IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කෙල්ලන් තිදෙනෙකුට පුතා වහ වැටි අම්මා තාත්තා දෙන්නත් බඩගින්නේ

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන
සහනාධාර ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කර බැලීමට තම නිවෙසට පැමිණි රූමත්  තරුණියන් තිදෙනකුට වශීවී තම අසරණ මව්පියන්ගේ වැඩිහිටි දීමනාවත් සමෘද්ධි දීමනාවත් අහිමි කරගෙන කාර්යාල ගානේ ගොස් හඬා වැටෙන ගැටයකු ගැන අපූරු පුවතක් ගාල්ලේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
 සිද්ධිය මෙසේය.


 තම අසරණ මව හා පියා සමග කටුමැටි ගසන ලද නිවෙසක ජීවත් වූ කඩවසම් තරුණයකු වයෝවෘද්ධ මවුපියන්ට ලැබෙන වැඩිහිටි දීමනාවෙන් හා ඔවුන්ට ලැබෙන සමෘද්ධි දීමනාවෙන් ජීවත් වුවත් එය ඔවුන්ට වේලක් හැර වේලක් කෑමටවත්  ප්‍රමාණවත් නොවීය.
ඔවුන්ගේ අසරණකම නිසා ගමේ පිරිස් ද අඩුපාඩු සොයා බලා කෑම බීම ටිකක් මේ පවුලේ අයට දීමට තරම් කාරුණික වූයේ දෙමහල්ලන්ගේ ඇති ගුණ යහපත්කම නිසාමය.
  ගැටවර වියේ පසුවූ මෙම දෙමහල්ලන්ගේ අවිවාහක පුත්‍රයාට ස්ථිර රැකියාවක් නොතිබූ අතර ඔහු වාහන සේල් කරන ආයතනයක බ්‍රෝකර්වරයකු (තැරැව්කරුවකු) ලෙස කටයුතු කළේය. ඔහුට ඉන් ලැබුණේ සොච්චම්කි. ඇතැම් මාසවල සතයක හෝ  ආදායමක් නොලැබුණු අතර ඔහු ජීවත් වූයේ ද මව්පියන්ට රජයෙන් ලැබෙන ආධාරයෙන් උයා දෙන යමක් ගිල දැමීමෙනි. ඇතැම් මාසවල කීයක් හෝ ලැබුණ ද එය ඔහුගේ අවශ්‍යතාවලටවත් ප්‍රමාණවත් නොවීය.


  දුප්පත්කම තිබුණ ද ඔහු තම මිතුරන්ට ඇඟවූයේ තමා ධනවතෙකු ලෙසය. එමෙන්ම මනමාලකම ඉහ වහා ගිය මේ කොලු‍ ගැටයා රූමත් තරුණියන්ට බැල්ම හෙලුව ද කිසිම තරුණියක මොහු හා ඇඟෑලු‍ම් කම් නොදැක්වූයේ ඔහු ගැන හොඳහැටි දන්නා බැවිනි. 
 මේ අල්ල පනල්ලේ රූමත් යුවතියන් තිදෙනකු තම නිවසට එන අයුරු දුටු ඔහු පස්වනක් ප්‍රීතියෙන් නිවස තුළට දිව ගොස් හැඩ වැඩ වී එළියට පැමිණියේ සුපුරුදු මනමාල සිනහවකින් ද මුව සරසා ගනිමිනි.
 පසුව මේ සෙල්ලක්කාර වියේ පසුවන යුවතියන්ට ද ගැටයාගේ තරම තේරුම් ගිය බැවින් තමා පැමිණි කාරණය පැවසුවේ ඉඟි බිඟි පාමිනි. නිලධාරිනියන් වූ මෙම යුවතියෝ මොහු මුරුංග අත්තේ තබා පවුලේ ආදායම, වත්කම් ඇතුළු සියලු තොරතුරු විමසූහ. එවිට තරුණයා තම පවුලේ නිවැරැදි ආදායම ගැන පැවසීම මහත් මදිකමක් වේ යැයි සිතා  හිතට දිරිය ගෙන මනමාල බැල්මක් ද හෙළා  තමා ව්‍යාපාරිකයකු බවත් මාසික ආදායම ලක්ෂයකට වඩා වැඩි බවත් පැවසුවේ තරුණියන්ට ඉඟියක් ද කරමිනි.


 කෙසේ වුවද පසුගිය දිනවල අස්වැසුම ආධාර ලබාදෙන ලේඛන ප්‍රසිද්ධ කළ අතර එම පවුලේ නම් කැපී ගොස් තිබුණි. මේ ගැන ගමේ සියලු‍ දෙනාම මවිතයට පත් වී නිලධාරීන්ට දෙස් දෙවොල් තබන්නට වූ අතර මෙම තරුණයාට ද කළ වරදේ තරම තේරී හීන්දාඩිය දැම්මේය. 
පසුව සොයා බැලීමේ දී සිද්ධිය දැනගත් පිරිස් මේ ගැටයාට බැන වදින්නට වූයෙන් මාපියන්ගේ වැඩිහිටි ආධාර හා සමෘද්ධි ආධාරය නැවත  ලබා ගැනීම සඳහා කඳුළු සලමින් තැන තැන ඇවිදිනවාලු‍.
මේ වන විට ඔහු මහත් සේ ලජ්ජාවටත් වේදනාවටත් පත්ව ඇති අතර සිද්ධිය දන්නා අය මෝඩකමට බේත් නැතැයි විහිළු කරනවාලු‍.



අදහස් (0)

කෙල්ලන් තිදෙනෙකුට පුතා වහ වැටි අම්මා තාත්තා දෙන්නත් බඩගින්නේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 736 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 756 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1128 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9441 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 869 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 333 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site