිය මුලින්ම කළේ කම්මුල් දෙපැත්තට මාරුවෙන් මාරුවට වැරෙන් පහරදීමය. පුද්ගලයා අධික ලජ්ජාවෙන් බිම බලා ගත්තේය. තරුණිය ඉන් නැවතුණේ  නැත. පා පහරක්ද  දුන්නාය.
 ඇයගේ පා පහරින්  ඔහු බසයෙන් එළියට ඇද වැටුණේය. ඔහු රැගෙන ආ මල්ලේ තිබූ පුවක් ගෙඩි බිම වැටී සී සී කඩ විසිරී ගියේය. ඔහු එම පුවක් ඇහිද හිටියේද නැත. පුද්ගලයා ඒ ස්ථානයෙන් හෙමින් සීරුවේ මාරුවී ගියේ එහි  රැඳී සිටියහොත් තවදුරටත් කන්නට වෙන බව තේරුම් යෑම නිසාය. 
මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය ද ඊට ඉදිරියෙන්වූ බස් නැවතුම් පොළෙන්  බැස ගියාය.

 



අදහස් (1)

කරාටිකාරියගේ පාපහරින් බසයේ අනංගයා පාරේ දොයි

රිතික් Monday, 04 December 2023 10:44 AM

මම නම් මොනවා කරන්නත් කලින් මුහුණ පෙන්නලා යන්තම් හිනාවෙලා ඉන්නවා. අකැමැත්තෙන් කරන අය ගුටි කනවා...

:       4       7

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site