ගමේ අවුරුදු උත්සවයේ දී සූප්පුවෙන් කිරි බීමේ තරගයේ දී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
36 හැවිරිදි දෙදරු පියෙක් සිය බිරිය හා දරු දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටියි. මෙම දෙදරු පියා මීට වසර 11 ට පමණ ඉහත දී අවුරුදු 23 ක් වූ තරුණියක් විවාහ කරගෙන නිවසට කැන්දාගෙන පැමිණ තිබේ.
දැනට මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති.
මෙම දෙදරු පියා තරුණිය විවාහ කර ගැනීමට පෙර තරුණ අවධියේ දී ගමේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඊට මව්පියන් දැඩි අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයා සම්බන්ධතාව නතර කර ඇත.
පසුව මවුපියන් විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් 2013 වසරේ සොයාගෙන තරුණයාට විවාහ කර දී කෑගල්ලේ නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි.
කාලයක් ගත වෙද්දී සිය සැමියාගේ පළමු සම්බන්ධතාවය පිළිබඳ බිරිය දැනගෙන අවස්ථා කිහිපයක දීම දෙදෙනා අතර බහින් බස් වීම් සිදුව ද තිබේ. ” මුල් කාලයේ මාස කිහිපයක සම්බන්ධතාවක් තිබුණා තමයි දැන් නතර කරලා කොයි කාලයක් වෙනවා ද. මම ඒ ගෑනි එක්ක කතා කරන්නේ නෑ. ඒ ගෑනි මා එක්ක කතා කරන්නේ නෑ. දෙදරු පියා බිරිය හමුවේ අවස්ථා කිහිපයක දීම පැවසීය.
ඉකුත් දිනක ගමේ වෙල් යායේ අවුරුදු උත්සවයක් පැවැත්විණි. මෙම අවුරුදු උත්සවය නැරඹීමට 36 හැවිරිදි දෙදරු පියා ද පෙරවරුවේ වෙල් යායට ගියේය.
සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත් වීමට කැමැති තරගකරුවන්ගේ නම කාර්යාලයට ලබා දෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කළේය. 36 හැවිරිදි දෙදරු පියා ද සූප්පුවෙන් කිරි බීමේ තරගයට සහභාගී වීමේ අරමුණින් තම නම කාර්යාලයට ලබා දීමක් සිදු කෙරිණ.
තරගය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සිදු කෙරිණ. තරගකරුවන් 12 දෙනෙක් සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත්ව සිටියහ. බෝතලයකට කිරි පුරවා සූප්පුවක් සවි කර කාන්තාවක කිරි පොවද්දී තරගකරු අත් දෙක පිටුපසට කරගෙන සිටිය යුතු බව සංවිධායක මණ්ඩලයේ නීතිරීති විය.
36 හැවිරිදි දෙදරු පියා ඇතුළු තරගකරුවෝ 12 දෙනා සංවිධායක මණ්ඩලය විසින් පෝලිමට තැබූහ. 36 හැවිරිදි දෙදරු පියා 12 වැනියාට සිටියේය. ඔහුට සූප්පුවෙන් කිරි පෙවීමට සිටියේ තරුණ අවදියේ දී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ යැයි කියන තරුණියයි.
කාන්තාව කතා බහක් නැතිව දෙදරු පියාට කිරි පෙව්වාය. දෙදරු පියා ද කතා බහක් නොමැතිව සූප්පුවෙන් කිරි පානය කළේය. අන්තිමේ දී දෙදරු පියා සූප්පුවෙන් කිරි බීමේ තරගයේ පළමු ස්ථානය හිමි කර ගත්තේය. ඔහුට ත්‍යාගයක් ලෙස සංවිධායක මණ්ඩලය උණුසුම් වතුර බෝතලයක් පරිත්‍යාග කෙරිණ. අවුරුදු උත්සවයේ සිටි ගමේ කාන්තාවක් දෙදරු පියාගේ බිරියට දුරකතනයෙන් කතා කොට සූප්පුවෙන් කිරි බීම සම්බන්ධයෙන් දන්වා තිබේ.
අවුරුදු උත්සවය අවසන් වීමට පෙර නිවසට ගිය දෙදරු පියාට බිරිය යකින්නියක් ලෙස ඇඟට කඩා පැන අඬා දොඬා වැලපෙමින් විවිධ චෝදනා එල්ල කළාය. අවසානයේ කාන්තාව සැමියා නිවසින් එළවා දැමුවාය. පසුව දෙදරු පියා මවුපියන් පදිංචිව සිටින නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලින් පෙම්වතිය එක්ක සූප්පුවෙන් කිරි බිව්වාම බිරිදට යකා නැගලා