මොරගොල්ලාගම සිසිර කැලේගම
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ.
එය නගර සීමාවේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ වෙළඳසලකි. උදේ සිට ගනුදෙනුකරුවන් ගෙන් පිරී පවතින නිසා කුලියට ගත් සේවක සේවිකාවන් පවා යොදාගෙන වෙළදාම් කරන ස්ථානයකි.
අවුරුදු නිමිත්තෙන් වෙනදාට වඩා සෙනග ගැවසෙමින් සිටිති.
වී, ධාන්‍ය, පොල්කටු අඟුරු, පොල්, පොල් ඉරටු මේවා සියල්ල ඒවාට වෙන් කර ඇති ස්ථානවල සිට මිලදී ගැනීම් සිදුකරනු ලබයි. එවැනි තදබදයක් පවතින අතරේ ප්‍රධාන මාවතට යාබද වෙළඳසලේ වී කාමරය අසල ත්‍රිරෝද රථයක් නතර කෙරුණි. රියැදුරු ඉන් බැස ටික වේලාවකට පසුව තදබදය අතරින් කැෂියර් මේසය වෙතට ගොස් මුදලාලිට කතා කළේය.
“වී මිටි දෙකක් ගෙනාවා. සල්ලි ඕනෑ.” රියැදුරු කීවේ ය.
“කොයි වී.” මුදලාලි‘ ඇසුවේ ය.
“ඒවා වී කාමරයේ. බිම් තරාදියටත් දාලා තමයි ආවේ.”
‘මට යන්න හදිස්සියි. ඔයාලට තියෙන්නේ කිරන්න විතරයි’ රියැදුරු මුදලාලිට විස්තරේ කීවේ ය. කඩේ සේවයට සිටින ඥාති සේවකයකුට එය කිරා බලා විස්තර කියන ලෙසට උපදෙස් දුන්නේ ය.
“මොනවද‘ වී?” “ඒවා නාඩු.” ගෝලයා හා රියැදුරු සංවාදය වෙන අතරේ බර කිරා බැලුවේ ය. ඉන් අනතුරුව වී පරීක්ෂා කිරීම සඳහා වී උරයට හානි නොවන සේ සිදුරු කරන උපකරණය යොදා වී ටිකක් එළියට ගෙන බැලුවේය.
“ඒවා නාඩු නෙමෙයි.” ඒ කිරපු වී කීරි සම්බා වී බවට ගෝලයාට වැටහුණේ ය.
මුදලාලි එතැනට කැඳවුවේය. ඊට මොහොතකට පෙර කීරි සම්බා මිල දී ගත්තේ ය. ඒවා එතැන බිත්තිය අසල ගොඩ ගසා තිබුණේ අයිතිකරු ඒ හිස් වූ උර රැගෙන යාමට එන බව පැවසීම නිසා ය.
ඒ නිමේෂයේ අනුන්ගේ වී උර තමන්ගේ බව කීමට ගොස් කීරි සම්බාවලට නාඩු කීමට යාමෙන් මෙහි ජාවාරම අතට මාට්ටු කර ගැනීමට මුදලාලිට හැකි වුණි.
අවසානයේ රැස්ව සිටි සෙනඟ අතරේ වී ගෙනා බවට නවතා තබන ලද තමාගේ ත්‍රිරෝද රථයට නැගී පස්ස නොබලා ඔහු එතැනින් නික්ම ගියේ පොලීසියේ කම්බි කූරු ගණන් කරන්නට තිබූ අවස්ථාවක් මුදලාලිගේ කරුණාව නිසා ගිලිහි ගිය බව පවසමින් ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කීරි නාඩු වී හොරේ අහුවෙලා