IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොල්ලකුගේ කතාවක් ඇඟට අරන් පළාතේ ලොක්කෙක් පඹගාලක පැටලිලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ව්‍යාපාරික ස්ථානයකට බදු දී තිබූ සිය ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමට යමින් සිටිය දී තෙල් පෝලිමේ සිටි තරුණයකුගේ දුරකතන සංවාදයක කතාවකට වියරු වැටී අලි ජංජාලයක් කරගත් පළාත් පාලන ආයතන ලොක්කකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


හේ නගරය මැදින් එදා සිය භාර්යාව සමග ගියේ විනාශ කරන ලද  ව්‍යාපාර ස්ථානයකට කුලියට ලබාදුන් සිය ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමටය. ඒ අවස්ථාවේ දී තෙල් පෝලිමට නගරයට පැමිණ සිටි දුරකතන ඇමතුමකට තරුණයෙක් සම්බන්ධවී සිටියේය.
අපේ කතා නායකයාගේ භාර්යාව ඔහුට කනට කර යමක් කීවාය. ඒ සමගම ආරූඪ වූ ඔහු දුරකතන ඇමතුමට සම්බන්ධවී සිටි තරුණයාගේ ඇඟට කඩා පැන්නේ ඔහුට තර්ජනයක් වන ආකාරයට තෙල් පෝලිමේ සිටි අනෙක් අය ද බලා සිටියදීය. කිසිත් නොදත් තරුණයා ඇයි මේ මට බණින්නේ යැයි ඇසුවේ බයින් බීරාන්තවය.


තමුසේ කවුද ඕයි එහෙම කියන්න යයි කියමින් ඔහු සිය ජංගම දුරකතනයෙන් තරුණයාගේ ඡායාරූප ගැනීමට ද සැරසුණේ ඒ ඔහුට තව තවත් හොඳටම බැණ වදිමිනි. තරුණයා සමග සිටි අය මේ අවනඩුවට ඉදිරිපත් වූවේ ඔය අතරය. ඒ ස්වේච්ඡාවෙන්මය.


ඇයි ඔයා මේ තරුණයාට බනින්නේ. එයා හිටියේ කෝල් එකක. මේක හරි අසාධාරණයක්නේ. පිරිසගේ අත පෙවීම වැඩිවීමත් සමගම කතානායකයාට ඒ ගැන දෙපාරක්ම සිතන්නට සිදුවිය. 


මෙයා අපි යනකොට ඒවා මේවා කිව්වා. ඒකයි අපට කේන්ති ගියේ ඔහු කීවේය. 


මම අපේ පවුලේ ප්‍රශ්නයක් ගැන කතා කර කර හිටියේ. අසාධාරණ වැඩ කළාම ඔහෝම වෙනවා යැයි කීවේ ඒ පවුල් ප්‍රශ්නයේ කතාවකට යයි තරුණයා කීවේ සන්සුන් අයුරෙනි. ඔයා හිතලා අපිට කිව්වේ නැත්නම් සමාවෙන්නයි ඔහු තරුණයාගෙන් සමාව නොගත්තේ නම් නව වැනිදා අරගලයෙන් සිදුවූ දෙයට වැඩි දෙයක් සමහර විට වෙන්න තිබුණාලු‍.

 



අදහස් (0)

කොල්ලකුගේ කතාවක් ඇඟට අරන් පළාතේ ලොක්කෙක් පඹගාලක පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site