තරුණයකුගේ ආදරවන්තිය ඔහු සමග අමනාප වූවාය. ඇයගේ චෝදනාව වූයේ ඔහුට තවත් ආදරවන්තියක් සිටින බවය. මේ අතර ඔහුට මුහුණු පොතේ වීඩියෝවක් දැකගත හැකිවිය. තමා හැරගිය අය ගෙන්වීමට, විභාග ජය ලබාදීම ඒ අතර විය. රූපවාහිනී නළු නිළියෝද ගුරු මෑණියන් ගැන වර්ණනා කළහ. තරුණයා දුරකථන අංකයකට කතා කළේය. ගුරු මෑණියන් ගෙන් පිළිතුරු ලැබිණි. ‘‘දරුවා පෙම්වතිය යාළුකරදීම සුළු දෙයක්. දෙන්නගේ පිංතූර දෙකයි උපන් දිනයි ඕනේ. ගාස්තුව රුපියල් පහළොස් දාහයි’’ ඇය පැවසුවාය.
තරුණයාද කොළඹ සිට මධ්‍යම පළාතට ගියේය. මුදල් ලබාගත් ගුරුමෑණියෝ නූලක් කරට දමා තඹ කොළයක් දී ‘සති දෙකකින් ගෑනු ළමයා ඔයා ළඟට එයි.’ කීවාය. මාසයක් ගතවිය. පෙම්වතිය නොපැමිණියාය. ඔහු නැවත ගුරු මෑණියන් දේවාලේදී හමුවිය.
‘‘බලගතු වශියක් කරන්න වෙනවා. ඒකට රුපියල් හතළිස් පන්දාහක් ඕනේ.’’ ඒ ගුරු මෑණියෝය.‘‘දැන්නම් සල්ලි නැහැ’’ තරුණයා පැවසීය. ‘එහෙනම් ගෙදර ගිහිල්ලා, හතළිස් පන්දාහක් මගේ ගිණුමට දාලා, මට කෝල් කරන්න. දැන් පඬුරක් තියලා යන්න.’’ ඇය පැවසුවාය.
ඔහු රුපියල් පන්සියයක් බුලත් කොළ මත තැබීය. ඔහුට තෙල් කුප්පියක් සහ මුහුදු වැලි ටිකක් ලැබිණි.‘‘වැලි ගෑනු ළමයාට පෑගෙන්න දාන්න. තෙල් ටිකක් එයා වාඩිවෙන තැනක ගාන්න. සල්ලි දාන්නෙ නැතිව මේවා කරන්න එපා. ප්‍රතිඵලයක් නැහැ.’’ මෑණියන් පැවසුවාය.
තරුණයාගේ කතාව ඇසූ මිතුරෙක් ‘‘උඹලට තියෙන්නේ තවම හණමිටි අදහස්. පිස්සුද ඔච්චර සල්ලි දෙන්න. මෝඩයෙක් වෙන්න එපා. මම උඹට කෙල්ලව යාළු කරලා දෙන්නම්’’ යැයි පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙල්ල යාළු කරල දෙන්න මෑණියෝ හැටදාහක් ඉල්ලලා